කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ.Sri Lanka Latest News
ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බව දැනගන්නට ඇත.
කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගනිමින් ජීවත්වූ කලාවැව ඇත් පරපුරේ අවසන් හස්තියා වූ දීඝදන්තු 1 ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට ආභරණයක් විය.
කලාවැවේ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා වූ දීඝදන්තු 1 හස්තියා කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින් වාසය කළේය.
විදෙස් සංචාරකයින් මෙම ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණියේ ද මෙම හැඩකාර හස්තියා සියැසින් දැක ගැනීමේ ආශාවෙනි.










