• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා අස්සේ ගෙදරදීම පෙරාගන්න බඩු ලංකාවට ඇවිත් (EXCLUSIVE)

May 31, 2020
in News, Politics
Reading Time: 8 mins read
A A
කොරෝනා අස්සේ ගෙදරදීම පෙරාගන්න බඩු ලංකාවට ඇවිත් (EXCLUSIVE)
Share on WhatsAppShare on Facebook

“වස විස නැති කසිප්පු නිවෙසේ සිටම හදාගනිමු”
“කසිප්පු නිවැරැදිව පෙරන්නේ කෙසේද?”
“ඇඳිරිය නිසා අරක්කු ගෙරදීම පෙරා ගනිමු”
“පලතුරු, යීස්ට්, සීනි දාලා අපේ අරක්කු අපිම හදාගනිමු”

පසුගිය කාලයේ කොරෝනා මාරයා තමන්ගේ දස්කම් පෙන්වමින් සිටින විටදී ඉහත අපූරු කතාන්දරද අසන්නට ලැබුණේ සයිබර් අවකාශයෙනි. එසේත් නැතිනම් ‘ඉන්ටර්නෙට්’ නොහොත් අන්තර්ජාලයෙන් මෙම වදන් වැකි ගලා එන්නට වූයේ පෙරහැරක් විලසිනි. මේවා දකින විට රටේ නීතියක් ඇතිදැයිද මිනිසුන්ට හිතෙන්නටද විය. කෙසේ වෙතත් එම කතා ඉතා රසවත්ව පළවන්නට වූ අතර, මිනිසුන් දහස් ගණනින් මේවා නරඹන්නටද විය. කොරෝනා නොව තවත් වසංගත දහයක් ආවත් සූර්වෙන මිනිසුන්ට ඒ වැඬේ කරන්නටම ඕනෑය. එහෙත් එයට මාස 2කට අධික කාලයක් වැටකඩුල්ල ගසා තැබුවේ රජය විසිනි. කොරෝනා කරුමය අස්සේ බීගෙන නාඩගම් නටන මිනිසුන්ට රජය විසින් එයට ඉඩ තැබුවේ නැත. එහෙත් මීවිත දේවත්වයෙන් සැලකූ සමහර මිනිසුන්ට පිස්සු වැටෙන්නට විය. තැබෑරුම් අරක්කු නැති තැන ඔවුහු දස අතේ විකල්ප සොයන්නට වූහ.

‘කසිප්පු හිතවතා’ වේදිකාවට එන්නේ මෙවන් මොහොතකදීය. කසිප්පු, කසියා, හැළි අරක්කු, සීනි කරිඤ්ඤං, සුදුවා යන අපූරු නාමයන් සියල්ලෙන්ම ආමන්ත්‍රණය කරන්නේ එකම කතාවකටය. එනම් රහසිගතව හොර මත්පැන් පෙරන ක්‍රියාවටය. පසුගිය මාස 02ක කොරෝනා ඇඳිරිය අස්සේ කසිප්පු පෙරන හැටි අන්තර්ජාලයෙන්ද ඉගැන්වූයේය. එයට අදාළ අපූරු කියුම් පමණක් නොව වීඩියෝ දර්ශනද බහුල වන්නට විය. මේවා අත්හදා බැලූ මිනිසුන්ද බොහෝය.
දශක ගණනාවක් පුරා සිරිලක ප්‍රකට කසිප්පුවලට කියන තවත් අපූරු නාමයන් කිහිපයක් වූයේ බොකුදිරාස්, වෙල් ජින් සහ නැටුම් තෙල්ය. ‘බොකුදිරාස්’ යැයි කීවේ මේ අපූරු පානය බොන්න, බොන්නටම ඒ පුද්ගලයන්ගේ බොකු බඩවැල් දිරාපත්ව යන හෙයිනි. ‘වෙල් ජින්’ යැයි කීවේ මේ පානය බොහෝ විට වෙල් ආශ්‍රිතව හොර රහසේ සඟවාගෙන නිෂ්පාදනය කරන හෙයිනි. ‘නැටුම් තෙල්’ යැයි ඉතාමත් මනහර ගමේ වදනක්ම භාවිතා කළේ මේ පානය බොන මිනිසා පසුව නටමින් මෙන් ඇවිදගෙන යන හෙයිනි. ‘වඳුරා’ යන වදනක්ද සමහරුන් භාවිතා කරති. එයට හේතුව වන්නේ මේ පානය ගිලදැමූ පසු වඳුරකුගේ ස්වරූපයට පත්වන බැව් ප්‍රකාශ කිරීමකි.

සැබෑ ලෙසම මෙම කතාන්දර හාස්‍යයක්ද එක්කරයි. කුමන ආකාරයකින් ගත්තද මද්‍යසාරය යනු මිනිසාට යහපතට වඩා හානියක් ගෙන දෙන නිපැයුමකි. පසුගිය කොරෝනා ඇඳිරි නීතිය පැවැති මාස 02ක කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වය අතිශය බියකරු විය. ජීවිතයට සිහිනෙකින්වත් කසිප්පු පානය නොකරන්නේ යැයි සිතූ මිනිසුන් මෙම විස පානය ගිල දමන්නට විය. එසේ වූයේ නීතිගත අරක්කු (මද්‍යසාර) වෙළෙඳාම එම මාස 02 තුළ තදබල ලෙස තහනමට ලක්කර තිබූ හෙයිනි. මේ තත්ත්වය යටතේ අනවසර ලෙස මද්‍යසාරය නිපදවීම සියයට හාරසිය ගුණයකින් (400%) ඉහළ ගිය බව පසුගියදා නිකුත් කෙරුණු රාජ්‍ය දත්ත පෙන්වා දී තිබිණි. මෙය අතිශයම භයංකාර ලෙස ඉහළ යෑමක් වූ අතර, එම සමයේ විෂ මත්පැන් පානය කළ පිරිසද ඒ හා සමානවම ඉහළ ගියේය. එකල නිරන්තරයෙන්ම රූපවාහිනියෙන් දක්නට ලැබුණේ අනවසර ලෙස මත්පැන් පෙරන ස්ථාන පොලිසිය විසින් වටලන ආකාරයය.
මිනිසාට මද්‍යසාර පරිභෝජනය පුරුදු වූයේ මෙයට වසර දහස් ගණනකට පෙර සිටය. ඒ ගැන නිශ්චිත කාලවකවානුවක් සඳහන්ව නැත. මේ වන විට ලෝකයේ සෑම රටකම පාහේ අවසර ලත් මද්‍යසාර විකිණීම මෙන්ම අනවසර ලෙස මද්‍යසාරය නිෂ්පාදනය කර විකිණීමද සිදුවෙයි. අත් පා කපා, බෙලි ගසා දමන අතිශය දරුණු මද්‍යසාර නීති රීති තිබෙන සවුදි අරාබියේ පවා හොර මත්පැන් නිෂ්පාදනය කරයි. ඒවා රහසිගතව පානය කරන පිරිස්ද බොහෝය. මේ ආකාරයට උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වාම මේ පානයට ඇබ්බැහි වූවන්ගේ අඩුවක් නැත.
අප අද කතා කරන්නට යන්නේ අවසර ලත් මත්පැන් ගැන නොව අවසර නොලත් මත්පැන් ගැනය. තවත් ආකාරයකින් කිවහොත් කසිප්පු පවුලේ මත්පැන් ගැනය. 17 වැනි සියවසේදී ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල අනවසර ලෙස මත්පැන් නිපදවන්නට විය. ඒ නිසාම මෙම අනවසර මත්පැන්වලට ඇමෙරිකාවෙන්ම බිහිවූ අපූරු නමක්ද ඇති අතර, එය ‘මූන්ෂයින්’ moonshine ලෙස නම් කෙරිණි. මෙහි සිංහල අරුත ‘හඳ එළිය’ යන්නය. මෙවැනි නාමයක් තබන්නට හේතු වූයේ මෙසේ නිපදවනු ලබන මත්පැන් ‘හඳ එළිය’ මෙන් පැහැදිලි ද්‍රාවණයක් යැයි අර්ථවත් කිරීම උදෙසාය. මෙලෙස පෙරාගනු ලබන මද්‍යසාරය වර්ණයක් නොමැති ‘පාරදෘශ්‍ය’ ස්වරූපයක් ගැනීම එයට හේතු විය. මේ ආකාරයට ලොව වටා රටවල් රාශියකදී මෙම ‘මූන් ෂයින්’ නොහොත් ‘හඳ එළිය’ මත්පැන් අතිශය ජනප්‍රිය වන්නට විය.
මේ ආකාරයට බලන කල ශ්‍රී ලංකාවේ කසිප්පුවලටත් ‘මූන් ෂයින්’ නම තැබිය හැකිය. ශ්‍රී ලංකාවට නම් මෙය විටෙක අදාළ වන්නේ හඳ එළියේ තබාගෙන පෙරන මද්‍යසාරයක් යැයි කෙනකුට සිතන්නට වන ඇති ඉඩකඩ වැඩි හෙයිනි. ශ්‍රී ලංකාවේ කසිප්පු හඳ එළිය මෙන් පැහැදිලි නැත. ඒවා එක් එක් ළා පාට වර්ණයන්ගෙන් දිස්වෙයි. රට රටවල කසිප්පු වර්ණයක් නොමැතිව පාරදෘශ්‍ය හැඩ රුවකින් පෙනෙන්නේ ඒවා පෙරා ගැනීම සඳහා පිරිසුදු ධාන්‍ය වර්ග සහ පලතුරු වර්ග භාවිතා කරන හෙයිනි. එහෙත් බොහෝ විට ශ්‍රී ලංකාවේ කසිප්පු පෙරීම සඳහා යූරියා පොහොර, සිමෙන්ති සහ කටුකම්බිද භාවිතා කෙරේ. ඒ අමුද්‍රව්‍යවලට අමතරව පරිසරයෙන් අමුද්‍රව්‍ය ලෙස එහි පතිත වන්නේ හූනන්, කටුස්සන්, හිකනලුන් මෙන්ම වෙනත් සර්ප පැටවුන්ද වෙයි. අපේ රටේ කසිප්පු පෙරන මිනිසුන්ට ධාන්‍ය වර්ග හෝ පලතුරු වර්ග සිහිනයක් පමණි. කසිප්පු පෙරා ගැනීම සඳහා ඔවුන් නිරන්තරයෙන්ම භාවිතා කරන්නේ යූරියා, සිමෙන්ති සහ කටුකම්බිය. මෙය අතිශය බියකරු තත්ත්වයක් වන අතර, මෙම කසිප්පු යන මත්පැන් ශරීරයට මාරාන්තික විසක් ඇති කරන්නේ ඒ හෙයිනි.

අද වර්තමානයේ ලොව බොහෝ රටවලද මෙලෙස අනවසර ලෙස මත්පැන් නිෂ්පාදනය කර ගැනීම නීති විරෝධී කාර්යයකි. එහෙත් නිදසුනක් ලෙස ඇමෙරිකාව ගත්කල මත්පැන් පෙරීම නීති විරෝධී වුවද එම රටේ බොහෝ නිවාසවලම තමන්ට අවශ්‍ය මත්පැන් පෙරා ගැනීම සිදුකරනු ලබයි. මේ සඳහා භාවිතා කරනු ලබන ‘ආසවන’ යන්ත්‍ර නොහොත් පෙරන යන්ත්‍ර distillers ඔවුනට වෙළෙඳ පොළෙන් මිලදී ගත හැක. මෙවැනි ආසවන යන්ත්‍ර නොහොත් ‘ඩිස්ටිලර්ස්’ තනිකරම සුදු යකඩ ලෝහය භාවිතා කරන නිපදවා ඇත. එසේම ඒවා නිසි තාක්ෂණයෙන් යුක්ත අතර, ප්‍රමිතියෙන්ද ඉහළය. මෙම යන්ත්‍ර කිසිදු බාධාවකින් තොරව වෙළෙඳ පොළෙන් මිලදීගත හැකි අතර, ඒවායෙහි ධාරිතාවට අනුව මිල නියම කෙරෙයි. බොහෝ විට ඇමෙරිකානු ඩොලර් 150 සිට 350 පමණ (රුපියල් 27,750 සිට 64,750) වන මිල ගණන්වලට මෙම උපකරණ විකිණෙයි. මේවා කිසිවක් මහා පරිමාණ යන්ත්‍ර නොවන අතර, නිවෙසක පමණක් භාවිතා කරනු ලබන ගෘහස්ථ උපකරණ වෙයි. නිවෙසක භාවිතයට අවශ්‍ය වන ප්‍රමාණයේ මත්පැන් ධාරිතාවක් ඒ මඟින් නිපදවා ගත හැකිය.
බටහිර රටවල සෑම අවස්ථාවකදීම පාහේ මෙලෙස තම නිවෙස්වලම මද්‍යසාරය නිපදවාගනු ලබන්නේ ඉතාමත් උසස් ගණයේ අමුද්‍රව්‍ය භාවිතා කරමිනි. එනම් සහල් ඇතුළු විවිධ ධාන්‍ය වර්ග මෙන්ම ඇපල්, මිදි ඇතුළු විවිධ පලතුරු වර්ගද භාවිතා කරයි. මේ මඟින් නිපදවෙන මද්‍යසාරය ඉතාමත් පිරිසිදු, ආරක්ෂාකාරී ද්‍රාවණයක් වෙයි. එනම් වෛද්‍ය පර්යේෂකයන් පවසා සිටින්නේ මෙලෙස නිපදවා ගන්නා මද්‍යසාරය වෙළෙඳපොළේ විකිණීමට තබා තිබෙන මද්‍යසාරයට වඩා දස ගුණයක් ආරක්ෂාකාරී බැව්ය. එසේම පිරිසුදුභාවයෙන් ඉතා ඉහළය. මෙලෙස අද ලෝකයේ රටවල් රාශියකද මෙම උපකරණ භාවිතයෙන් ‘මූන් ෂයින්’ මද්‍යසාරය නිපදවා ගනිති. තවද වෙළෙඳ පොළේදී වියදම් කරනු ලබන මුදලට වඩා ඉතා අඩු මුදලක් මෙම මත්පැන් සාදා ගැනීම සඳහා වැය වෙයි.
මෙම ‘ඩිස්ටිලර්’ නොහොත් මද්‍යසාර ආසවන යන්ත්‍ර අන්තර්ජාලය හරහාද විකිණීම සිදුකරනු ලබයි. එහෙත් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට මෙම උපකරණ එසේ මිලදී ගැනීමට නොහැකි අතර, එය අතිශය නීති විරෝධී කාර්යයකි. විදෙස් රටක සිට මෙම උපකරණ ඇණවුම් කළද, එම භාණ්ඩ ශ්‍රී ලංකාවට පැමිණි පසුව පරීක්ෂාවට ලක්කරන හෙයින් එය තහනමට ලක්වන අතර, එසේ ඇණවුම් කළ පුද්ගලයා නීතිමය දඬුවමකටද ලක්වෙයි. දැනට වසර 25කට අධික කාලයක් ඇමෙරිකාවේ ජීවත්වන හිතවත් ශ්‍රී ලාංකිකයකු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ මෙම කොරෝනා ඇඳිරියට හසුවිය. ඔහු මා සමඟ ප්‍රකාශ කර සිටියේ කුඩා ප්‍රමාණයේ මද්‍යසාර ආසවන යන්ත්‍රයක් තමන් සතුව තිබෙන බවත්, ඒ මඟින් අවශ්‍ය මත්පැන් බොහෝ පිරිසුදුව, ආරක්ෂාකාරීව පෙරාගන්නා බවත්ය.
ලොව වටා බොහෝ රටවල්වල භාවිතා කරනු ලබන එවැනි ගෘහස්ථ මද්‍යසාර ආසවන යන්ත්‍රයක් ගැන මෙහි කරුණු ලියා තැබුවේ ඒ ගැන වර්ණනා කරන්නට හෝ එවැන්නක් ඔබ විසින් භාවිතා කරන්නට පෙලඹවීමට හෝ නොවේ. මෙම විශ්වනීය කරුණු ගැන අප දැනගත යුතු වන්නේ පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාව තුළ හොර රහසේ මත්පැන් (කසිප්පු) පෙරීමට භාවිත කරන ලද කර්කශ උපකරණ හා මාරක විෂ ඇති අමුද්‍රව්‍ය ගැන දසුන් දුටු විටය. පසුගිය 2019 වසරේ අගෝස්තු මාසයේදී මීරිගම, බාඳුරාගොඩ ප්‍රදේශයේදී විෂ සහිත කසිප්පු පානය කිරීමෙන් පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් 25ක් පමණ අසාධ්‍ය රෝගී තත්ත්වයන්ට ගොදුරු විය. මෙය ඉතාමත් බියකරු එමෙන්ම අතිශය ශෝචනීය සිදුවීමක් විය. යූරියා සහ සිමෙන්ති ආදී ද්‍රව්‍යවලින් මෙම කසිප්පු නිපදවා තිබිණි. එසේම එයට තවත් දරුණු විෂ වර්ගයක්ද කලවම් වී තිබිණි. සමහර විට මෙම ගෝඩා බැරල්වලට විවිධ සත්ව විශේෂයන් වැටෙන හෙයින් එහිදී හිකනලුන් සහ සර්පයන් වැටුනහොත් එය අතිශ්‍ය විෂ තත්ත්වයට පත්වෙයි. පසුගිය කොරෝනා ඇඳිරිය මැද පෙරන ලද සියලුම කසිප්පු තොගද විෂ සහිත ඒවා විය.

මත්පැන් සහ සෞඛ්‍ය ආශ්‍රිත කරගෙන 2018 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කළ ගෝලීය වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල මත්පැන් භාවිතය සියයට 95ක් දක්වා ඉහළ ගොස් ඇති බැව් ප්‍රකාශ වෙයි. එසේම එයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතයට අලුතෙන් එක්වන්නන් සියයට 10.4කින් ඉහළ යෑමය. ශ්‍රී ලංකාවේ අවුරුදු 15ට ඉහළ පිරිමි පිරිස් මෙසේ මත්පැනට ගොදුරු වී ඇති බැව් වාර්තාව පෙන්වා දෙයි. එනම් වයස අවුරුදු 15-70 අතර පිරිමි සියයට 48.5ක ප්‍රතිශතයක් මෙසේ මත්පැනට යොමුවී ඇති අතර ඉන් 55%ක් භාවිතා කරන්නේ සැර අධික මත්පැන්ය. මෙම පිරිමි ප්‍රතිශතයෙන් 23%ක් පමණ කසිප්පු පානය කරන අතර, 17%ක් පමණ රා වර්ග පානය කරති. ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතා කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය 4%ක පමණ අවම අගයක් ගනියි. මද්‍යසාර භාවිතා කරන බොහෝ කාන්තාවන් වාසය කරන්නේ වතුකරයේ ප්‍රදේශවලය. ඒ අතරම ලෝකයේ මත්පැන් භාවිතා කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව 08 වැනි ස්ථානයේ සිටීමද ඉතා කනගාටුවට කරුණකි.
පසුගිය කොරෝනා ඇඳිරිය අතරේ හොර මත්පැන් (කසිප්පු) පෙරන ලද පුද්ගලයන් 600ක් පමණ අත්අඩංගුවට ගත් බැව් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිල කුමාරසිංහ මහතා පවසා සිටියේය. විශේෂ වැටලීම් ඒකක පහක් ඒ සඳහා යොදවා තිබුණු අතර, පොලිසියේ මෙහෙයවීමෙන්ද එම වැටලීම් සිදුකළේය. පසුගිය මාස 02ක කාලය තුළ අවසරලත් මත්පැන් වෙළෙඳාම තහනම් කෙරී තිබුණු හෙයින්, රජයට සිදුවූ සුරාබදු පාඩුව රුපියල් කෝටි 2200ක් බැව්ද රජයේ නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ලෝකයේ බොහෝ රටවල අනවසර ලෙස මත්පැන් නිෂ්පාදනය නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් බටහිර රටවල් රැසකම මිනිසුන් තමන්ට අවශ්‍ය මත්පැන් ප්‍රමාණය පමණක් තමන්ගේ නිවෙස් තුළම ඉතාම පිරිසුදුව සහ ආරක්ෂාකාරීව නිපදවා ගනියි. ඒ සඳහා ඔවුන් ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කෙරුණු ගෘහස්ථ ආසවන යන්ත්‍ර භාවිතා කරයි. මෙම යන්ත්‍ර ඉතා පහසුවෙන් වෙළෙඳපොළින් මිලදී ගැනීමටද හැකිය. එම රටවල මේවා භාවිතයේදී කිසිදු විටෙක නීතිය හරස් වන්නේ නැත. ඒ රටවල මිනිස්සු තමන්ට අවශ්‍ය මත්පැන් ප්‍රමාණය හදාගන්නවා හැරෙන්නට එය මහා පරිමාණයෙන් සාදා විකුණන්නට යන්නේ නැත. ශ්‍රී ලංකාවේ හඳ එළියේත්, පිටරට හඳ එළියේත් වෙනස එයයි.

ලෝකයේ විවිධ රටවල මෙසේ නිෂ්පාදනය කෙරෙන අනවසර මත්පැන්වලට තබා ඇති නම් විවිධාකාරය. එසේම එය රසවත්
වගතුගක්ද වෙයි. එය සොයා බලමු.
ශ්‍රී ලංකාව – කසිප්පු – Kasippu
ඉන්දියාව – දේසිදාරු -Desidaru
ඇමෙරිකාව – මූන්ෂයින් – Moonshine
ඇෆ්ගනිස්තානය – සාර්බාලි – Zarbali
ඕස්ටේ්‍රලියාව – ග්‍රැප්පා – Gappa
කැනඩාව – ස්ක්‍රීච් -Screech
එංගලන්තය – මූන් ෂයින් – Moonshine
ප්‍රංශය – ඊයූඩිවී -Eau de Vie
ජර්මනිය – ශ්වාෂෙග්බ්‍රැන්ටර් – Schwarzgbranter
අයිස්ලන්තය – ලැන්දි – Landi
ඉන්දුනීසියාව – අරක්කු -Arakku
ඉරානය – අරාක් -Arak
මැලේසියාව සරවක් -Sarawak
පාකිස්තානය – හන්සා -Hunza
රුසියාව – සැමගන් -Samogon
සවුදි අරාබිය – සිදිකි -Sidiki

අහුවුණොත් අවුරුද්දක් හිරේ -කපිල කුමාරසිංහ-නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්

මෙවැනි භාණ්ඩ කිසිවක් ලංකාවට ගෙන ඒම නීතියෙන් තහනම්. තහනම් මත්පැන් පෙරළා අසුවුණොත් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක දඩයක් හෝ අවුරුද්දක සිර දඬුවමකට ලක්වෙන්න සිද්ධ වෙනවා. ඇතැම් පිටරටවල මෙවැනි භාණ්ඩ විකුණන්න පුළුවන් වුණාට ලංකාවෙ විකුණන්න බෑ. ඒවා ගෙන ඒමත් තහනම්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා එවැනි භාණ්ඩ යමෙකු සතුව තිබෙනවා නම් අපව දැනුවත් කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරන්න සූදානම්.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහින්දට එරෙහිව රතන හිමි පත්තු කරපු දේශපාලන බෝම්බය… (රාජ්‍ය රහස්)

Next Post

ලෝකයේ රටවල් එයාර්පෝර්ට් අරින දින මෙන්න

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.