• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දට එරෙහිව රතන හිමි පත්තු කරපු දේශපාලන බෝම්බය… (රාජ්‍ය රහස්)

May 31, 2020
in Exclusive, Uncategorized
Reading Time: 11 mins read
A A
මහින්දට එරෙහිව රතන හිමි පත්තු කරපු දේශපාලන බෝම්බය… (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

‘ඊයේ අතන, අද මෙතැන, හෙට කොතැන, හිමි රතන…’

මේ පහුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලවල බොහෝ ප්‍රසිද්ධියට පත්වුණු දේශපාලන වචන කිහිපයකි. මේ පද කිහිපයෙන් කියැවෙන්නේ ඊයේ එක් දේශපාලන කඳවුරකත්, අද තවත් දේශපාලන කඳවුරකත්, හෙට තවත් දේශපාලන කඳවුරකත් වශයෙන් රතන හිමියන් දේශපාලනය කරමින් සිටින බවකි. වචනවල අර්ථයෙන් ගතහොත් රතන හිමිගේ දේශපාලනය හාස්‍යයට ලක් කරමින් මෙම දේශපාලන පද කිහිපය රචනා වී තිබුණද රතන හිමියන්ගේ දේශපාලන කියැවීමේ යථාර්ථවාදී බවද මේ කවිය තුළම සැඟව තිබෙන ආකාරයක් දැකගන්නට පුළුවන. නැතහොත් දේශපාලන සුළං හමන දිශාව, දේශපාලන නාඩි වැටෙන රටාව රතන හිමියන්ට කල්තියාම හඳුනා ගැනීමේ හැකියාව ඇති බව මේ කවියේ සැඟවුණු අර්ථය ලෙස ගත හැකිය.

දේශපාලන නාඩිය හරියටම කියවමින් මහින්ද ළගට

රතන හිමියන්ගේ මේ දේශපාලන නාඩි වැටෙන රටාව හඳුනා ගැනීමේ දේශපාලන ඉව අද ඊයේ ඇති වූවක් නොව උන්වහන්සේගේ දේශපාලනය ආරම්භයේ සිටම දැකගැනීමට ඇති දෙයකි. ගංගොඩවිල සෝම හිමියන් විසින් ඇති කළ බෞද්ධ පුනරුදයේ රැල්ල හරහා රතන හිමියන් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ජාතික හෙළ උරුමයෙනි. 2005 ජනාධිපතිවරණයේදී උන්වහන්සේ සිටගත්තේ මහින්ද රාජපක්‍ෂ රටේ ජනාධිපතිවරයා බවට පත් කළ යුතු බවට වූ දේශපාලන මතයේය. ඒ වෙනුවෙන් රතන හිමියන් ඇතුළු ජාතිකවාදී චින්තනයෙන් යුත් දේශපාලන කඳවුර රට ඇතුළේ මතය හැදීමටද පියවර ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ සියලු ජනමත විමසුම්වලින් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනු ඇති බවට ප්‍රතිඵල ලබාදී තිබියදී ඒ සියල්ල උඩු යටිකුරු කරමින් ලක්‍ෂ 2කට අඩු වැඩි ඡන්ද ප්‍රමාණයකින් මහින්ද ජයග්‍රහණය කිරීමය.

යුද්ධයට පසුබිම හැදීම

ඉන් අනතුරුව යුද්ධය ජයගත නොහැකි බවට විශාල මතයක් රට තුළ පැළපදියම් වී තිබුණද ඒ මතය බිඳ දැමීමට 2005 සිටම රට ඇතුළේ විශාල මතයක් හැදුවේ චම්පික – රතන හිමි ඇතුළු කණ්ඩායමය. මේ පිරිස එදා කියා සිටියේ ත්‍රස්තවාදියකු වන ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ මිනීමරු කොටි සංවිධානය යුදමය ප්‍රවේශයක් හරහාම පරාජය කළ යුතු යැයි කියාය. රතන හිමියන්ගේ මේ ස්ථාවරය තහවුරු කිරීමට අවශ්‍ය පසුබිම මාවිල්ආරු සොරොව්ව වසා දැමීම හරහා ප්‍රභාකරන් විසින්ම සකස් කර දෙනු ලැබ තිබිණි. ඒ අනුව සොරොව්ව විවෘත කර නැඟෙනහිර ජනතාවට ජලය ලබා දිය යුතු බවත්, ප්‍රභාකරන්ව විනාශ කළ යුතු බවත් කියමින් එදා රතන හිමියන්, චම්පික ඇතුළු කණ්ඩායම මාවිල්ආරු ප්‍රදේශයට පවා ගොස් උද්ඝෝෂණය කළහ. යුද ජයග්‍රහණය සඳහා අවශ්‍ය පසුබිම සකස් වූයේ ඒ ආකාරයටය.

ෆොන්සේකාට එරෙහිව

ඉන් අනතුරුව 2010 ජනාධිපතිවරණයේදී යුද ජයග්‍රහණයේ වීරයා වූ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මහින්දට එරෙහිව ජනාධිපතිවරණයට පිවිසෙද්දී බොහෝ දෙනා කීවේ මහින්ද පරාජයට පත්කර ෆොන්සේකා ජයගනු ඇතැයි කියාය. මතුපිට බහුතරය එසේ කීවද දේශපාලන සුළං හමන දිශාව සහ දේශපාලනයේ නාඩි වැටෙන රටාව හොඳින් දැනගෙන සිටි රතන හිමියන් ඒ වෙලාවේ සිට ගත්තේ යුද ජයග්‍රහණයට භූමියේ නායකත්වය දුන් ෆොන්සේකා සමඟ නොව යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය දුන් මහින්ද සමඟය. රතන හිමියන්ගේ දේශපාලන දැක්ම ඒ අවස්ථාවේදීත් ජයග්‍රහණය කළේ ෆොන්සේකා වැඩි ඡන්ද ලක්‍ෂ 18කින් පරාජයට පත්කරමින් ජයග්‍රහණය කිරිමට මහින්දට හැකි වීමත් සමගය.

මහින්දගෙන් ගැලවී මෛත්‍රී ළගට

නමුත් 2010න් පසු රට ඇතුළේ දේශපාලන පරිවර්තනයක් කිසිවකුටත් නොදැනෙන්නට සිදුවෙමින් පවතින බව උන්වහන්සේගේ දේශපාලන විඥානයට වැටහී ගොස් තිබිණි. ඒ අනුව වසර දහයක් පුරා මහින්දත් සමඟ එකට දේශපාලනය කොට මහින්දගේ පිලෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ රතන හිමි 2015 ජනාධිපතිවරණය වෙලාවේ සිටගත්තේ මහින්දගේ පිලේ නොව මහින්දගේ පක්‍ෂයේ මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේන සමඟය. දේශපාලන පෞරුෂය, හැකියාව, දැක්ම යනාදී සියල්ල අතින් ගත් කල මහින්දගේ අහලකින්වත් මෛත්‍රිපාල තියන්නට බැරි වුවද, දෙදෙනා අතර අහසට පොළොව මෙන් වෙනස්කම් පැවතුණද 2015 වන විට රාජපක්‍ෂවරුන්ට එරෙහිව නොපෙනෙන විරෝධයක් රට ඇතුළේ පවතින බව රතන හිමියන්ගේ දේශපාලන විඥානයට ඉව වැටී තිබිණි. සියල්ලන්ම මෛත්‍රිපාල පරාජයට පත්වන බව කියා සිටියත් රතන හිමියන්ගේ දේශපාලන නාඩියට දැනුනේ මහින්ද පරාජයට පත්වන බවකි. ඒ අනුව 2015 රතන හිමි සිටගත්තේ මෛත්‍රිපාලගේ දේශපාලන කඳවුරේය.

මෛත්‍රීගෙන් එජාපයට

නමුත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු රතන හිමි මෛත්‍රිපාලගේ ශ්‍රී ල.නි.ප.ය සමඟ සිටගත්තේ නැත. මොකද මෛත්‍රිපාල ජයග්‍රහණය කළද හයිය ඇත්තේ එජාපය තුළ බව රතන හිමි දැන සිටියේය. ඒ අනුව 2015 මහ මැතිවරණයේදී රතන හිමි පාර්ලිමේන්තු එන්නේ එජාපයේ ජාතික ලැයිස්තුවෙනි. එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ පළමු සහ එකම හිමි නම වන්නේද රතන හිමියන්ය.

ආයෙත් රාජපක්ෂ කදවුරටම

කෙසේ වෙතත් මෛත්‍රිපාල ජයග්‍රහණය කළද මෛත්‍රිපාලගේ සැබෑ චරිතය හඳුනා ගැනීමට රතන හිමියන්ගේ දේශපාලන ඉවට වැඩිකල් ගියේ නැත. සිංහ වෙස් පොරවාගෙන සිටියද මෛත්‍රීපාල ඇතුළත සිටින්නේ වැඩ බැරි පුහු දේශපාලන බැටලුවකු බව වටහා ගත් රතන හිමියන් එතැන් සිට සිය දේශපාලන ගමන්මග නැවැතත් වෙනස් කරමින් ගෝඨාභය දේශපාලන කරළියට ගෙන ඒමේ මෙහෙයුමට අත තබන්නේ එජාපය ඇතුළේද ඒ වන විට අර්බුද ගණනාවක් මතුව පැවැතීම නිසාය. ඒ වන විට ගෝඨාභය සිය ඇමෙරිකානු පුරවැසිභාවය පවා අත්හැරීමේ ලියකියවිලි භාර දී නොතිබුණද රටේ දේශපාලන සුළං හමන දිශාව කුමක්ද යන්න රතන හිමියන් වටහාගෙන සිටීම ඊට හේතුව විය. ඒ අනුව මෙවරද රතන හිමියන්ගේ දේශපාලන නාඩිය තිතටම වැඩ කළේය. එජාප අපේක්‍ෂකයා වූ සජිත් පරදා ගෝඨාභය වැඩි ඡන්ද ලක්‍ෂ 14කින් ජයග්‍රහණය කළේය.
ඒ අනුව බොහෝ දෙනා සිතුවේ රතන හිමි නැවැතත් රාජපක්‍ෂවරුන් සමග එක්ව 2005 සිට කළාක් මෙන් දේශපාලනය කරනු ඇතැයි කියාය. නමුත් රතන හිමියන්ගේ දේශපාලන කියැවීම එහිදී තරමක් වෙනස්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. රතන හිමියන්ගේ ස්ථාවරය වී තිබුණේ ගෝඨාභය ජනාධිපති වීමෙන් පසුව ගෝඨාභයට රට කරගෙන යෑමට ඉඩදී මහින්ද දේශපාලනයෙන් ඉවත් විය යුතු යැයි කියාය. එය ආරම්භයේදීම රතන හිමියන් විසින් ප්‍රසිද්ධියේම සඳහන් කිරීමටද පියවර ගනු ලැබ තිබිණි.
කෙසේ වෙතත් රතන හිමියන් ඉන් නැවැතුණේ නැත. පසුගිය සතියේ රතන හිමියන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහින්දගේ දේශපාලනයට එරෙහිව ප්‍රබල අදහස් දැක්වීමක නිරත වීමට පියවර ගෙන තිබිණ.

මහින්දට විරුද්ධව දැඩි ලිපියක්

‘ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට වැඩ කරන්න ඉඩ දී මහින්ද සහ හොරු හතළිහ නවත්වමුද?’ යන හිසින් යුතුව පළ කළ තිබූ එම ලිපිය මෙසේය.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට වැඩ කරන්න ඉඩදී මහින්ද සහ හොර හතළිහ නවත්වමුද?
මහින්ද රාජපක්ෂ තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය සැපයූ බව සැබෑය. එයට සැමදා කෘතඥ විය යුතුය. නමුදු එසේ කියා ඔහුගේ ජඩකම් ඉවසිය යුතු නොවේය.
මහින්ද රජපක්ෂ මහතා යුද්ධ කිරීමට පොරොන්දු නොදුන් බව අතීතය මැනවින් දත් අය වෙත පැහැදිලිය. සටන් විරාම ගිවිසුම රැකීමට ප්‍රතිඥා දුන් ඔහු අප ම්ලේච්ජ ත්‍රස්තවාදය අවසන් කිරීමට තල්ලු කරවූයේ මහත් ආයාසයෙනි. මා මාවිල්ලාරු ගිය පසු එයට මහින්දගේ ලැබුණ දුරකථන පණිවිඩය වුයේ කුමක්ද? සැබවින්ම එය රට යුද්ධයකට තල්ලු කරන්නට එපා යන ආයාචනයයි.
ඉන්පසු එළැඹි යුගයේ ඔහු ත්‍රස්තවාදයට එරෙහිව අභීතව කටයුතු කළ බව සැබෑය. අප නැගූ මතවාදය, දේශපාලන මැදිහත් වීම නොවන්නට මහින්ද රාජපක්ෂ යුද්ධ කරයිද යන්න ඔහු විසින් හෘදයෙන් අසා ගත යුතුය.
යුද්ධයේ නිමාවෙන් පසු මහින්ද රාජපක්ෂ අතිශය කීර්තියට පත්විය. ජනාදරයෙන් මුසපත් ඔහු ක්‍රමයෙන් පරිහානියට පත් වුයේ කෙසේ ද? අතුරලියේ රතන හිමි අරහං ඇයි?
බදුර්දීන්ට අක්කර දස දහස් ගණනින් විල්පත්තුවේ රක්ෂිත විවර වන්නේ මහින්දගේ යුගයේය. හිස්බුල්ලා සරසවියට මඩකලපුවේ ඉඩම් හිමිවන්නේ එම යුගයේය. කූරගල, දෙවනගල බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙද්දී මහින්ද රාජපක්ෂගේ සිංහල කමට කුමක් වී තිබුණීද?
අපි හඬ නැගුවෙමු! ඉල්ලීම කළෙමු! බෑගැපත් වුණෙමු! නිවැරදි වන්නට අවස්ථාව හා යෝජනා ඉදිරිපත් කළෙමු. ඔහු අප හඬට කන් දුන්නාද? එමෙන්ම දූෂණය නාස්තිය ඉහවහා ගිය කලෙක තවත් යුද්ධයේ නාමයෙන් ඉවසීම් කළ හැකිද?
සැබෑවට මහින්ද රාජපක්ෂ බලයේ වූයේ නම් සහරාන්ගේ බෝම්බ පුපුරන්නේ නැත. එය සැබෑවකි. විල්පත්තුව කපන්නට දෙන විට, මඩකලපුව ඉඩම් ලැබෙන විට, කින්නියාවට ලංකාවේ විශාලම පාලම ලැබෙන විට, මුස්ලිම් ඇමතිවරුනට සුර සැප ලැබෙද්දී කුමකුට ද බෝම්බ? පසුකාලීනව යුද බිමට ගිය අපට වැඩියෙන් මහින්දට උස් වූයේ හිස්බුල්ලා, බදුර්දීන්ය.
‘මතට තිත‘ ව්‍යාපෘතිය මා සිදු කරද්දි මහින්දට වටිනාකමක් වූයේ තැබෑරුම්කරුවන්ය. මත්ද්‍රව්‍ය අලෙවි කරන ඇමතිවරුන්ය. එවිට නිවටයන් සේ අප සිටිය යුතුද?
සහාරාන්ගේ බෝම්බය පුපුරන්නේ ඇමරිකානු හමුදා ආරක්ෂාව පතා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ස්ථාපිත කරවීමටය. කෙසේ හෝ සහරාන්ගේ බෝම්බය පුපුරා නොයන්නට බදුරුදීන්ලා අදටත් ඇමතිවරුන් බව නොරසකි. සිංහල ජන්දයකින් ජනාධිපතිවරයෙක් පත් කරගත නොහැකි යන මිත්‍යාවෙන් ඔවුන්ට දොල පිදේනි පුද නොදෙන්නේද? මාගේ උපවාසය අවසන් වන විට සියළු මුස්ලිම් දේශපාලකයන් එක පිළක් විය. මා හට චෝදනා එල්ලවන්නට වූයේ මුස්ලිම් ජාතිය සමගි කළා යනුවෙනි. නමුදු මා විසින් සිදු කරවූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීම දක්වාම සිංහල ජාතිය සමගි කරවීමයි.
හෙටද මාගේ කාර්යභාරත්වය තෝරා බේරා ගැනීම පහසු වනු නොමැත. කෙසේ හෝ අභිප්‍රාය මෙතෙක් ආණ්ඩු කේවල් කළ මුස්ලිම් ඇමතිවරුන් සතු වූ බලය ජාතියට දිනා දීමය.
මහානායක හිමිවරුන් ගෝඨාභය රාජපක්ෂ දිනවන්න යැයි ජාතියෙන් ඉල්ලා නොසිටි බව නොරහසකි. එය එසේ විය යුතුද නොවේ. භික්ෂූන් දේශපාලනය කළ යුතු නොවේ. නමුදු අසරණ මව්වරුන් දහස් ගණනක් වන්ද්‍යාභාවයට ලක් කර සිංහල ජාතිය සංහාරයට ලක්කරන විට අපට නිහඬව සිටීම තරම් නොවේ.
අපේ ජනතාවට වස විස කවද්දි නිහඬව සිටිය යුතුද? පරිසරය වනසද්දී නිහඬව සිටිය යුතුද? අභීත දක්ෂ ජනාධිපතිවරයෙක් පත් කළ පමණින් අපට නිහඬව බලා සිටීමට පසුබිමක් තිබේද?
මදක් සිතා බලන්න.
ෂරියා නීතිය අහෝසිද? කාති උසාවි තහනම්ද? මද්‍රසා පාසල් තහනම්ද? එක නීතියක් එක රටක් ක්‍රියාත්මකද?
හිස්බුල්ලාගේ කෝටී 900ක අන්තවාදී අයථා මුදල් නඩුව එක වරක් හෝ විභාගයට ගැණුනිද? මා විසින් දැමූ එම නඩුව යට ගසන්නේ කවුරුන්ද?
සිංහල ජාතිය සංහාරය කළ සාෆිගේ නඩුවට කුමක් සිදු වේද?
අපේ ඉඩම් විදේශ සමාගම්වලට විකුණන්න ඉඩක් නැද්ද?
මැනවින් මතක තබාගන්න. ඔය දේශපාලකයන්ගේ ජාතික කැක්කුම ඡන්දය ඉවර වෙනකම් විතරය. මහින්දට රනිල්ට එහායින් වචනයක් කතා කරන්න ඔය කිසිවෙකුට බැහැ.
පොහොට්ටුවෙත්, එක්සත් ජාතික පක්ෂයෙත් තක්කඩි හොරුන් නොවේ නම් නැවත පාර්ලිමේන්තුවට පත් වන්නේ නැතිව අපට නිහඬ වන්නට තිබුණා.”
යන්න එහි සඳහන්ව තිබිණ.

ඥානසාර හිමි එක්ක යළිත් සටන් පෙරමුණට

කෙසේ වෙතත් රතන හිමියන් මේ ලිපිය ලියා තබා එතැනින් නැවැතුණේ නැත. දැන් රතන හිමියන් සිය ඊළඟ දේශපාලන පෙරළියට සූදානම් වන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. ඒ තනිවම නොව තවත් ආන්දෝලනාත්මක හිමි නමක් වන ගලබොඩඅත්තේ ඥානසාර හිමි සමඟය. ඒ අනුව පසුගිය සතියේ එක්තරා විහාරස්ථානයක රතන හිමියන් හා ඥානසාර හිමියන් අතර රහස් සාකච්ඡාවක් පැවැත්වී ඇති බව රජය රහස් තීරයට ආරංචිය. එහිදී ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සහ න්‍යාය පත්‍රය පිළිබඳවද එහිදී දීර්ඝව සාකච්ඡා වි ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව රතන හිමියන්ගේ ඉදිරි දේශපාලන කියැවීම කවරාකාරද යන්න පිළිබඳවද හෙට අනිද්දාම රටේ සියලු දෙනාටම දැකගත හැකි වනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

අවුරුදු 11කට පසු ලංකාවට එරෙහිව එළියට ආ කොටි පිල්ලිය ‘නැවිපිල්ලෙයි’

Next Post

කොරෝනා අස්සේ ගෙදරදීම පෙරාගන්න බඩු ලංකාවට ඇවිත් (EXCLUSIVE)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.