පාසල් නිමවී ට්රැක්ටරයකින් ගමන් කරමින් සිටි සිසුන් 7 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් තිබේ.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ ඒ අතරින් සිසුන් දෙදෙනෙකුව බේරා ගත් බවත් සෙසු පිරිස අතුරුදන්වී ඇති බවත්ය.
නින්දවූර් මද්රාසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් අදාළ ට්රැක්ටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කාරතිව් හන්දිය ආසන්නයේදී මෙම අනතුරට මුහුණදී තිබේ.
අවුරුදු 12ත් 16ත් අතර වයසේ පසුවන දරුවන් එළෙස අනතුරට මුහුණදී ඇති බව වාර්තා වෙයි.
අතුරුදන් වූ අනෙක් පිරිස සොයා මෙහෙයුම් ක්රියාත්මකය.










