ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.Sri Lanka Latest News
ඒ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන එන ලද යෝජනාවට අදාළවය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.
ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත.










