• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ජනාධිපති වෙන්න කලින් චීනෙ ගිහින් හම්බවෙච්ච හයියෑන් ලංකාවට ඇවිත්! එදා වෙච්ච පොරොන්දු ඉටුකරන්නද යන්නේ?  I Sri Lanka Latest News

November 25, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර ජනාධිපති වෙන්න කලින් චීනෙ ගිහින් හම්බවෙච්ච හයියෑන් ලංකාවට ඇවිත්! එදා වෙච්ච පොරොන්දු ඉටුකරන්නද යන්නේ?  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීන කොමියුනිස්ට් පක්ෂයේ (IDCPC) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමු වී තිබෙනවා.Sri Lanka Latest News

ඒ කොළඹ අරලියගහ මන්දිරයේ දී යි.

මෙම රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ (IDCPC) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝජ්‍ය සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය යන මහත්ම මහත්මීන් ද මෙම හමුවට සහභාගී වී තිබෙනවා.

අප මෙම හයියෑන් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී රාජ්‍ය රහස් තීරයේ වාර්තා කළේ මෙසේය.

රහස් චීන ගමන

පසුගිය වසර දෙක තුළ අනුර විදෙස් සංචාර රැසක නිරත වුවත් කවුරුත් නොදත් ඉතා රහසිගත චීන සංචාරයක නිරත වීමට හෙතෙම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පියවර ගෙන තිබිණි. අනෙකුත් සංචාරවල ඡායාරූප මාධ්‍යවල පළවුවත් අනුරගේ මෙම චීන සංචාරයේ තොරතුරු කිසිවක් මාධ්‍යවල පළවූයේ නැත. මෙම ගමන සඳහා අවශ්‍ය පහසුකම සලසා තිබුණේ චීන මධ්‍යම රජයේ එක්තරා ප්‍රබල කාන්තාවකි. ඇය චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරකසභික සුන් හයියෑන්ය. එම සාකච්ඡාවේදී අනුර චීන බලධාරීන්ගෙන් විමසා සිටියේ සිය පක්ෂය ලංකාවේ බලය අත්පත් කරගතහොත් අර්බුදයකින් තොරව පාලනය ගෙනයෑම සඳහා චීනයෙන් ලබාදිය හැකි උපකාර මොනවාදැයි කියාය. මේ සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ හයියෑන් ඒ අවස්ථාවේදී පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලයට පැමිණ අනුර සමග විශේෂ සාකච්ඡාවකද නිරත වූවාය. එමෙන්ම ඇය ඒ සංචාරයේදී එවක ජනාධිපති රනිල් හා විපක්ෂ නායක සජිත්ද හමුවීමට පියවර ගත්තාය.

කෙසේ වෙතත් අනුර සමග පැවැති සාකච්ඡාවේදී අනුර චීනයේදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විශේෂ යෝජනා කිහිපයක් සහිත ලිපිගොනුවක් අනුර අතට පත්කිරීමට හයියෑන් කටයුතු කළාය. එහි තිබුණේ චීනයෙන් ජවිපෙ පාලනයකට ලබාදිය හැකි සහාය ඇතුළත් යෝජනාවලියකි. එහි ඉදිරියෙන්ම තිබුණේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ලොව වෙනත් කිසිදු රටකට කළ නොහැකි උපකාරයක් චීනයෙන් ලංකාවට කළ හැකි යැයි කියාය. එහිදී ඇය කියා තිබුණේ වසර 2ක් ඇතුළත චීනයෙන් කෝටියක සංචාරකයන් ලංකාවට එවීමට හැකි යැයි කියාය. මෙය එකවර කළ හැකි වුවත් ලංකාවේ පවතින යටිතල පහසුකම් ඊට ප්‍රමාණවත් නොවන හෙයින් ක්‍රමානුකූලව චීන සංචාරකයන් කෝටිය දක්වා වර්ධනය කළ හැකි බව ඇය එහිදී සඳහන් කර සිටියාය. අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ මෙම තුරුම්පුවද හිතේ තබාගෙනය.

ඒ අනුව ජනාධිපතිවයා ලෙස අනුර දිවුරුම් දුන් වහාම චීන බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනුර කටයුතු කොට තිබිණි. එහිදී චීනය දැනුම් දී ඇත්තේ ලංකාවට ක්ෂණිකව දක්වන සහායක් ලෙස මෙම දෙසැම්බර් මාසයේ ආරම්භ වන සංචාරක සමයේදී ලක්ෂ 30ක චීන සංචාරකයන් පිරිසක් ලංකාවට එවීමට කටයුතු කරන බවකි. එමෙන්ම ලබන සංචාරක සමය ආරම්භ වන විට එය ලක්ෂ 60 දක්වා ඉහළ නැංවීමටද චීනය එකඟතාව පළකොට ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව චීනය ලබාදී ඇති මෙම තුරුම්පුව කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි ඉතා ප්‍රබල එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාටම වාහන දෙනවා! හැබැයි හොඳට තෙල් වැඩ කරන ඒවා! කැබිනට් අයට නම් කලින් කැබිනට් ඇමැතිවරු පැදපු සුඛෝපභෝගී ඒවා දෙනවා! I Sri Lanka Latest News

Next Post

සුජීවට පහුගිය කාලෙ ගැහුවෙ මඩක්ද? හැදුවෙ බොරු කතාවක්ද? ජිප් එක නිදහස් කරන්න කියලා උසාවියෙන් නියෝග කරලා! I Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.