කැබිනට් හා නියෝජ්‍ය ඇමැතිවරුන් පසුගිය රජයේ ඇමැතිවරුන් භාවිත කළ නිල වාහන භාවිත කරන අතර අනෙකුත් සියලුම රජයේ මන්ත්‍රීවරුන්ට ද ‘සුඛෝපභෝගී නොවන, ඉන්ධන කාර්යක්ෂම’ නිල වාහනයක් ලබා දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.Sri Lanka Latest News
මෙයින් අදහස් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාටම යම් ආකාරයක නිල වාහනයක් හිමිවන බවයි.
ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් මෙම අමාත්‍යාංශ අධීක්‍ෂණය කළ හිටපු ඇමැතිවරුන්ට අදාළ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද වාහන භාවිත කරන බව එම නිලධාරියා පැවසීය.
“ඔවුන්ට නව වාහන ලබා දෙන්නේ නැහැ. කලින් ඇමැතිවරු භාවිත කළ වාහන ලබා දෙන්න ඉඩ තියෙනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
රජයේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීමේ ක්‍රියාමාර්ගය ඔහු සාධාරණීකරණය කළේ මන්ත්‍රීවරුන්ට රජයේ කටයුතු සඳහා කොළඹට යෑමට සහ ඒමට පැමිණීමට අවශ්‍ය වන බව පෙන්වා දෙමිනි.
කෙසේවෙතත්, මෙම කිසිදු මන්ත්‍රීවරයකුට V8 වර්ගයේ සුඛෝපභෝගී වාහන ලබා නොදෙන බව එම නිලධාරියා පවසා තිබේ.
නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන 344ක් හඳුනාගෙන ඇති බව ඔහු හෙළිකර ඇත.
මේවාට V8 වැනි සුඛෝපභෝගී වාහන, මිල අධික අලුත්වැඩියාවන් අවශ්‍ය වාහන සහ රජයට නඩත්තු කිරීමට නොහැකි තරම් මිල අධික යැයි සැළකෙන වාහන ඇතුළත් වේ.
ඒ අනුව මෙම වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කර එයින් ලැබෙන මුදලින් ඇමැතිවරුන් නොවන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමේදී මූලික අවශ්‍යතාව වූයේ ඉන්ධන කාර්යක්‍ෂමතාව බව කී නිලධාරියා කියා සිටියේ ඉන්ධන වැඩි වශයෙන් වැයවන සුඛෝපභෝගී වාහන කිසිවකුට මිලදී නොගන්නා බවයි.
පවතින වාහන වෙන්දේසි කර ලබා ගන්නා මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී නව මන්ත්‍රීවරුන් සඳහා ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ ඇති වාහන කිහිපයක් නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කරමින් පවතින බව එම නිලධාරියා පවසා තිබේ.










