නව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධ චෝදනා විමර්ශනය සදහා දුරකථන ඇමතුම් ලබා දී සහ ලිපි කිහිපයක් යොමු කළද මෙතෙක් ප්‍රකාශ ලබා දීමට ඒ මහතා නොපැමිණි බවට පොලිසිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.Sri Lanka Latest News
ජාතික කම්කරු ආයතනයේ වෘත්තීය සමිතියට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් සහිත දෙහිවල දේපලක් බදු දීමට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය පසුගියදා විමර්ශන ආරම්භ කර තිබේ.
නියෝජ්‍ය කම්කරු අමාත්‍ය සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට සහ ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්ට තමන් ඇමතුම් ලබාදී ලිපි යවා ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණෙන ලෙස දන්වා යවා ඇති බව පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළහ.










