• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ෂියාම්-වෙලේ සුදා-මුබාරක්-මධූෂ්ලාගේ කුඩු මාෆියාව රට අල්ලපු හැටි

May 31, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
ෂියාම්-වෙලේ සුදා-මුබාරක්-මධූෂ්ලාගේ කුඩු මාෆියාව රට අල්ලපු හැටි
Share on WhatsAppShare on Facebook

මත්කුඩු මාෆියාව අපේ රටේ පැතිර ගොස් නැති තැනක් නොමැති ගානය. කලාව, මාධ්‍ය, දේශපාලනය, ක්‍රීඩාව, සෞඛ්‍ය අංශය පොලීසිය සහ හමුදාවද මේ වන විටත් මත්කුඩු මාෆියාව විසින් ගිලගෙන හමාරය. ක්‍රිකට් තුළින් ලෝකයම හොල්ලන්නට හැකියාව පැවැති ශෙහාන් මධුසංකද මත්කුඩු මාෆියාවේ බිල්ලක් බවට පත්ව සිටි බව හෙළිවන්නේ ඉකුත් සතියේදීය. බැලින්නම් ඔහු මත්කුඩු භාවිතයට පමණක් නොව, බෙදා හැරීමටද සම්බන්ධ වී සිටියේය. මත්කුඩු භාවිතයට මෙන්ම මාෆියාවේ ගොදුරු බවට පත්වූ පළමු ක්‍රීඩකයා වන්නේ ඔහු පමණක් නොව, මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ ජාතික තලය නියෝජනය කළ තවත් කිහිප දෙනෙක්ද සිටිති. ඒ අය ගැන වැඩි සටහනක් නොතබන්නේ ඔවුන් මේ වන විටත් ජීවතුන් අතරද නොමැති බැවිනි.

අපේ රටේ ජනප්‍රිම ගායකයින් කිහිප දෙනෙක්ද මත්කුඩු මාෆියාවේ කොටස්කරුවන්ය. ඒ එක් ගායකයෙකුගේ මත්කුඩු තිප්පොළ පිහිටියේ වනාතමුල්ලේය. ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය එම ගායකයා මත්කුඩුවලට ඇබ්බැහි වී ඇත්තේ ගායකයෙක් වූ පසුවය.
එම ජනප්‍රිය ගායකයා ඇබ්බැහි වී සිටින්නේ හෙරොයින් භාවිතයටය. එහෙත් වැඩිහරියක් අපේ රටේ කලාකරුවන් සහ කලාකාරියන් ඇබ්බැහි වී සිටින්නේ අයිස් සහ මත්පෙති වර්ග භාවිතයටය.

අපේ රටට මත්පෙති හඳුන්වා දෙමින් බෙදා හැරීමේ ජාවාරම මුළුමනින්ම මෙහෙයවනු ලැබුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ පුත්‍ර රත්නයක් විසිනි. දැන් නම් මත්පෙති ජාලය එදාට වඩා වෙනස්ය. දැන් එම දේපාලනඥයාගේ පුත්‍රයා සතුව පැවැති මත්පෙති ඒකාධිකාරිය බිඳී ගොස් හමාරය.
මත්කුඩු සහ මත්පෙති ජාවාරමේ මහ මොළකරුවන් සුදු පිරුවට හැඳි පිරිසකි. ඒ අයගේ නම් එළියට නොයෙන තරම්ය. චන්ද්‍රිකා ආණ්ඩු සමයේදී අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවා වූයේ වෝඞ් ප්ලේස් සියාම්ය. රජගෙදර දොරටු පවා ඔහුට එකල පැය විසිහතර පුරාම තිබුණේ විවෘතවය. එකල කැබිනට් මණ්ඩලයේ වැඩි දෙනෙක් ඔහුගේ මිතුරන්ය. වෝඞ් ප්ලේස්හි පිහිටි ඔහුගේ මාලිගාවට ගොඩනොවැදුණු දේශපාලනඥයෙක් එකල නැති තරම්ය. රෙදිපිළි ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටි ඔහු මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඒ අය අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු කිහිප දෙනෙක්ද සිටියහ. වෝඞ් ප්ලේස් සියාම් සහ බිරිඳ මත්කුඩු තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටුවන්නේද ඒ නිසාය.
එකල මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර පොලිස් ප්‍රධානියාව සිටියේ මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව සිටින හිටපු පොලිස් ප්‍රධානියෙකි. සියාම්ගේ දේශපාලන නම් ලැයිස්තුව පොලිස් පොත්වල සටහන් නොවන්නට ඔහු වගබලා ගත්තේය. සියාම්ගේ මත්කුඩු මාෆියාව මහා දැවැන්ත එකකි. ඒ නිසාම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ලොකු කුඩා නිලධාරීන් රැසකටම ඔහු දැල එළුවේය. කෝටි ගණන් ඒ සඳහා ඔහු වියදම්ද කළේය. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සියාම්ට එරෙහි විමර්ශන ගොනුවේ පිටපත් සියාම් අතට ගියේ පොත් පිටින් ෆොටෝ කොපි ගසාය. ඔහුට නම්මා ගන්නට නොහැකි වූයේ එකල පොලිස් පරීක්ෂකවරයෙක්ව සිටි ප්‍රියන්ත ලියනගේව පමණි. අද එම නිලධාරියා පාස්කු විමර්ශන ජනපති කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයාය. සියාම් සිය බිරිඳ සමග එල්ලුම් ගහට යන්නේ ඔහු නිසාය. එසේ එල්ලුම් ගහට ගිය සියාම් රාජපක්ෂ ආණ්ඩුව සමයේදී පොදු සමාවකින් එළියට එන්නටද උත්සහයක් ගත්තේය. එය වැළකී යන්නේ ඔහු එළියට එන්නට පෙර ඒ ගැන මාධ්‍යයට තොරතුරු යාම නිසාය.
මත්කුඩු මාෆියාවේ ඉහළින්ම සිටින තවත් අයෙක් වන්නේ මුබාරක්ය. ඔහු දැන් ඉන්නේ ඩුබායිවලය. ලංකාවට මත්කුඩු බෙදාහරින මහ මොළයක් වන මුබාරක් කාලයක්ම ජීවත්වූයේ මලයාසියාවේය. එරට රජු විසින් ලබාදෙන ඉහළම ගෞරව සම්මානය වන දතෝ සම්මානයටද ඔහු හිමිකම් කීවේය. ඒ ඔහු එරට පුරවැසිභාවය ලබාගෙන සිටි බැවිනි.
දැවැන්ත ව්‍යාපාරික වෙස්ගත් මේ පුද්ගලයා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් කළු සල්ලි සුදු කළේ රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී විවිධ ආයෝජනයන්ට සම්බන්ධ වෙමිනි. ඒ අයද මේ පුද්ගලයා මත්කුඩු ජාවාරම්කරුවෙක් බව දැනගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඔහුට අයත් බව කියන මත්කුඩු කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමත් සමගිනි. ඒ වන විට ඔහු සිටින්නේ රටිනුත් පලා ගොසිණි.
වෙලේ සුදාද අපේ රටේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙති. එහෙත් ඔහුට ඉහළින් තවත් ප්‍රබලයෙක් සිටියේය. ඒ පුද්ගලයා අදටත් අනාවරණය නොවූ චරිතයකි. වෙලේ සුදාගේ පස්සෙන් පොලීසිය පන්නන විට වෙලේ සුදාව මෙයට පෙර සිටි පොලිස් ප්‍රධානියකු බම්බලපිටියේ හෝටල් කාමරයකදී මුණගස්සවන්නේ තරුණ දේශපාලනඥයෙකි. ඒ වෙලේ සුදා අහිංසකයෙක් බව කියමිනි. මේ වන විට එම දේශපාලනඥයා සිටින්නේ හිරේය. එම දේශලපාලනඥයාගේ මාර්ගයෙන් එකල එම පොලිස් ප්‍රධානියකු විශ්‍රාම දිවිය ගත කරන්නට මාලිගාවක් බඳු නිවසක් ගොඩනගාගත් බව දන්නේ අතලොස්සක් පමණි. එම පොලිස් ප්‍රධානියා අදටත් ජීවත් වන්නේ එම නිවසේය. ඔහු ඉහළ පුටුවක සිටින තාක්කල් වෙලේ සුදාට අතක් තියන්නට ඉඩක් නොවීය.

වරක් මෙරට මත්කුඩු මාෆියාව මත්කුඩු බෙදා හැරීමට යොදා ගත්තේ පොලිස්පතිවරයෙකුගේ මෝටර් රථයයි. රාජකාරි වේලාවෙන් තොරව මෙම පොලිස්පතිවරයා ගමන් බිමන් යන්නේ සිය මෝටර් රථය ඔහුම පදවාගෙනය. ඒ ඔහුට හොර ගමන් තිබුණු නිසාය. ඔහු රාජගිරිය පැත්තේ නිවසකටද රිංගුවේය. එම නිවස පොලිස් පරීක්ෂකවරයෙක් වාසය කළ තැනකි. සිය රූමත් බිරිඳ සමග පොලිස්පති සතුටු සාමීචියේ නිරතව සිටියදී මෙම පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයාගේ මෝටර් රථය රැගෙන යන්නේ පැයක් එකහමාරකට නොපැමිණෙමිනි. බැලින්නම් එම පොලිස් පරීක්ෂකවරයා මහා පරිමාණ මත්කුඩු ජාලයක ඉත්තෙකි. සිදුවන්නේ පොලිස්පතිවරයාගේ මෝටර් රථයෙන් ඔහු මත්කුඩු ඇදීමය.
ඒ කතාව ඉතිහාසයට එක්වූ කතාවක් වූවත් මත්ද්‍රව්‍ය මාෆියාව හැසිරෙන්නේ එසේය. මත්කුඩු මාෆියාවේ කොටස්කරුවන් අතර දේශපාලනඥයෝද සිටිති. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ්ද මත්කුඩු මාෆියාවට සම්බන්ධ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේම නම් වමාරා ඇත්තේය. ඒ අතර මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ඇමැතිධුරයක්ද දැරූවෙකුගේ නමක්ද සඳහන්ය.
මේ වන විට මත්ද්‍රව්‍ය මාෆියාව මත්කුඩු සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට බහුල වශයෙන් යොදා ගන්නේ යැයි හෙළිවන්නේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ය. එසේම මත්කුඩු සඟවා තබා ගැනීමට යොදා ගන්නේ යැයි සඳහන් වන්නේ රාජ්‍ය ආයතනවල සේවකයන්නේ ලොකර්ය. ඒ එම ලොකර් ඒ අය කුලියට ලබා ගනිමිනි.
මැතිවරණ වකවානුවලදී අපේ රටේ දේශපාලනඥයන් බොහෝ දෙනෙක්ට පෝස්ටර් ගැසෙන්නේත් රැස්වීම් සංවිධානය වන්නේත්, කාර්යාලවලට ගොඩනැගිලි දෙන්නේත් මත්ද්‍රව්‍ය මාෆියාවේ පුරුක්ය. එය පළාත් පාලන මැතිවරණයේ සිට ජනාධිපතිවරණය දක්වාම පොදුය. බොහෝ දේශපාලනඥයන් පිටුපස සිටින හයිය මත්ද්‍රව්‍ය මාෆියාවය. දේශපාලනඥයන් වැඩි දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව හඬ නගන්නට ඉදිරිපත් නොවන රහස වන්නේ එයයි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

පහක් එකතුව රටම නටවන හාල් මාෆියාව

Next Post

සමාජ මාධ්‍ය කළඹපු රණවිරු නංගියි-පුංචි කාර් නංගියි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.