• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පහක් එකතුව රටම නටවන හාල් මාෆියාව

May 31, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
පහක් එකතුව රටම නටවන හාල් මාෆියාව
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වෙනවත් එක්ක ඔහු කරපු දෙයක් වුණේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට හදිස්සියෙම ගියපු එක. ඒ ගිහිල්ලා හාල් වෙළෙඳපොළ ඇතුළෙ තියෙන ’ගේම්’ එක ඔහු හෙව්වා. හාල් මිල සෙල්ලම අඳුනගෙනද කොහෙද මිනිසුන්ට වෙන අවාසිය නතර වෙන්න පිළියම් යෙදුවා. හාල් වෙළෙඳපොළේ වෙළෙන්දන් ගැස්සුණා. ඒත් ප්‍රශ්නයට උත්තරයක් හම්බුණාද? ඇත්තටම ප්‍රශ්නය තිබුණෙ එතැන තමයි. ඒ උත්තරේ තියෙන්නේ එතැනද? හාල් ව්‍යාපාරිකයන් ඔය ගැන කියනකොට කිව්වෙ මේක හරියට ළිඳේ වතුර නැතිවුණාම ටැප් එක කඩනවා වගේ වැඩක් කියලා. ගළපගන්න උත්සාහ කරන්න. හරි වෙන්නත් බැරිකමක් නෑ.
මොකද හාල් විකුණන්නෙ නාරාහේන්පිට වුණාට මෝල් තියෙන්නෙ පොළොන්නරුවෙ. බොහෝදෙනෙක් චෝදනා කරන්නෙ ප්‍රධාන වී මෝල් පහකට. ලංකාවෙ හාල් හැංගිල්ල කරන්නෙ එයාලා කියලා බරපතළ චෝදනාවක් තියෙනවා. ඒත් අපි ඔය නම් ගම් දන්නෙ නෑ. මොකද අපි බත් කෑවට හාල් මෝල් ගැන දන්නෙ නෑනෙ. හැබැයි පසුගිය දවසෙක ලංකාවෙ ලොකුම හාල් ව්‍යාපාරිකයෙක් වෙච්ච ඩඞ්ලි සිරිසේන මහත්තයා මොකක්දෝ එකක් ඒ ගැන කිව්වා. ඔහු ඒ වෙලාවෙ කිව්වා නම් පහක්.

“අරලිය, නිපුන, හිරු, ලක්, සන්” කියලා. ඒ පහයි මේ පහයි ගැළපෙන නිසා අපි හිතුවා මේ කියන්නෙ සමහර විටක අර පහ වෙන්ඩෑ කියලා.
මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති රංජිත් කරුණාතිලක මහත්තයා කියන්නෙ හාල් එකතු කරන්නෝ කියලා පිරිසක් අතරමැදට ඇවිත් මිනිස්සු අතරමං කරනවා කියලා. මේ අවුරුද්දෙ කවදාවත් නැතිව මරදගහමුලට අවුරුද්දට කැකුළු හාල් අර්බුදයක් ආවා. මරදගහමුල සහල් වෙළෙඳපොළ දවස් ගානක් වහලා දාන්න වුණා.
නුවරඑළිය සහල් ව්‍යාපාරිකයොත් මේ ප්‍රශ්නය ගැන කතා කළා. ඒ අයට එන හාල්වල තොග මිල සාධාරණ වුණේ බිලට විතරයි. ඒ බිලේ යටින් එකතු කරන ‘ප්‍රවාහන ගාස්තුව’ කියන එක උපක්‍රමික වංචාවක්. ඒ වංචාව හාල් කිලෝ ගාණනින් බෙදලා එකතු වෙනවා. ඊට පස්සෙ ඔය ලියැවිලිවල තියෙන සූත්තරවලට අනුව හාල් විකුණන්න බෑ. ඒක කියන්නෙ වෙළෙන්දො. ටැප් එකට කෝටුවකින් ඇන්නට වතුර නොඑන්නෙ අවුල තියෙන්නෙ ළිං පත්ලෙ නිසා.
ඩඞ්ලි සිරිසේන මේ ගැන කතා කරපු තැන ඔහු දිග පැහැදිලි කිරීමක් කරනවා. ඔහු දේශපාලකයන්ට චෝදනා කරනවා රටේ ඕනෑම ප්‍රශ්නයක් දේශපාලනයට හරවගන්නවා කියලා. ඒක තමන්ගෙ අයිතියක්. දේශපාලකයෙක් නිසා ඔහුට තේරෙනවා ඇති. ඒත් අපිට ඒවා වැඩක් නෑ. වැදගත් වෙන්නෙ මේ කොටස. ඔහු කියනවා සංඛ්‍යා ලේඛන වගයක්.
“අරලිය හාල් මෙටි්‍රක් ටොන් 85,000යි. නිපුන හාල් මෙටි්‍රක් ටොන් 85,000යි. හිරු, ලක්, සන් හාල් මෙටි්‍රක් ටොන් 1,50,000යි”
ඒ කියන විදිහට මේ හාල් මෝල් පහේ හාල් මෙටි්‍රක් ටොන් තුන්ලක්ෂ හතළිස් දාහක් තියෙනවා. ඒ වගේම කුඩා සහ මධ්‍යම පරිමාණ හාල් මෝල් හිමියොත් ඉන්නවා. ඒ අය ළඟත් යම් ප්‍රමාණයක් හාල් තියෙනවා.
එක්තරා ප්‍රධාන පෙළේ නාළිකාවක් ඔස්සේ රොෂාන් රණසිංහ හිටපු මන්ත්‍රි මේ ගැන කතා කරනවා. ඔහු කියනවා තමන්ට එළැඹෙන ආණ්ඩුවෙ මහවැලි ඇමැතිකම ලැබෙනවාය කියලා. ඒ ලැබුණම මේ ප්‍රශ්නය විසඳනවාය කියලා. කොහොම නමුත් පහුගිය දවසක පොළොන්නරුව දස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතිය, සහල් තොගයක් වෙළෙඳපොළට ලබා දුන්නා. ඒ රොෂාන් රණසිංහ හිටපු රාජ්‍ය ඇමැතිවරයා හරහා. ශක්ති සමුපකාර සමිතිය මේ විදියට හාල් කිලෝ ලක්ෂයක් සතොසට ලබාදුන්නා. ඒ කිලෝවක මිල රුපියල් 89 ගානෙ කියලයි ඔවුන් කියන්නෙ. ඔවුන් කියන්නෙ මහා පරිමාණ හාල්මෝල් හිමියන් ළඟ සීයට 35ක විතර වෙළෙඳ ඒකාධිකාරියක් තියෙනවාය කියලා.
ඩඞ්ලි තවදුරටත් ඒ ගැන කියනවා. ඔහුට අනුව රජය කියන්නෙ වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 32ක් ගැන. ඔහු යුද හමුදාව සඳහන් කරපු වී මෙටි්‍රක් ටොන් 50,000ක් ගැනත් කියනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයො ළඟ හාල් මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙකක විතර ප්‍රමාණයක් තියෙන බවත් ඔහු කියනවා. ඔහු කියන විදියට ලංකාවෙ පරිභෝජනය හාල් මෙටි්‍රක් ටොන් 2,40,000ක්. ටොන් 15,39,000ක් ලංකාවෙ තියෙන්න ඕනෙ කියලත් ඔහු කියනවා. ඔය ඔක්කොම කියලා අන්තිමට ඔහු කියන්නෙ මේ හොයන්නෙ නැති වී ප්‍රමාණයක් කියලා.
නමුත් මේ ලියන මොහොතෙ වෙන කොට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත් කරුණාතිලක මහත්තයා කියන විදියට අපි කලින් ලියපු ශක්ති සමිතියෙ වෙන්නෙත් වංචාවක්. ඒ වංචාවට රජයෙන් ලබා ගත්ත කෝටි තිහක් ගැනත් කියවෙනවා. ඒ වගේම මේ අය රුපියල් අනූ තුනට හාල් අරගෙන අසූ නමයට දුන්න කතාවකුත් කියනවා. ඒ අනුව මේ අසූ නමයට හාල් දෙන ශක්ති සෙල්ලම නවතිනවා. ඒ වෙනුවට චමල් රාජපක්ෂ ඇමැතිතුමා එක්ක කතා කරලා දිස්ත්‍රික්ක හතක හාල් මෝල් හිමියො රුපියල් අසූ නමයට හාල් දෙන්න කැමති කරගෙන තියෙනවා. ඒත් ඒ විදියට හාල් දෙන එක පාඩු ලබන වැඩක්. ඒ පාඩුව ගැන නොහිතා හාල් දෙන්න මේ අය කැමති වෙන්නෙ ආණ්ඩුවෙන් ඉදිරි කාලයෙන් ඔවුන්ට ලැබෙන සහයෝගයක් හෝ සහනයක් ගැන අදහසක් ඇතිව. නමුත් ඉතාම ළඟ ඡන්දයක් එනවා. ඒ නිසා කවුරුවත් අවදානමක් ගන්න කැමති වෙන්නෙ නෑ.
හැබැයි දැන් මේක සෙල්ලමක් කියන එක රටම දන්නවා. මේ සෙල්ලම පටන් ගත්තෙ කොහොමද කියලත් දන්නවා. මේ වතාවෙ මේක එළියට ගන්නෙ හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ. මේ වෙලාවෙ ශක්ති සමිතිය හාල් බාර දෙන්නෙත් රාජ්‍ය ඇමැතිතුමාට, ඔහු කෙළින්ම කියනවා හිටපු ජනාධිපති සහ ඔහුගෙ සහෝදරයා ඩඞ්ලි සිරිසේන මේ ව්‍යාපාරය කූට ලෙස පවත්වාගෙන යනවා කියලා. ඩඞ්ලි කියන්නෙ රොෂාන් මේවා තරහට කියනවා කියලා. කොහොම වෙතත් මේ අරයගෙ මෙයාගෙ සෙල්ලම නිසා තට්ටු වෙන්නෙ අපේ බත් පතට. මේ හැමෝම හොරකං කරන්නෙ අහිංසක මිනිසුන්ගෙ දාඩිය. වටිනාකමක් නොදෙන්නෙ ඒ මහන්සියට. වංචාකරන්නෙ බත් පිඟානට. කොහොම හරි අපේ ගම්වල මිනිස්සු ඉස්සර ඉඳලම කියන කතාවක් තියෙනවා “කන බත්පතට වංචා කරන එවුන්ට හෙණ ගහනවා” කියලා. බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියලා.

ආණ්ඩුවත් හාල් මාෆියාවට යට වුණාද?

ආණ්ඩුව සහල් සඳහා පාලන මිල පැනවූයේ රුපියල් 90ක් ලෙසටය. එම පාලන මිල පැනවීමත් සමඟ නාඩු-සම්බා-කීරි සම්බා සහල් තොග සහමුලින්ම වෙළෙඳපොළෙන් අතුරුදන් විය. ඒ අනුව ජනාධිපතිවරයා පසුගිය බදාදා දින මහා පරිමාණ මෝල් හිමියන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී අවසානයේදී තීන්දු වූයේ රුපියල් 90 පාලන මිල වෙනුවට නාඩු සහල් රුපියල් 96ටත් සම්බා සහල් රුපියල් 98ටත් කීරි සම්බා රුපියල් 125ටත් වෙළෙඳපොළට නිකුත් කිරීමටය. ඒ අනුව ඇතැමුන් විග්‍රහ කරන්නේ මෙය අවසානයේ ඩඞ්ලි සිරිසේන මහතා ලැබූ ජයග්‍රහණයක් ලෙසටය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ක්‍රිකට් මාෆියාව ගැන මහ‌ේල කතා කරයි

Next Post

ෂියාම්-වෙලේ සුදා-මුබාරක්-මධූෂ්ලාගේ කුඩු මාෆියාව රට අල්ලපු හැටි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.