• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාජය ගැන සජිත් ප්‍රේමදාස මුල් වරට කතා කරයි! Sri Lanka Latest News

November 24, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වූ මැතිවරණ දෙකකින් වැඩිම පරාජය ලබාගත්ත නායකයා ඔබ. ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?
අපි සත්‍යය, යථාර්ථය අවබෝධ කරගෙන මේ රටේ ජන විඥානය අවබෝධ කරගෙන අලුත් විදියකට අපේ ගමන ක්‍රියාත්මක කරමින් ජනතා අභිලාෂයන් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතිශීලී ආකාරයට රටේ ප්‍රශ්න, ගැටලු විසඳන ආකාරය, විශේෂයෙන්ම රජය ජන වරම ක්‍රියාත්මක කිරීමේදී ඒ ජන වරම ක්‍රියාත්මක කරන්නට ජනතාවගේ පැත්තෙන් සුබවාදී සහනදායී යෝජනා ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන්නටත්, ඒ වගේම අනෙක් පැත්තෙන් යම්කිසි අඩුපාඩුකමක් ඌනතාවක් රටේ ජනතාවට සිදුවුවහොත් මේ රජයෙන්, එය පෙන්වා දීලා එයට විරුද්ධ වන්නටත් අපි කටයුතු කරනවා. (Sri Lanka Latest News)

ලක්ෂ 43ක් ලක්ෂ 19ට බැස්සේ ඇයි කියලා හොයලා බැලුවද?
ඇත්තම කතාකරනවා නම් මේ කෙටි කාලවකවානුව තුළ අපිට අඩුපාඩු සිදුවුණු තැන්, වැරැදුණු තැන් සොයාබැලීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙන්නේ. ඒක තනි පුද්ගලයෙක් කරන ක්‍රියාවලියක් නෙවෙයි. කණ්ඩායමක් හැටියට එකමුතුභාවයෙන් අවබෝධයකින් සාමූහිකත්වය රැකගනිමින් ඒ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.

මෙවැනි පරාජයක් දෙවරක්ම ලැබුවට පස්සේ ඔබේ හෘදය සාක්ෂිය කියන්නේ නැද්ද මම දැන් මෙතැන හිටියා ඇති, මම දැන් යා යුතුයි කියලා?
හෘදය සාක්ෂිය මට කියන දේ තමයි අපි පක්ෂයක් හැටියට අපි ආරම්භ කළේ 2020 පෙබරවාරි මාසේ. මේ පක්ෂය අවුරුදු 5කට ආසන්න කාලයක් පමණ වයසැති පක්ෂයක්. අපිට ලොකු ගමනක් තියෙනවා. මම හිතන්නේ ඔබතුමා ඔය ප්‍රශ්නය වර්තමාන ජනාධිපතිතුමාගෙන් ඇහුවොත් පහුගිය කාලවකවානුව තුළම පසුබෑම්වලට ලක්වෙනකොට, මම හිතන්නේ නෑ ඔබතුමා ඒක අහයි කියලා. කමක් නෑ ඔබතුමාට නිදහස තියෙනවා ඒක අහන්න. මගේ මතය, අපේ මතය, අපේ කණ්ඩායමේ මතය සාමූහිකත්වය රැකගෙන අලුත් ගමනක්, නව දර්ශනයක්, වැඩපිළිවෙළක්, ක්‍රමෝපාය අනුගමනය කරමින් සාමූහිකත්වය සුරක්ෂා කරගනිමින් ඉදිරිය යන්න.

අපි දන්නවා මැද කොළඹ ඔබගේ පියා ගොඩනගපු ආසනය. අද ඔබේ පියා හිටියා නම් මේ පරාජය දැකලා නෙතින් කඳුළක් හෙළන එකක් නැද්ද?
ඇත්ත වශයෙන්ම මැද කොළඹ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමැතියි යාපනය කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙකම විශාල පරාජයන්ට ලක්වුණා. ඒ සම්ප්‍රදායානුකූල දේශපාලන පක්ෂ. ඒ නිසා මේ සිදුවුණු පසුබෑම පරාජය තුළින් පාඩම් ඉගෙනගෙන අපි අලුත් ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයා තමයි ඊළඟට ආණ්ඩුව ගන්නේ. ඇයි ඔබ අසමත් වුණේ ආණ්ඩු බලය ලබාගන්න?
අපි වැඩපිළිවෙළක් හැටියට, කණ්ඩායමක් හැටියට අපිට බැරිවුණා මේ රටේ ජනතාවගේ බහුතරයකගේ හිත දිනාගන්න. ඉතින් අපි ඒ වැරැදි අඩුපාඩුකම් සොයලා බලලා වැරැදි අඩුපාඩු හදාගෙන ප්‍රගතිශීලී යහපත් ගමනක් රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වෙන ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඔබතුමාට හිතෙන්නේ නැද්ද දෙවැනි පෙළක් හැදුවා නම් හොඳයි කියලා?
අනිවාර්යයෙන්ම දෙවැනි පෙළ ඒ ඔක්කොම ඒ තීන්දු තීරණ අරගෙන හදාගෙන යනවා. ඒක සිදුවෙනවා. දෙවැනි පෙළ හැදීම ඒක ජනතා පරමාධිපත්‍යය. ඒ වගේම ඒ ජනතාවගේ කැමැත්තට මුල් තැන දීම අපේ අරමුණයි. එහෙම නැතුව අපි හිතන පතන පුද්ගලයන් කණ්ඩායම් නෙවෙයි ඒක ජනතාව තුළින්ම මතුවුණු කණ්ඩායම්වලට අපි ප්‍රමුඛස්ථානය ලබාදෙනවා.

ජාතික ලැයිස්තුව පත්කරද්දී වැඩිම ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙන නායකයා ඔබ නේද?
ඇයි එහෙම හිතන්නේ?

විසිපස් දෙනෙක් අතරින් පස්දෙනෙක් තෝරාගැනීම දුෂ්කර කාර්යයක් නේද?
එහෙම ප්‍රශ්නසහගතයි කියලා මම කියන්නේ නැහැ. අපි අවබෝධයෙන් අපේ තීන්දු තීරණ ගන්නවා. ඔබතුමා ඇහුවද ඇයි මාස 11ක් ගතවුණේ කියලා එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ පුද්ගලයා පත්කරගන්න? මොකක්ද ඒ ගැන ඔබතුමා කියන්නේ?

එතුමා ආවා මාස 11කින්. ඇවිත් ජනාධිපති වුණා.
හරි. ජනාධිපති වුණේ ජනතාවගේ ආශීර්වාදයෙන් නෙවෙයිනේ.

ඔබතුමා භාරගන්න බෑ කිව්වම එතුමා ජනාධිපති වුණා?
මම භාරගන්න බෑ කිව්වේ මංකොල්ලකාපු කල්ලියකගේ සහාය මට වුවමනා වුණේ නැති නිසා.

පරාජය වෙච්ච අයට ජාතික ලැයිස්තුවෙන් ඉඩ දෙනවද?
අපි සාකච්ඡා කරමින් පවතිනවා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව.

මේ වෙද්දී සමගි ජන බලවේගයට ඡන්දය දීපු අයට ඔබතුමා ස්තුති කරනවද? එහෙම නැත්නම් ඔවුන්ගෙන් සමාව ඉල්ලනවද?
මම දන්නේ නෑ ඔබතුමා මගේ මාධ්‍ය නිවේදනය කියෙව්වද නැද්ද කියලා. මම හිතන්නේ ඔබතුමා ප්‍රශ්න අහන්නේ අනවබෝධයෙන්. මම ඔබතුමා සනසනවන්න නෙවෙයි මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ. රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. විශේෂයෙන්ම අපි වෙනුවෙන් කැපකිරීම් කරපු ජනතාව වෙනුවෙන් පාක්ෂිකයන් වෙනුවෙන් ඒ වගේම රටේම ජනතාවට අපි ස්තුතිය පුදකරනවා. පාක්ෂිකයන්ට විශේෂ ස්තුතියක් කරනවා අපිව පත්කිරීම පිළිබඳව. අපිත් එක්ක රැඳී සිටීම පිළිබඳ. ඒ වගේම සමස්ත ජනතාවටම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ සහභාගී වීම තුළ ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරපු කාර්යභාරයට මම ස්තුතිවන්ත වෙනවා.

ඔබතුමාට ඡන්දය දීලා ජනාධිපති වෙනකල් ඔබේ පාක්ෂිකයෝ බලාගෙන හිටියා. ඊළඟට අගමැති වෙයි කියලා බලාගෙන හිටියා. බලාපොරොත්තු සුන් වෙච්ච ජනතාවට අන්තිමටම කියන්න තියෙන්නේ මොකක්ද?
අපි 2020 පෙබරවාරි මාසේ අපි අලුත් පක්ෂයක් හැටියට බලවේගයක් හැටියට නිර්මාණය වෙලා ලියාපදිංචි වෙලා ඉදිරියට යන පක්ෂයක්. මේ කෙටි කාලය තුළ අපිට යම් යම් ඉදිරි පියවර ලැබුණා. යම් යම් පසුබෑම් පරාජයන් අත්පත් වුණා. ඒ දෙකම දිහා අපි යථාර්ථවාදීව හිතලා බලලා ඉදිරි කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

SendShareShare
Previous Post

අනුර තවත් ඡන්දයකට ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

Next Post

ගාමිණී – ඇන්ජෙලා හොඳටම හිටිය කාලේ !

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.