• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ හදිසි පුටු පෙරළියක් (රාජ්‍ය රහස්)

May 30, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
පාර්ලිමේන්තුවේ හදිසි පුටු පෙරළියක් (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසයේ බලපෑම රටේ සියලුම ක්ෂේත්‍රයන්ට දැඩිව බලපෑම් එල්ල කොට ඇති පසුබිමක් යටතේ රටේ දේශපාලනයද ඒ බලපෑමට දැඩිව හසුව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. එක් පැත්තකින් දැනටමත් මැතිවරණය පැවැත්වීමට එරෙහිව පාර්ශ්වයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. අනෙක් පැත්තෙන් සියලුම දේශපාලන පක්ෂ කොරෝනා අර්බුදයේ සිරවී සිය දේශපාලන කටයුතු සම්පූර්ණයෙන් පාහේ සීමා කර ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.
මේ අතරවාරයේ පාර්ලිමේන්තුවද මේ දිනවල කොරෝනා අර්බුදයෙන් විශාල ලෙස බලපෑමට හසුව ඇති ආකාරයක් එහි සිදුවන යම් යම් සිදුවීම්වලින් දැකගන්නට තිබේ. කොරෝනා වසංගතය පැතිර යෑමත් සමඟම පළමු වටයේදීම පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යෙදවීමට බලධාරීන් පියවර ගත් අතර ඉතිහාසයේ පළමු වතාවට හමුදා ආරක්ෂාවද ඒ අනුව පාර්ලිමේන්තුවට යෙදවිණ. ඒ පවතින පොලිස් ආරක්ෂාවට අමතරවය.
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට පාර්ලිමේන්තු බලධාරීන් තවත් විශාල අර්බුදයකට මුහුණදී තිබිණ. ඒ යම් හෙයකින් හදිසියේම පාර්ලිමේන්තුව රැස් කිරීමට සිදුවුවහොත් එහි අසුන් පනවන ආකාරය පිළිබඳවය. මන්ද යත් මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් දැඩි නීති සහ කොන්දේසි පනවා ඇති වාතාවරණයක් යටතේ හදිසියේම පාර්ලිමේන්තුව කැඳවුවහොත් හෝ මහ මැතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවන දිනට කොරෝනා වසංගතයේ බලපෑම පහව ගොස් නොමැති තත්ත්වයක් මතුව පැවතියහොත් පාර්ලිමේන්තුව රැස් කළ යුතු ආකාරය පිළිබඳව පසුගිය සතියේ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම ඊට හේතු වී තිබිණ. මෙහිදී සමාජ දුරස්ථභාවය අරක්ෂා කළ යුතු බැවින් මන්ත්‍රිවරුන් 225ම එකවර පාර්ලිමේන්තු සභා ගර්භයට ගැනීම අනතුරුදායක තත්ත්වයක් වන නිසා පාර්ලිමේන්තු බලධාරීන් මුලින්ම කළේ ලෝකයේ වෙනත් රටවල් මෙම වසංගත තත්ත්වය හමුවේ සිය පාර්ලිමේන්තුව කැඳවා ඇති ආකාරය පිළිබඳවය. එහිදී ඔවුන්ගේ අවධානයට වඩාත්ම යොමුවූයේ බි්‍රතාන්‍යය පාර්ලිමේන්තුවත්, කැනඩා පාර්ලිමේන්තුවත් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවත්ය. මේ වන විටත් කොරෝනා අර්බුදය තිබියදී පවා එම රටවල් තුනම සිය පාර්ලිමේන්තු කැඳවා ඊට හේතුවය. එහිදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ එම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් නිවෙස්වල තබා පාර්ලිමේන්තුවට කැඳවන ප්‍රමාණය අවම කොට එම රැස්වීම් පැවැත්වීමට ඔවුන් කටයුතු කොට ඇති බවය. එහිදී මන්ත්‍රිවරුන්ගේ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ආසන පැනවීම සිදුකර ඇති අතර, උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර ඇති ආකාරයක්ද එහිදී ඔවුන්ට දැකගන්නට ලැබිණ. පාර්ලිමේන්තුවට කැඳවා නොමැති මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානවල රඳවා ඔවුන්ව ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් සජීවීව එම රැස්වීමට සම්බන්ධ කර ගැනීමටත්, නිවෙසේ සිටින මන්ත්‍රිවරුන් පවා නව තාක්ෂණය ඔස්සේ සජීවීව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිකරවා ගැනීමට පියවර ගෙන ඇති ආකාරයක් ඔවුන්ට එහිදී දැකගන්නට ලැබිණ.
ඒ අනුව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද පියවර ගත්තේය. එහිදී අදහස් හුවමාරු වූයේ යම් හෙයකින් මෙරට පාර්ලිමේන්තුව කැඳවුවහොත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාර්ලිමේන්තුව පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනි. මෙම සාකච්ජාවේදී ධම්මික දසනායක බි්‍රතාන්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තම කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ නියෝජිතයකු සම්බන්ධ කර දෙන ලෙසටය. එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ එංගලන්ත නිලධාරීන් එරට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික ඇන්ඩෲ කෝල්මන් මහතාගේ සහාය ලංකාවට ලබා දීමට පියවර ගෙන තිබිණ. පසුගිය බදාදා කෝල්මන් මහතා එංගලන්තයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ලංකාවේ පාර්ලිමේන්තු බලධාරීන්ට විශේෂ උපදෙස් ලබාදීමක් සිදු කළේ ඒ අනුවය.
එම සාකච්ජාවට මෙරට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන් සියල්ලම පාහේ සහභාගී වී සිටි අතර ඒ සම්බන්ධයෙන් තමන්ට ඇති ගැටලු තැන් පිළිබඳව ඔවුන් ප්‍රශ්න කරද්දී බි්‍රතාන්‍ය නියෝජිත කෝල්මන් ඒ සියල්ලටම පිළිතුරු දෙන ආකාරයක්ද දැකගත හැකි විය. එම සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවැත්වුණු ආකාරයද දැකගත හැකි විය.
ඒ අනුව දැන් මෙරට පාර්ලිමේන්තු බලධාරීන් සැලැසුම් කර ඇත්තේ යම් හෙයකින් හදිසියේ පාර්ලිමේන්තුව යළිත් වරක් කැඳවුවහොත් හෝ මහ මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී බි්‍රතාන්‍ය සම්ප්‍රදාය අනුව යමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව මෙරට පාර්ලිමේන්තුවද රැස් කිරීමටය. එහිදී දැනට යෝජනා වී ඇත්තේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් 125 දෙනකු පමණ පාර්ලිමේන්තුව ඇතුළට ගැනීමටය. ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ වෙනත් ස්ථානයක රඳවා ඔවුන් සජීවීව පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ කරවීමට හෝ ඔවුන් නිවෙසේ සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සජීවීව සම්බන්ධ කර ගැනීමටද මේ වන විට අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් තවමත් මෙම යෝජනාවලිය සාකච්ඡා මට්ටමේ පවතින අතර මෙය ක්‍රියාත්මක මට්ටමට පැමිණෙනු ඇත්තේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ පක්ෂ නායකයන් ගනු ලබන තීන්දු, තීරණවලට අනුවය. ඒ අනුව පාර්ලිමේන්තුව යළි රැස්වූ දිනෙක මෙම යෝජනා මාලාව පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරනු ඇති බවත්, එහිදී ගනු ලබන තීන්දු තීරණවලට අනුව පාර්ලිමේන්තුව රැස්වෙනු ඇති බවත් දැනගන්නට ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රයිනි එක්ක ජයශ්‍රී හන්තානේ තනිවෙයි

Next Post

කිමිදෙමුද ඕපල් පතලක?

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.