• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කිමිදෙමුද ඕපල් පතලක?

May 30, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
කිමිදෙමුද ඕපල් පතලක?
Share on WhatsAppShare on Facebook

හොලිඬේ

කිමිදෙමුද ඕපල් පතලක?
රත්නපුරේ මැණික්වලට ප්‍රසිද්ධ බව අපි කවුරුත් දන්නවා. හැබැයි මේ මැණික් කර්මාන්තය දැන් රත්නපුරේටම සීමා වෙන්නෙ නෑ. ඉන් එහාට ගිහින් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මිනිසුන් පොළො ගැබේ නිදන් වී ඇති මැණික් සොයමින් අඳුරු පතල්වලට බහිනවා. ධනවත් වීමේ සිහිනය විසින් ඔවුන්ව ඉල්ලම් සොයමින් පොළෝ තලයේ ගැඹුරටම ගෙනියනවා. හැබැයි මෙහෙම වාසනාව හොයන් යන පතල්වල ඉල්ලම් නැති බව දැනගත්තම කරන්න වෙන්නෙ ඒ පතල් අතහැරල දාන එක. එහෙම පොළොවේ ගැඹුරටම හාරපු පතල් අතහැරල දාන එක විශාල පාරිසරික ගැටලුවක්. ඒ වුණාට ලෝකෙ හැම තැනකම මේ වැඬේ වෙනව.

හැබැයි මෙහෙම අත්හැරල දාපු පතල්වලින් ආපහු මුදල් හොයන්න ක්‍රමයක් ස්ලෝවැකියාව හොයාගන්නව. ඒ ඔවුන්ගෙ අත්හැරල දාපු ඕපල් පතල්වල කිමිදීමේ අවස්ථාව සංචාරකයන් සඳහා විවෘත කරල. මේ කියන්න යන්නෙ ඒ අපූරු සංචාරක ව්‍යාපාරය ගැන.

ඕපල් කියෙන්නෙ සිලිකාවලට සමාන රසායනික සංයෝගයක් තියෙන 6%ත් 10%ත් අතර ජලය අඩංගුවන පාෂාණ වර්ගයක්. මෙම පාෂාණවල ඇති අභ්‍යන්තර ව්‍යුහය නිසා මේ පාෂාණවලින් ආලෝකයක් විහිදෙනව. ඕපල් කළු, සුදු ඒ වගේම විනිවිද පෙනෙන වර්ණ රාශියකින් දකින්න ලැබෙනව. මෙයින් වඩාත්ම දුර්ලභ වෙන්නෙ කළු ඕපල්. සුදු, අළු, කොළ පාටවලින් යුන්ත ඕපල් සුලබව දනින් පුළුවන් වෙනව කියල තමයි කියන්නෙ. මධ්‍යකාලීන යුගයේදී සොයා ගත්තා යැයි සැලකෙන මෙම ඕපල්වලට නම වැටුණ විදිහ ගැනත් අපූරු ඉතිහාස කතාවක් තියෙනව. “වටිනා ගල” කියන තේරුම තියෙන “උපලා” කියන පුරාණ ඉන්දියානු වචනයකින් තමයි ‘ඕපල්’ කියන නම හැදිල තියෙන්නෙ.
අපි මේ කියන්න යන ඕපල් පතල පිහිටල තියෙන්නෙ නැඟෙනහිර ස්ලොවැකියාවේ කැඩස්ට්‍රල් කියන ප්‍රදේශයේ. ලිඛිත සාක්ෂිවල සඳහන් වන ආකාරයට මේ ප්‍රදේශයේ පතල් කැණීම් සඳහා අවසර දීල තියෙන්නෙ 1597 තරම් ඈත කාලයේ. ඒ අවසරය නිකුත් කරල තියෙන්නෙ දෙවැනි රැඩොල්ෆ් අධිරාජ්‍යයා. කොහොම වුණත් මේ පතල්වල ස්වර්ණමය කාලය ලෙස සැලකෙන්නෙ 1845 – 1880 අතර කාලය. ඒ කාලයේ මෙම පතල්වල 350ක පමණ කම්කරුවන් පිරිසක් සේවයේ යෙදිල හිටිය කියල කියනව. මේ පතල ගැන කියැවෙන තවත් තොරතුරුවලින් කියැවෙන්නෙ ලෝකයේ කොතැනකවත්, මේ පතලෙන් තරම් ඕපල් කැණීම් කර ගොඩගෙන නැහැ කියලයි. පතල සක්‍රියව පැවැති කාලෙ මේකෙන් වසරකට ඕපල් කැරට් 25,000ක් ගොඩ අරන් තියෙනව කියල තමයි වාර්තා වෙන්නෙ. එතෙක් මෙතෙක් ලෝකයේ පොළො තලයෙන් ගොඩට ගත් ලොකුම ඕපල් මැණික ගොඩ අරන් තියෙන්නෙත් මේ පතලෙන්. ඇමෙරිකන් ඩොලර් මිලියන භාගයක් ලෙස ගණන් බලල තියෙන ඒ ඕපල් මැණිකෙ බර කැරට් 3035 (ග්‍රෑම් 594)ක් වෙනව. එම ඕපල් ගල දැනට වියනාවල ‘ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයෙ’ සුරක්ෂිතව තියෙනව.

කොයි තරම් වටිනාකම් උපයල දුන්නත් මේ පතලටත් “සියලු දේ අනිත්‍යයි” කියන සදාතනික නීතියට අවනත වෙන්න සිද්ධ වෙනව. ඒ කියන්නෙ මේ පතලෙන් ගොඩට එන ඕපල් ප්‍රමාණය අඩුවෙනව. ඉතින් කිසිම ආයෝජකයෙක් මේ පතල්වලට මුදල් ආයෝජනය කරන්න කැමැති වෙන්නෙ නෑ. ඒ අනුව 1922 අවුරුද්ද වෙනකොට මේ පතලෙ වැඩකටයුතු අවසන් වෙනව. එහෙම පතල් කැණීම් අවසන් කරන පතල සංචාරක ප්‍රදේශයක් විදිහට සංචාරයකයන්ට විවෘත වෙන්නෙ 2015දි.

විශාල භූමි ප්‍රමාණයක් වසාගෙන පවතින ආරක්ෂිත කලාපයක් වන මෙම පතලේ කිලෝමීටර් එකහමාරක් විතර දිග පැරැණි පතල් කොරිඩෝවක් තමයි සංචාරක කලාපයක් හැටියට විවෘත වෙන්නෙ. මෙහි යන සංචාරකයන්ට පතලේ වැඩ කිරීම, ඕපල් පතල් කැණීමේ ඉතිහාසය සහ භූගත උමං පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමේ අවස්ථාව හිමිවෙනව. මීට වසර 100 කට පෙර පතල් කම්කරුවන් විසින් භාවිතා කරන ලද ඕපල්, විවිධ ඛනිජ, පතල් ලාම්පු, ට්‍රොලි සහ මෙවලම් ආදිය බැලීමටත් සංචාරකයන්ට අවස්තාව ලැබෙනවා. මෙහි ඇති විශේෂම කොටස වන්නේ කැණීම පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව. එයින් ඔවුන්ට මීට සියවස් ගණනාවකට පෙර ඕපල් පොළොවෙන් ගොඩට ආපු විදියේ ප්‍රායෝගික අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙනව.

මෙහි ඇති වඩාත් ආකර්ෂණීය සංචාරක ඉවසව්ව වෙන්නෙ වතුර පිරී ඇති මෙම පතල්වල කිමිදෙන එක. හැබැයි මේ කැණීම් කළ උමං පද්ධති 17න් ජලයෙන් පිරිල තියෙන්නෙ උමං මාර්ග 5ක් විතරයි. ඒ උමං පද්ධති 5 තුළ තමයි කිමිදුම් ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙන්නෙ. මෙම ගැඹුරු පතල් ගවේෂණය කිරීමට, කිමිදුම්කරුවන්ට ප්‍රමාණවත් ශාරීරික ශක්තියක් සහ දරාගැනීමේ ශක්තියක් තියෙන්නෙ ඕන. මොකද මේ ගමන ඉතාම අවදානම් ගමනක්. ඒ හින්ද වර්තමානයේ ලෝකයේ භාවිතා වන ඉහළම වෘත්තීය තාක්ෂණික කිමිදුම් ක්‍රම ඔවුන් භාවිතා කරනවා. ඒ සඳහා සංචාරකයන්ට මඟපෙන්වන්නෙ ලෝකයේ සිටින විශිෂ්ටම වෘත්තීයමය කිමිදුම්කරුවන්.

කිමිදෙන්න බලාපොරොත්තුවෙන් යන කිමිදුම්කරුවන්ට ඔවුන්ගේ ආම්පන්නද රැගෙන, මීටර් 50කට වඩා දුරක් බොහොම ප්‍රවේශමෙන් පිවිසුම් දොරටුව කරා ගමන් කරන්න සිද්ධ වෙනව. ඉන් පසුව තටාකයට ඇතුළු වී ගැඹුරට කිමිදීමෙන් පස්සෙ ඔවුන් ඇතුළු වෙන්නෙ වෙනමම විසිතුරු ලෝකයකට. සාමාන්‍ය උමංවල දක්නට ලැබෙන අන්ධකාරය මේ උමංවල දක්නට ලැබෙන්නෙ නැහැ. මොකද මේ උමං ඕපල් ගල්වලින් විහිදෙන ආලෝකයෙන් ආලෝකමත් වෙලා තියෙන්නෙ. කිමිදුම්කරුවන් විස්මයට පත්වෙන්නෙ ඕපල් මැණික්වල පැහැයයෙන් වර්ණ ගැන්වුණු උමං බිත්ති දැක්කහම. එයින් විහිදෙන හිතාගන්න බැරි විසිතුරු වර්ණ රටාවලින් ඒ තුළ ඉන්න අයගෙ දෑස් නිලංකාර වෙනව.

සෙල්සියස් අංශක 4-5 තරම් ඉතා අඩු උෂ්ණත්වයක් පවතින පතල්වල ගැඹුරට යනකොට ශතවර්ෂයකට පමණ කලින් පතල් කම්කරුවන් විසින් අතහැර දැමූ මෙවලම් දැකගන්න පුළුවන් වෙනව. පතල් බිත්තිවලින් දක්නට ලැබෙන දිදුලන වර්ණය තීරණය වන්නෙ වසර ගණනාවක් තිස්සෙ සිද්ධ වෙන ඛනිජකරණ ක්‍රියාවලිය හරහා. උමගේ බිත්තිවල සමහර කොටස් දැකගන්න ලැබෙන්නෙ විවාහ උත්සවයකට සැරසිලි කරපු ලයිට් වැල් වගේ. නමුත් මෙම ලිමොනයිට් කියන ව්‍යුහයන් හැදිල තියෙන බුබුළු පිටවන උමන් බිත්ති සුළු ස්පර්ශ කිරීමකින් පහසුවෙන් කඩා වැටීමේ අවදාමක් තියෙනව. කාලයාගේ ඇවෑමෙන් පාරිසරික වෙනස්කම්වලට ලක්වෙච්ච සෑම දෙයක්ම අමුතු අමුතු ආකාරයේ වර්ණවලට හැරිල තියෙනව. දිය යට උමං තරමක් පටු නිසා මේ ගමන ඉතාම අවදානම්කාරී ගමනක් විදිහට තමයි බොහෝදෙනා සලකන්නෙ.

කොහොම වුණත් තරමක් වියදම් අධික වෙච්ච මේ ගමන බොහෝ සංචාරකයන් ලබාගන්න සිහින දකින අත්දැකීමක්. ලෝකයේ ඉතාම අල්ප පිරිසකට පමණක් ලබාගන්න හැකියාව ඇති මම සංචාරක අත්දැකීම ලබාගන්න පුළුවන් නම් උත්සාහ කරල බලන්න. හැබැයි ඒ සඳහා ඔබට වලංගු කිමිදීමේ බලපත්‍රයක් තිබීම අනිවාර්යයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ හදිසි පුටු පෙරළියක් (රාජ්‍ය රහස්)

Next Post

ආණ්ඩුවට ටැමිල් ඊළාම් ප්‍රහාරයක් එල්ල වෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.