එල්.ටී.ටී.ඊ හිතවාදී ටැමිල් ඊළාම් සයිබර් ෆෝස් නැමැති සංවිධානයක් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද (30) අලුයම සයිබර් ප්‍රහාරයක් කොට තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර ඇැත්තේ එම සයිබර් ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බවයි.
ඒ අනුව වහාම මෙම වෙබ් අඩවි යාවත්කාලීන කිරීමට පියවර ගනිමින් සිටින බවද දැනගන්නට ඇත.










