ගිනිකොන දිශාවේ දකුණු අන්දමන් දූපත ආසන්නව අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇති බවත්, එය 23 වැනිදා වනවිට පීඩන අවපාතයක් බවට පත්ව දිවයිනේ නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක හරහා ගමන් කිරීම නිසා එහි වක්‍ර බලපෑමක් මෙරටට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම බලපෑම නිසා 23, 24, 25 යන දිනවලදී උතුරු ප්‍රදේශයට සහ උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත්වලට කඩින් කඩ වැසි ඇතිවන බවයි ඔහු පැවැසුවේ.
ඊට අමතරව පුත්තලම සිට කන්කසන්තුරේ හරහා හම්බන්තොට දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු සීමාවන්ටද කඩින් කඩ වැසි මෙන්ම මුහුද රළු වී සුළඟේ වේගය පැයට කිලෝමීටිර් 70 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා අනාවැකි පළකර ඇත්තේ.
එම කාලසීමාව තුළදී දිවයිනේ අනෙකුත් පළාත්වලටද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










