නඩුවකට සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.Sri Lanka Latest News
2016 වසරේ රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකාර ඩග්ලස් දේවානන්ද මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටි නොමැත.
ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා විසින් දැනුම් දී තිබුණද, ඒ බව තහවුරු කරන වෛද්‍ය සහතික ද ඉදිරිපත් කර නොමැත.
ඒ අනුව ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස වරෙන්තු නිකුත්කර ඇත.










