ගෙවුණු පුය 24ක කාලය ‘මව්රට’ අපට ඉතිහාසයේ වැඩිපුරම දුරකතන ඇමැතුම් ලැබුණු පැය 24 විය. Sri Lanka Latest News
ඊට හේතු වූයේ දෛනිකව ලක්ෂය ඉක්මවා ග්රාහක සංඛ්‍යාවක් පිවිසෙන අප ‘මව්රට නිව්ස්’ වෙබ් අඩවිය හදිසියේම තාක්ෂණික දෝෂයක් මතුවීම හේතුවෙන් පසුගිය පැය 24 පුරා කිසිවකුටත් ඊට පිවිසීමට නොහැකිව තිබීමය.
‘මොකද වෙබ් එකට වෙලා තියෙන්නේ… සයිබර් ඇටෑක් එකක්ද..? කවුරුහරි හැක් කරලාද..? නැත්නම් වෙන ප්‍රශ්නයක්ද..? වෙබ් එක බලන්න බෑනේ..’ යනාදී වශයෙන් නිරන්තරයෙන්ම ලැබුණු දුරකතන ඇමැතුම්වලට පිළිතුරු දුන්නා හැරෙන්නට ගෙවුණු පැය 24 තුළ අපට වෙනත් වැඩක් කරන්නට කාලය ඉතිරිව තිබුණේ නැත.
මීට වසර තුනකට ඉහතදී ආරම්භ කළ ‘මව්රට නිව්ස්’ වෙබ් අඩවිය මේ වනවිට දිනපතා ලක්ෂයකට අධික ග්රාහකයන් සංඛ්‍යාවක් පිවිසෙන දිවයිනේ ජනප්‍රියතම වෙබ් අඩවිය බවට පත්ව ඇති බව අප සදහන් කරන්නේ අපමණ සතුටකිනි.
ඒ අනුව මසකට මිලියන 3 ඉක්මවා යන ග්රාහක පිරිසක් පසුගිය කාලය පුරා නිරන්තරයෙන් අප හා රැදී සිටියහ.
නමුත් පසුගිය මාස කිහිපයේ පැවැති දේශපාලන උණුසුම හේතුවෙන් දෛනිකව අප වෙබ් අඩවියට පිවිසෙන ලක්ෂයකට අධික ග්රාහක පිරිස එක්වරම විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණ.
ඒ හේතුවෙන් විවිධ තාක්ෂණික ගැටලු මතුවීම නිසා අපටද වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සිදුවූයේ දැඩි අසීරුතා මධ්‍යයේය.
කෙසේවෙතත් ගෙවුණු පැය 24 ඇතුළත අපට එම තාක්ෂණික ගැටලුව විසදා ගැනීම හේතුවෙන් අද සිට නැවතත් සුපුරුදු පරිදි ඔබ වෙත දේශපාලන ලෝකයේ පමණක් නොව රටේතොටේ සිදුවන විශේෂ සිදුවීම් වාර්තා කිරීමට හැකියාව ලැබී තිබේ.
ඒ හේතුවෙන් ඊයේ දිනයේදී මව්රට ග්රාහකයන්ට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් අපගේ කනගාටුව පළකර සිටිමු.










