• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර කල් අපිව මැන්නේ සටන් පාඨවලින්! අද ඉඳන් අපිව මනින්නේ අපි ආණ්ඩු කරන විදිහ අනුවයි! මේ ලැබුණු බලය වගකීම් සහගතයි! බලය අනිසි ලෙස භාවිත කරන්න බෑ! සීමා මායිම් තියෙනවා! ඔබ පුරවැසියන්ට-ව්‍යාපාරයට වගකිව යුතුයි! අලුතින් දිවුරපු කැබිනට් මන්ත්‍රීවරුන්ට ජනපති පළමු පාඩම කියා දෙයි! VIDEO I Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 34 mins read
A A
Share on WhatsAppShare on Facebook

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. Sri Lanka Latest News

අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවය.

දීර්ඝ කාලයක් දරන ලද වෙහෙස, ජනතා අපේක්ෂාවන් යන සියල්ල සාර්ථක කරගැනීමේ දී යහපත් ආණ්ඩුකරණයක් තිබිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

“ජයග්‍රහණය විශාල වගේම ඒ ජයග්‍රහණයෙන් අප වෙත පවරා ඇති වගකීම් ඒ හා සමානව බරයි.” යනුවෙන් ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම වෙනස් වූ බවත් තව දුරටත් බෙදීමේ දේශපාලනයක් අවශ්‍ය නොවන බව මෙවර මැතිවරණයෙන් පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජාතික ජන බලවේගයට ශක්තිමත් ජන වරමක් ලබාදීමට උත්සාහ ගත් සියලු ජනතාවට ස්තූති වන්ත වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජාතික ජන බලවේගයේ අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේ දී සියලු ජනතාවගේ සහාය අවශ්‍ය වන බවත් පැවසු ජනාධිපතිවරයා, පරාජිතයාගේ හිත රිදවන ඉතිහාසය වෙනස් කළ බවත් අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ බවද කියා සිටියේය.

ජනතාව වෙත මතය ගෙන යෑමේ දී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ තරුණ ප්‍රජාවට හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙවර මැතිවරණයට විශාල දායකත්වයක් හිමිවූ බවත් ඔවුන් සියලුදෙනාට ස්තූතිය පුදකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

විශාල උද්යෝගයකින් මෙවර මැතිවරණයේ දී ජනතාව නැඟිට සිටියේ, ඔවුන් විඳගෙන සිටි පීඩාව නිසා බව ද පැවසු ජනාධිපතිවරයා, මෙම මැතිවරණයේ ප්‍රතිඵලය යනු ඔවුන්ගේ නිදහස් ආමන්ත්‍රණය බව ද කියා සිටියේය.

එනිසා පුරවැසියන්ට අඩ නිදහසක් දීමට කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන බව ද පැවසු ජනාධිපතිවරයා, පුනරොද යුගයකට ශ්‍රී ලංකාව රැගෙන යා යුතු බව ද පැවසීය.

“අපි කවුරුත් දන්නවා ලංකාවේ දේශපාලනයේ ඉතාමත් තීරණාත්මක හැරවුමක් සැප්තැම්බර් 21 වනදා සිදු වුණා. දීර්ඝ කාලයක් අප රට ගමන් කරමින් තිබු මාවත තීරණාත්මක ලෙස වෙනස් කිරීම සඳහා ජනතාව විසින් සැප්තැම්බර් 21 වනදා තීන්දුවක් ගනු ලැබුවා. ඉන් අනතුරුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී සැප්තැම්බර් 21 වනදා ගනු ලැබූ තීන්දුව තවත් ශක්තිමත් කරමින් අප කෙරෙහි මේ රටේ පොදු ජනතාව විශ්වාස තබා තිබෙනවා. 

මෙම නව පරිවර්තනය සඳහා අපේ රටේ ජනතාව උද්යෝගයෙන් සහ උනන්දුවෙන් සහභාගී වූ බව අපි කවුරුත් දන්නවා. ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම නිරන්තරයෙන් වෙලී තිබුණේ උතුරට එරෙහි දකුණේ දේශපාලනයත්, දකුණට එරෙහි උතුරේ දේශපාලනයත් ලෙසයි. එසේ නැත්නම් එක් එක් ජන කණ්ඩායම් අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය කරන දේශපාලනයක්. නමුත් මෙම මැතිවරණයෙන් මුළුමනින්ම පෙන්නුම් කරන්නේ තවදුරටත් අපේ රටට බෙදීමේ දේශපාලනය වලංගු නොවන බවයි. 

උතුරෙත්, දකුණෙත් නැගෙනහිරත්, බටහිරත් පොදු ජනතාවගේ අභිලාශයන් එකම කේන්ද්‍රයකට ගොනු කර ගැනීම සඳහා මෙවර මහ මැතිවරණය සමත්වී තිබෙනවා. 

ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ ඒ සියලු ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපට ඡන්දය ලබා නොදුන්නත්, වෙනත් දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ලබා දුන්නත් අප අපේක්ෂා කරන මේ කාර්යයන් සහ අරමුණු ඔවුන්ගෙත් අරමුණු බවට පත්වන බව නිසැකයි. ලංකාවේ කිසිදු පුරවැසියෙකු බේදීමේ දේශපාලනය විශ්වාස කරනු ඇතැයි මම සිතන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ කිසිදු දේශපාලනඥයෙක් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම විශ්වාසය කරයි කියා මම සිතන්නේ නැහැ. මේ ආදි යහපත් දේ සෑම පුරවැසියෙකු තුළම ගැබ් වී තිබෙනවා. ඒ නිසා අපට ඡන්දය දුන් අය ඒ යහපත් දේ ඡන්දය හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඡන්දය නොදුන් ජනතාව තුළත් අප මේ අපේක්ෂා කරන අරමුණ තිබෙන බව අප දැඩි ලෙස විශ්වාස කරනවා. 

ඒ නිසා මේ මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස  කණ්ඩායම් දෙකක් මේ රටේ නැහැ. ජාතික ජන බලවේගය විසින් මේ රටේ අපේක්ෂා කරන ලද අරමුණු ඉටු කර ගැනීමේ දී මේ සියලු ජනතාවගේ සහායත් විශ්වාසයත් අපට අවශ්‍යයි. ඒ නිසා අප ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාමකාමීව ස්ථාපිත කරන්නේ කොහොමද, අනෙකාගේ දේශපාලන අයිතියට ගෞරව කරන්නේ කොහොමද කියන එක අප මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුව පෙන්වනු ලැබුවා. 

මම හිතනවා එය මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක්. නමුත් අප විශ්වාස කරනවා එම අත්දැකීම අපේ රටේ සෑම පුරවැසියෙක්ම අපේක්ෂා කළ අත්දැකීමක් කියලා. ඒ වගේම මහ මැතිවරණයෙන් පසුවත්, මැතිවරණ කාල පරිච්ඡේදය තුළත් ලංකා ඉතිහාසයේ සිදු වූ සාමකාමීම මැතිවරණය පැවැත්වීමට අපේ පාලනය අවස්ථාව ලබා දුන්නා. එය ඔවුන්ගේ අයිතියක්. ඒ වගේම මේ මැතිවරණය ඓතිහාසික මැතිවරණයක්, මෙම මැතිවරණයේ සුවිශේෂීතා ගණනාවක් තිබෙනවා. ප්‍රමාණාත්මකව ගතහොත් ලංකා ඉතිහාසයේ මහ මැතිවරණයකදී ලබා ගන්නා ලද වැඩිම ජයග්‍රහණය, දේශපාලන ව්‍යපාරයක් ලෙස ගතහොත් මැතිවරණ ඉතිහාසයේ ආණ්ඩුවක් ලබාගත් පළමු ජයග්‍රහණය, අනිත් පැත්තෙන් ගතහොත් ජනතාවට සතුටු විය හැකි ජයග්‍රහණයක්. එවැනි ජයග්‍රහණයක් අප සහ අපේ පුරවැසියන්ට හිමි වූයේ කෙසේද, එම වෙනස්කම් අපේ රටට අවශ්‍යයි. 

අප දැක තිබෙනවා අපේ රටට විවිධ ආකාරයේ ජයග්‍රහණය ලැබුණු සෑම විටම අපේ පොදු ස්වභාවය බවට පත්ව තිබුණේ පරාජිතයාට, එසේ නැත්නම් අනෙක් පාර්ශ්වයට හිත රිදවන, පීඩාවට පත් කරන ඉතිහාසයක්. නමුත් අප මෙම මැතිවරණයෙන් පසුව ස්ථීර ලෙසම අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. මහ මැතිවරණයෙන් පසුව අප එහි අඛණ්ඩතාව ආරක්ෂා කර තිබෙනවා. 

සිදුවීම් සිදු විය හැකියි. එක් අවස්ථාවක සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැකියි. තවත් අවස්ථාවක ගැටුම්කාරී අවස්ථා පැවතිය හැකියි. නමුත් ඒවා ස්ථාවර වන්නේ නැවත නැවත ඒවා සිදුවීමෙන් පමණයි. ඒ නිසා මෙම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අප විවෘත කරන දොරකවුළු, පුරවැසියන්ට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී  අයිතින් ආරක්ෂා කර ගැනීම සඳහා වන අපේ බැඳීම ඒවා හුදු සිදුවීම් බවට පත්වෙනවා අවස්ථාවක්, දෙකකට පමණක් සිමාව වුවහොත්. නමුත් සෑම විටම එහි අඛණ්ඩතාව අප ආරක්ෂා කර ගතහොත් ඒවා හුදු සිදුවීම් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුරවැසියාගේ අයිතින් අඛණ්ඩව ආරක්ෂා කරමින්, තව 

තවත් ගුණාත්මක තලයකට ගෙන ඒම අප වෙත පැවරී ඇති වගකීම වෙනවා. එය ආණ්ඩුවේ වැදගත් වගකීමක් කියා මා කල්පනා කරනවා. 

විශේෂයෙන් මෙම මැතිවරණ ව්‍යාපාරයේ දී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල උද්යෝගයක්, ධෛර්යයක් අප වෙත ලබා දෙනු ලැබුවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස මැතිවරණයක් පිළිබඳ උනන්දුවක් දැක්වූ එක් අවස්ථාවක් මීට පෙර මැතිවරණ ඉතිහාසයේ තිබෙනවා. මම හිතනවා එම අවස්ථාවද අභිබවා යන ආකාරයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්වීමක්, දායකත්වයක් සහ ක්‍රියාකාරිත්වයක් මෙම මැතිවරණයේ දී ලබා දුන්නා. 

ඔවුන් ලංකාවෙන් පිටත සිටියත් මෙම මැතිවරණයේ ප්‍රතිඵල ඔවුන් ඉතාමත් සතුටින්, උද්යෝගයෙන් යුතුව සැමරූ බව අප දන්නවා. අප ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. 

අපි දන්නවා සාමාන්‍යයෙන් මැතිවරණයකදී දේශපාලනයේ තිබෙන වැදගත්ම කොටස වන්නේ අපි දරණ මතය සහ අප දරණ අදහස් සමාජය වෙත ගෙන යාමයි. එම සමාජය වෙත ගෙන යාමේදී අප දේශපාලන ව්‍යාපාරයක් ලෙස යම් කාර්යයක් සිදු කළා වගේම ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍ය තුළ එම වගකීම කරට ගත් නව පරම්පරාවක් සිටියා. එම තරුණ පරපුරේ විශේෂ අපේක්ෂාවන් අප තේරුම්ගත යුතුයි. හුදු ඔට්ටුවක්, තරගයක්, ජයග්‍රාහකයා පරාජිතයා බෙදා ගැනීම සඳහා පොරයක් නොවෙයි සමාජ මාධ්‍ය තුළ පෙන්නුම් කළේ. ඒ තුළ පෙන්නුම් කළේ අලුත් තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සහ අරමුණුයි. ඒ නිසා අපි එයට බැඳි සිටිය යුතුයි. එය වැදගත් කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු දෙනාට අප මෙම අවස්ථාවේ දී ස්තූතිවන්ත වෙනවා. 

නමුත් අප තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. විශාල බලාපොරොත්තුවක් සහිතව මෙම ජනතාවගේ නැගී සිටීමේ රහස කුමක්ද, දීර්ඝ කාලයක් අපේ රටේ පුරවැසියන් විවිධාකාරයේ පීඩාවන්ට මුහුණ දෙමින් සිටියා. නීතිය ඉදිරියේ අපේ රටේ පුරවැසියන් අසරණභාවයට, පීඩාවට පත්වූ අවස්ථා සුලබ දසුනක්. ඒ වගේම ආර්ථිකයේදී නොසළකා හරින ලද ජන කණ්ඩායමක් සිටිනවා. ඔවුන් ආර්ථිකය තුළ මිනිස් දූවිලි බවට පත්ව තිබෙනවා. නිසි පරිදි ආහාර වේලක් නැති, නිසි පරිදි නිවසක් නැති, නිසි පරිදි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථාවක් නොමැති ආර්ථික පීඩාවට ලක් වු ජන කණ්ඩායම් සිටිනවා. 

ඒ වගේම තමන් නියැළෙන වෘත්තිය තුළ තමන්ගේ දැනුම සහ හැකියාව නිදහසේ යෙදවිය හැකිද? ඒ නිසා වෘත්තීවේදීන් තම වෘත්තිමය ක්ෂේත්‍රයේ තමන්ගේ කාර්යභාරයන් ඉටු කර ගැනීමේ දී මුහුණ දුන් පීඩාවන් ගැබ්වී තිබෙනවා. ඒ වගේම තමන් කතා කරන භාෂාව අනුව, තමන් අදහන ආගම අනුව සංස්කෘතීන් අනුව කොන් වූ පීඩාවට පත්වූ ජන කණ්ඩායමක් සිටියා. ඔවුන් හැම වෙලාවෙම කල්පනා කරනවා ශ්‍රී ලංකාව තුළ ඔවුන් හුදකලාවට ලක් වූ අය. ශ්‍රී ලංකාව තුළ ඔවුන් කොන් වූ අය, ශ්‍රී ලංකාව තුළ සම අයිතින් නියෝජනය කරනවා වෙනුවට කප්පාදු කරන ලද අයිතින් උරුම ජන කණ්ඩායමක් බව ඔවුන් කල්පනා කරනවා. ඒ නිසා එවැනි පීඩාවක් තිබුණා.

සෑම ක්ෂේත්‍රයකම ජන කණ්ඩායම් බැලුවොත් ඔවුන්ටම ආවේණික, ඔවුන්ටම අනන්‍ය වු පීඩාවන් රැසකට අපේ පොදු ජනතාව මුහුණ දුන්නා. මම දන්නවා නීතිය ඉටු කිරීම සඳහා උත්සාහ කරන රාජ්‍ය නිලධාරීන් මේ පීඩාවේ ගොදුර බවට පත්ව සිටියා. එයයි සත්‍ය තත්ත්වය. ඒ නිසා මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්‍රණයයි. ඔවුන්ට අවශ්‍ය වී තිබුණා මේ නිදහස. මේ විවිධාකාරයෙන් එල්ල වූ තිබු පීඩාවන්ගෙන් මිදීමේ අවශ්‍යතාවය ඔවුන්ට තිබුණා. ඒ නිදහසේ අවශ්‍යතාව ආමන්ත්‍රණය වන්නේ මේ ඡන්ද ප්‍රතිඵලයෙන්. එසේ නම් අපට කිසිදු අයිතියක් නැහැ එම පුරවැසියන්ට කප්පාදු කිරීමේ නිදහසක් ලබා දීමට. ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම පූර්ණ නිදහස අප තහවුරු කළ යුතුයි. 

වෘත්තීයවේදීන් ලෙස තමන්ගේ දැනුම අනුව තමන්ගේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා අප ලබාදෙන නිදහස, නීතිය සහ සාමය ස්ථාපිත කරන නිලධාරීන්ට තමන්ගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අප ලබා දෙන නිදහස, ආර්ථිකයේ සාධාරණ පංගුවකට උරුමකම් කීම සඳහා අප දෙන නිදහස, තමන්ගේ ආගම, භාෂාව සංස්කෘතීන් අනුව පුරවැසියන්ට නිදහසේ ජීවත්වීම සඳහා තිබෙන අයිතිය මේ ආදී සියල්ල අප යළි තහවුරු කළ යුතුයි. ඒ නිසයි අප කියන්නේ පුනරුද යුගයක් කරා ශ්‍රී ලංකාව ගෙන යා යුතුයි කියලා. 

මේ රටේ ජනතාවට මීට වඩා නිදහස් වාතාවරණයක් අප නිර්මාණය කළ යුතුයි. මේ ජයග්‍රහණය ලබා ගැනීමේ දී පොදු ජනයාගේ විශාල මැදිහත්වීමක් තිබු බව අප දන්නවා. අපේ දේශපාලන යාන්ත්‍රණය සමඟ සම්බන්ධ නොවු, අප මුණ නොගැසුණු, අපත් සමග කථා බහ නොකළ නම්, ගම, තැන් නොදන්න විශාල පිරිසක් අප වෙනුවෙන් වැඩ කළා. ඔවුන් බස් රියේදී, දුම්රියේදී, වැඩපළේදී, උත්සව අවස්ථාවකදී මේ සෑම අවස්ථාවකදීම විශාල පිරිසක් අපේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණා. ඒ වගේම මතක තබා ගත යුතුයි අප මෙම ජයග්‍රහණය සඳහා දීර්ඝ කාලයක් පොර බැදුවා. දශක ගණනාවක් පොර බැදුවා. 

මා දන්නවා මෙහි සිටින බොහෝ පිරිසක් තමාගේ තරුණ කාලයේ සිට මෙම සිහිනය සඳහා පොර බැදුවා. මෙම පොර බැදීමේදී තමන්ගේ කාලය, ශ්‍රමය පමණක් නොවෙයි, තමන්ගේ ජිවිතය පවා මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප කළා. ඒ විතරක් නොවෙයි ආරම්භයේ ඉතා දුෂ්කර අවස්ථාවලදී මෙම ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට අපි මැදිහත්ව සිටියා. ඇතැම් අය අතරමැද දමා ගියා. එසේ වුවත් අපට මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ආරම්භයේදී, අතරමැදදි, ඕනෑම අවස්ථාවකදී ඔවුන් අපට සහාය ලබා දී තිබෙනවා. එයත් මෙම ජයග්‍රහණයට විශාල පිටිවහලක් වී තිබෙනවා. 

ඒ නිසා අපට ආකාර දෙකක වගකීමක් තිබෙනවා. එකක් පොදු ජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරයක් වෙනුවෙන් තිබෙන වගකීම. බලය කියන්නේ ඉතා විශේෂ දෙයක් කියා අප විශ්වාස කරනවා. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් යළි යළි බලය වර්ධනය කරනවා. හැබැයි ඉතිහාසයේ දැක තිබෙනවා, ඒ වගේම ඇතැම් අය ප්‍රකාශ කරනවා බලය දූෂිතයි. අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි කියලා. ඇත්ත. බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. ඒ බව ඔප්පු කර තිබෙනවා. අපේ රටේ අවස්ථාවන් කිහිපයක් මෙවැනි බලයන් නිර්මාණය වී තිබුණා. හැබැයි එම බලයන්ගේ අවසන් ප්‍රතිඵලය ගතහොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. ඒ බලයන් හැමවිටම රටට, ජනතාවට අහිතකර ලෙස යෙදවුවා. ඇතැම් අය සිතන්න පුළුවන් අසීමිත බලයක් ලැබී තිබෙනවා. එම අසීමිත බලය අප කොතනට තල්ලු කරයිද කියන සැකය සමාජය නිර්මාණය වී තිබුණා. 

කුඩා හෝ සැකයක් තියෙන හැම දෙනාටම මම කියන්නේ අපිට බලය තියෙන එක ඇත්ත. හැබැයි අපි ඒ වගේම මේ බලයේ සීමා මායිම් සහ මේ බලය විසින් අපිට සෙල්ලම් කරන්න අපිට මේ බලය විසින් අපට හසුරවන්න ලබාදී තිබෙන කොටුවේ ප්‍රමාණය අපි දන්නවා.  අපි හැම දෙනාම තේරුම් ගත යුතුයි. බලය තිබෙනවා. හැබැයි ඒ බලයේ සීමා මායිම් අපට තිබෙනවා. ඒ වගේම ඒ බලයේ අරමුණක් තිබෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දෙන ලද  යහපත් අරමුණු, අපේක්ෂා ඉටු කිරීම ඒ බලයට පැවැරී තිබෙනවා.

ප්‍රධාන දේ මේ බලය වගකීම් සහිතයි. කාටද? එක් පැත්තකින් පුරවැසියන්ට වගකීම් සහිතයි. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට වගකීම් සහිතයි. ඒ නිසා මම හිතනවා අනපනත්වලින් ව්‍යවස්ථාවලින් භාවිතාවෙන් කුමන ආකාරයේ බලයක් අපට නිර්මාණය කරලා දුන්නත් මේ බලය අප හැසිරවීමේදී  අපි වගවීමට ලක්විය යුතුයි. එක පැත්තකින් පුරවැසියන්ට අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට. අන්න එතනින් තමයි සියල්ල ගලවා වියුක්තව බලය හොබ වන්න බැරි වෙන්නේ. අපට  වගවීමක් තියනවා .බැඳීමක් තිබෙනවා .ඒ නිසා මම හිතනවා සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල වගකීමක් තියෙනවා කියලා. 

ඔබ හැමදෙනාම තේරුම් ගන්න. මම අළුතින් කියන්න අවශ්‍ය නැහැ. ඔබට ඒ සීමා මායිම් තිබෙනවා. ඔබට වගවීමක් තියෙනවා. ඔබට බැඳීමක් තිබෙනවා. එය ආරක්ෂා කරයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් තවත් සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා.මෙතන  කැබිනට් මණ්ඩලයට විතරක් නොවෙයි බොහෝ දෙනා පාර්ලිමේන්තුවටත් අලුත්. හැබැයි අපි දීර්ඝ කාලයක් අපි විවිධ අරමුණු වෙනුවෙන් විවිධ තලවල වැඩකළා. ඔබ වෘත්තිය වේගයෙන් හැටියට වැඩ කර තිබෙනවා. දේශපාලන ක්‍රියාධරයන් විදියට වැඩ කර තිබෙනවා. ඒනිසා ඔබ හැම දෙනාම  කැබිනට් එකට අලුත්, පාර්ලිමේන්තුවට අළුත්, හැබැයි දේශපාලන අලුත් නැහැ. වැඩ කරන්න අලුත් නැහැ.

එනිසා අපි හිතනවා ජනතාවට අලුත් පන්නයේ ආදර්ශයන් ගණනාවක්  මේ කැබිනට් මණ්ඩලයට අරන් දෙන්න පුළුවන් කියලා. ඒ වගේම රට අපේක්ෂා කරන ජයග්‍රහණයන් වල නියමුකාර්ය මේ තෝරාපත් කර ගනු ලැබූ කැබිනට් මණ්ඩලයට, ඔබට පුළුවන් බව මා විශ්වාස කරනවා.  අපි ඉතා හොඳින් මෙහෙයවා වැඩ කටයුතු කළොත්, ඒ හැකියාව ඔබට තිබෙනවා, ඒ උවමනාව ඔබට තිබෙනවා, අපි පෞද්ගලිකව දන්නවා ඔබ අදූෂිතයි, ඔබ අවංකයි, ඔබට මේ කාර්යභාරය ඉටු කර ගැනීමට ධෛර්යයක් තිබෙනවා. 

එනිසා ඔබ මේ කාර්යය අවංකව කරයි කියන දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. ඒ විශ්වාසයෙන් යුතුව තමයි අප කටයුතු කරන්නේ. ඒ වගේම දේශපාලනේ දී ගත්තොත් අපට එක වෙලාවකදී තිබුණේ දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාපාරය ගොඩ නගන්න ව්‍යාපාර ආමන්ත්‍රණය කරන්නයි. අපට යහපත් අරමුණු සමුදායක් තිබුණා. එම අරමුණු සමුදාය සාර්ථක කර ගැනීම සඳහා බලය අත්පත් කර ගැනීම සඳහා අප වැඩ කළා. එතකොට අපේ වැඩ රටාව.අපේ සටන් පාඨ, අපේ ක්‍රියාකාරකම්, ඒ ඔක්කොම තියෙන්නේ බලය අත්පත් කර ගැනීමේ සඳහා පොර බදන තලයේයි. අපි පොර බදලා, පොර බදලා, පොර බදලා මේ අවශ්‍යතාවය මේ රටේ පුරවැසියන්ට ඒත්තු ගන්වලා තිබෙනවා.  ඒක තමයි ප්‍රතිඵලය. දේශපාලනය ජයග්‍රහණය කරලා තිබෙනවා. තවදුරටත් අපි මනින්නේ දේශපාලන සටන් පාඨයෙන් පමණක් නොවේ. 

සැප්තැම්බර් 21 ට පෙර , නොවැම්බර් 14ට පෙර අපව මණිනු ලැබුවේ අපේ සටන් පාඨ අපේ මතවාදයන්ගේ තිබෙන මතවාද මතයි. හැබැයි නොවැම්බර් මාසයේ 14 වෙනිදායින් පසුව එය සිදු වන්නේ ආණ්ඩුකරණයේදී අප යහපත්ද නැද්ද කියන සාධකයෙන්. මීට පෙර අප මණිනු ලැබුවේ අපේ දේශපාලන ක්‍රියාකාරීත්වය හොඳද නරකද කියන එක. මෙතන සිට අපි මණින්නේ අපේ ආණ්ඩුකරණය යහපත්ද අයහපත්ද කියන සාධකයෙන්. 

ඒ නිසා අපි දීර්ඝ කාලයක් දරණ ලද වෙහෙස , ජනතාවගේ අපේක්ෂාව, ඔවුන් අපේක්ෂා කරන අරමුණු මේ සියල්ල සාර්ථක කර ගැනීමේදී අපේ ඉලක්ක සඳහා මෙහෙයවීම සඳහා යහපත් ආණ්ඩුකරණය අවශ්‍යයි. තව දුරටත් අපව මැණෙන්නේ සටන් පාඨ, මතවාදවල නෙවෙයි. අපි අද සිට මැණෙන්නේ අපේ සටන් පාඨවලට කොතරම් පණ පොවන්න සමත් පාලනයක්ද ලෙසයි. 

ඒ නිසා ජයග්‍රහණය විශාල වගේම මේ ජයග්‍රහණය විසින් අප වෙත පවරා තිබෙන වගකීම ඒ හා සමාන ලෙසම බරයි. සමහර අවස්ථාවල කිව්වා අපි ජයග්‍රහණය සඳහා පොර බදමු, ජයග්‍රහණයෙන් පසුව ඊට අදාළ ශක්‍යතාව , හැකියාව තිබෙන කණ්ඩායම් ඉදිරි පියවර ගෙන යයි කියලා. හැබැයි හොඳට හෝ නරකට ජයග්‍රහණය සඳහා පොර බඳන්නත් අපට සිදු වුණා. ජයග්‍රහණයෙන් පසුව ඒ කාර්යය සාර්ථක කර ගැනීමේ නියමුවරුන් බවට අප පත් වී තිබෙනවා. 

ඒ නිසා ඔබ මත තමයි මේ සියල්ල තිබෙන්නේ. ඔබ තමයි කේන්ද්‍රය. ඔබ මොන තරම් ඔබගේ ක්ෂේත්‍ර ප්‍රතිඵලදායක ලෙස මෙහෙයවීමට, ඔබට පවරා තිබෙන වගකීම ඉටු කිරීමට  සමත් ද? ඔබ මොන තරම් ඔබගේ පුද්ගලික චර්යාවන් බැඳීම්, ඉටු කරන්න සමත්ද? මේ මත තමයි අපේ ඊළඟ සමත් අසමත්භාවය තීරණය කරන්නේ. 

සැප්තැම්බර් 21 සහ නොවැම්බර් 14 අපි අදියර දෙකකින් සමත් වීමක් තිබෙනවා. ඊළඟට අපි සමත් වෙනවද නැද්ද කියා තීරණය කිරීමේදී ඔබගේ පංගුව විශාලයි. ඒ අපට මෙය සාර්ථකත්වයෙන් කෙළවර කළ හැකි වෙන්නේ ඔබ යහපත් ආණ්ඩුකරණය සඳහා දක්වන වගවීම සහ බැඳීමෙන් තමයි. ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු. ඒ වෙනුවෙන් අපි එක්ව හඬ නඟමු.”

SendShareShare
Previous Post

නෙළුවේ අක්කර 600ක් තියෙන කෝටිපතිනියක් අල්ලපු ඉඩම අල්ලගන්න දුප්පත් ගොවියෙකුගේ අක්කර දෙකක තේ වගාවක් ගලවා ගිනිතියලා! පොලිසියත් අල්ලගෙනලු ගේම ගහලා තියෙන්නේ! ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිල්ලක්! Sri Lanka Latest News

Next Post

අනුර කරන හැමදේටම ‘හරි.. හරි..’ කියනවද? ‘වැරදියි.. වැරදියි..’ කියනවද? සජබය විපක්ෂය කරන හැටි මරික්කාර් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.