• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවත් ලංකාවත් හොල්ලපු ෆර්හාඩ් ෂකේරි කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩිතැබීමේ සහ ආරුගම්පේ ඝාතනයේ මහමොළකරු! Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇමෙරිකාවත් ලංකාවත් හොල්ලපු ෆර්හාඩ් ෂකේරි කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩිතැබීමේ සහ ආරුගම්පේ ඝාතනයේ මහමොළකරු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ෆර්හාඩ් ෂකේරි යනු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර, ඔහු ඇෆ්ගන් සම්භවයක් ඇති ඉරාන ජාතිකයෙකි. දැනට 51 වැනි වියෙහි පසුවන ඔහු ඇෆ්ගනිස්තානයේ සිට කුඩා කාලයේදීම ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අයෙක් විය. කාලයක් යන විටදී ඔහු විවිධ අපරාධකාරී ක්‍රියාවන්ට සම්බන්ධ විය. මේ අනුව මොහු මුල්වරට 1994දී (දැනට වසර 30කට පෙර) විශාල මංකොල්ලකෑම් කිහිපයකටම වැරැදිකරු වූ අතර, අවස්ථා කිහිපයකදී වසර 14ක් පමණ නිව්යෝර්ක් නගරයේ බන්ධනාගාරවල සිරදඬුවම් වින්දේය. ඉතා දරුණු අපරාධකරුවකු වූ ෆර්හාඩ් ෂකේරි එම සිර දඬුවම්වලින් පසුව 2008 වසරේදී ඇමෙරිකාවෙන් පිටුවහල් කරන ලදී. ඔහු ඉරානයට පිටුවහල් කරන ලද අතර, පසුව ඉරාන ආරක්ෂක බළකායට බැඳී කටයුතු කරන්නට විය. ඔහු ඉරානයේ ටෙහෙරාන් නුවර ජීවත්වන අතරම තම අපරාධ ජාලය ශක්තිමත් කිරීමට කටයුතු කළේය…’

යම් ජාත්‍යන්තර අපරාධකරුවකු ගැන අසන්නට ලැබෙන මෙම කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුළද බහුලව අසන්නට ලැබුණු මෙම අපරාධකරුවාගේ නාමය සමග බැඳුණු අපරාධයක තොරතුරු අසන්නට ලැබුණේය. එය නම් ‘ආරුගම් බේ’ (ආරුගම් බොක්ක) සංචාරක කලාපය ආශ්‍රිතව වාර්තා වූ සිදුවීමකි. එනම් එම ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල ජාතික සංචාරකයන්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට තිබුණු සැලැස්මක් හෙළිවීමකි. එහිදී එම සැලසුම ගැන තොරතුරු ආරක්ෂක අංශ විසින් හෙළිකර ගත් අතර, පසුව එය ව්‍යර්ථ කිරීමට කටයුතු යෙදිණි. දැන් එසේනම් මෙම අපරාධ සැලැස්මේ තවත් අලුත් තොරතුරු රැසක් හෙළිකර සිටින්නේ කවරකු විසින්ද? මෙම ලිපියේ මුලින් ආරම්භ කෙරුණේ එම කතාවයි. මෙම සුවිශේෂ ආරක්ෂක විශ්ලේෂණය සිදුකරනු ලබන්නේ ගෝලීය ආරක්ෂක පරිසරයේ තර්ජන විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා විසිනි. මහාචාර්ය ගුණරත්න යනු ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් වසර 30කට වැඩි අධ්‍යයන, ප්‍රතිපත්ති සහ මෙහෙයුම් පළපුරුද්දක් ඇති විද්වතෙකි. මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සිංගප්පූරුවේ නැන්යැන්ග් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයකු වෙයි. ඔහු එංගලන්තයේ සහ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල දෙකකින් ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතකට මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින් මෙම ලිපිය සකසන ලදී.

මෙම විග්‍රහය Arugam Bay attack – Mastermind and Operators (ආරුගම්බේ ප්‍රහාරය – මහමොළකරු සහ ක්‍රියාකරුවන්) යන ඉංග්‍රීසි මාතෘකාව යටතේ ලියැවී ඇත. එම ලිපියේ කරුණු කාරණා තවත් සොයා බලමු.

‘ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවට සහ බුද්ධි සේවා අංශවලට අනුව ඉරාන ආරක්ෂක බළකාය සහ ඉරාන බුද්ධි සේවය විසින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ෆර්හාඩ ෂකේරි මෙම ප්‍රහාරයන් දෙක සම්බන්ධීකරණය කිරීම සඳහා බඳවා ගන්නා ලදී. කොළඹ පිහිටා තිබෙන ඊශ්‍රායල කොන්සල් ජනරාල් කාර්යාලයට සහ ආරුගම්බේ සංචාරක කලාපයේද මෙම ප්‍රහාරයන් දෙක සිදුකිරීමට සැලසුම් කරන ලදී. IRGC හි ප්‍රබලතම නිලධාරියකු වන මජීඩ් සොලෙයිමානි විසින් මෙම සැලසුම් ෆර්හාඩ් ෂරේකි වෙත පවරන ලදී. මෙම ප්‍රහාරයන්ට අමතරව IRGC නිලධාරියා විසින් සැලසුම් කරන ලද තවත් සුවිශේෂ සැලසුමක් ලෙස සඳහන්ව ඇත්තේ ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කටයුතු යෙදීමය. එම අපරාධයද ෆර්හාඩ් ෂකේරි වෙත පවරා තිබුණේ යැයි කරුණු ප්‍රකාශ විය. ඒ අනුව ඇමෙරිකාවේ FBI ඔත්තු සේවය විසින් පසුගිය 2024 සැප්තැම්බර් 30, ඔක්තෝබර් 08, ඔක්තෝබර් 17, ඔක්තෝබර් 28 සහ නොවැම්බර් 07 යන දිනවලදී ෂකේරි පිළිබඳ විස්තර කිරීම් මාලාවක් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලයට ප්‍රහාර සිදුකිරීම සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් සංචාරකයන් ඝාතනය කිරීම ගැන කරුණු හෙළිකෙරුණේ ඉන් අනතුරුවය. අපරාධ සැලැස්මේ සියලු කරුණු හෙළිකර ගත්තේය….’

මහාචාර්ය රොහාන් ගුණරත්න තම ආරක්ෂක විග්‍රහය තවදුරටත් මෙසේ සිදුකරයි.
‘ෆර්හාඩ් ෂකේරි වසර ගණනාවක් පුරා ඇමෙරිකාවේ බන්ධනාගාරවල සිර දඬුවම් විඳිමින් සිටි අපරාධකරුවකු වන අතර, ඔහු මත්ද්‍රව්‍ය චෝදනා මත ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්ව සිටියේය. මෙසේ ඔහු ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිටියදී හඳුනාගත් වෙනත් දරුණු අපරාධකරුවන් කිහිප දෙනකු සමගද මෙම අපරාධ සැලසුම් කළේය. එනම් අපරාධ සිදුකිරීම සඳහා අපරාධකරුවන්ගේ ජාලයක් ස්ථාපිත කරගැනීමට සමත් විය. ප්‍රහාරවල නිරවද්‍යතාව වැඩිදියුණු කිරීම සහ සහතික කිරීම සඳහා ඉලක්ක නිරීක්ෂණය කිරීම සිදුකරන ලදී. ෂකේරි විසින් ශ්‍රී ලංකාවේ ප්‍රහාර එල්ල කිරීම සඳහා ශ්‍රී ලාංකික සහ මාලදිවයින් අපරාධකරුවන්ට අමතරව ඇමෙරිකාවේ ප්‍රහාර සිදුකිරීම සඳහා ඇමෙරිකාව තුළින් අපරාධකරුවන් බඳවාගන්නා ලදී. ශ්‍රී ලංකාවේ අපරාධ පාර්ශ්වය මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා – මාලදිවයින් ද්විත්ව පුරවැසියකු වන බිලාල් මොහොමඩ් ෆෙරෝස් විසිනි. ඇමෙරිකානු පාර්ශ්වය මෙහෙයවීම සඳහා 49 හැවිරිදි කාලිස්ලි රිවේරා නොහොත් ‘පොප්’ ලෙසින් හඳුන්වන තැනැත්තාද, 36 හැවිරිදි ජොනතන් ලෝඩ්හෝල්ට් නමැත්තාද යොදවා ගන්නා ලදී. මොවුන් සියල්ලන්ම ෂකේරි සමග ඇමෙරිකාවේ බන්ධනාගාරවලදී හිතවත් වූ අපරාධකරුවන්ය. ෂකේරි මෙහෙයවනු ලබන IRGC ඔත්තු සේවා ප්‍රධානියා ෂකේරිට ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය වෙනුවෙන් ඔත්තු බැලීමට විශාල අවධානයක් ගත යුතු බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය සඳහා විශාල මුදලක් වැයවන බව ෂකේරි ඔත්තු සේවා නිලධාරියාට ප්‍රකාශ කර සිටියේය…’

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලැස්ම ගැන තවත් වැදගත් කරුණු මෙසේ හෙළිවෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධවලට සම්බන්ධ වුණු ෆර්හාඩ් ෂකේරි නමැත්තා මෙසේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලැස්මටද සම්බන්ධ වී සිටීම ඉතා පුදුමසහගත සුවිශේෂ සිදුවීමකි. එම ඝාතන සැලැස්ම මහාචාර්ය රොහාන් ගුණරත්න විග්‍රහ කරන්නේ මෙසේය.

‘2024 ඔක්තෝබර් 07 දින ඉරාන ආරක්ෂක ඔත්තු බළකායේ ප්‍රධානී මජීඩ් සොලෙයිමානි සමග ෂකේරි සිදුකළ සාකච්ඡාවේදී ෂකේරි විසින් දින 07ක් ඇතුළත සැලැස්මක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එම සැලැස්මට අනුව ඝාතනය සිදුවන්නේ 2024 ජනාධිපතිවරණයට පෙරදීය. එහෙත් යම් හෙයකින් එම කාලරාමුව තුළ ෂකේරිට සැලැස්මක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඉරාන ආරක්ෂක බළකාය විසින් ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලැස්ම ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසාන වනතුරු නවත්වා දමනු ඇත. මන්ද IRGC විසින් ට්‍රම්ප් මැතිවරණයෙන් පරාජය වන බවත්, පසුව ඔහුව ඝාතනය කිරීම පහසු වනු ඇති බවත් තක්සේරු කළ බැවිණි.’

ඩොනල්ට් ට්‍රම්ප් ඝාතන සැලැස්මෙන් අනතුරුව ඉහත විශ්ලේෂණය නැවත කරුණු විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකා ත්‍රස්ත අපරාධ සැලසුම ගැනය.
‘ෆර්හාඩ් ෂකේරි විසින් ඇමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව තුළ අපරාධ ජාලයන් ගොඩනගා ඇත. ශ්‍රී ලංකාවේ ජාලය මෙහෙයවනු ලබන බිලාල් මොහොමඩ් ෆෙරෝස්, ෂකේරිට හමුවන්නේ මැගසින් බන්ධනාගාරයේ සිරගතව සිටින විටදීය. ෂකේරිගේ මාලදිවයිනේ අපරාධ ජාලය මෙහෙයවන්නේ ඊබ්‍රාහිම් අබ්දුල් රහුමාන් විසිනි. ඔහු 2008 මුම්බායි ප්‍රහාරය දියත් කළ ලක්ෂාර්-ඊ-ටොයිබා සංවිධානය සහ 9/11 ප්‍රහාරය දියත් කළ අල්කයිඩා සංවිධානයේ පුහුණුව ලැබූ ත්‍රස්තවාදියෙකි. කෙසේ හෝ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ශ්‍රී ලංකාව සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමෙන් පසුව ඔවුන්ගේ රජයන් 2024 ඔක්තෝබර් 23 වැනි දින ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ තර්ජන පිළිබඳ සංචාරකයන්ට ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීය. ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු බිලාල් ෆෙරෝස් සහ ඔහුගේ සගයන් අත්අඩංගුවට ගත්හ. 2024 ඔක්තෝබර් 28 වැනි දින ෂකේරි FBI වෙත ප්‍රකාශ කර ඇත්තේ තමා මීට පෙර ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට බිලාල්ට පවරා ඇති බවයි. ෂකේරි ප්‍රකාශ කළේ තමන් සහ බිලාල් එකට සිරගතව සිටි බවයි. ෂකේරි FBI වෙත තවදුරටත් දන්වා සිටියේ ඔහු ශ්‍රී ලංකාවේ ඉලක්ක පිළිබඳ නිරීක්ෂණ කටයුතු IRGC වෙත ඔහුගේ ප්‍රධාන හසුරුවන්නා වන මජීඩ් සොලෙයිමානි හරහා ලබාදුන් බවයි…’

‘ෂකේරි පවසන පරිදි ඊශ්‍රායල කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ ලබාදීමෙන් පසු තවත් ඉලක්කයක් හඳුනාගන්නා ලෙස මජීඩ් විසින් ෂකේරිගෙන් ඉල්ලා සිටි අතර, ඊශ්‍රායල සංචාරකයන් නිතර ගැවසෙන ආරුගම්බේ හි සංචාරක ස්ථානයක් නිරීක්ෂණය කරන ලෙස ෂකේරි විසින් බිලාල්ට උපදෙස් ලබාදුන්නේය. ප්‍රහාර සඳහා අවශ්‍ය වන AK 47 ස්වයංක්‍රීය තුවක්කු, වෙනත් ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සැපයීම සඳහා ෂකේරි සිරගතව සිටි කාලයේ සිටම දන්නා LTTE සාමාජිකයන් සම්බන්ධ කරගත්තේය. ආරුගම්බේ සංචාරක කලාපයෙහි සමූහ වෙඩිතැබීමක් සංවිධාන කරන ලෙස IRGC විසින් ෂකේරිට උපදෙස් දුන්නේය…’

‘ආරුගම්බේ සංචාරක කලාපයට පහරදීමේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයෙන් පසු ශ්‍රී ලංකාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට උගත හැකි ප්‍රධාන පාඩම් තුනක් තිබේ. පළමුව ශ්‍රී ලංකාව සිය ආරක්ෂක සහ බුද්ධි ක්‍රියාවලියේ මෙහෙයවීම සඳහා ප්‍රවීණ සහ දක්ෂතම කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කළ යුතුය. දෙවැනුව ඔවුන්ගේ පක්ෂපාතීත්වය විය යුත්තේ රටේ මහජනතාවට සේවය කිරීම මිස දේශපාලනඥයන්ට නොවේ. තෙවැනුව සියලු රජයන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය ව්‍යාජ තොරතුරු ගොතන සහ දැනුවත්ව ප්‍රචාරය කරන අයට එරෙහිව පියවරගත යුතුය. එසේම මෙම වටපිටාවේදී දැකිය හැකි හාස්‍යජනකම කරුණ නම්, රටේ ජාතික බුද්ධිය සහ ආරක්ෂක වාස්තු නිර්මාණය (Security Architecture) දුර්වල කිරීමට ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකළ එම අංගයන්ම දැනටත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම ක්‍රියාපටිපාටියම අනුගමනය කරමින් සිටීමය. දේශපාලන නායකයන් තම අතීත වැරැදි ඉගෙන ගැනීමටත්, ඔවුන්ගේ ක්‍රියාවන්ට වගවීමටත්, සේවාවන් ආරක්ෂා කිරීමටත් සූදානම් නොවන්නේ නම්, ඉතිහාසයේ එම දේම නැවත නැවතත් සිදුවේ. අද වනවිට ශ්‍රී ලංකාවට බුද්ධි පනතක් හෝ ජාතික ආරක්ෂක පනතක් නොමැත. ශ්‍රී ලංකාව සුරක්ෂිත කිරීමට උපායමාර්ගයක් වර්ධනය කිරීමේ කාලය පැමිණ ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලංකාවේ ඛනිජ සම්පත් හොයන වැඩේ ඔස්ටේ්‍රලියානු සමාගමකට දෙන්නයි යන්නේ! ඩොලර් මිලියන 20ක් ගියේ කාගෙ සාක්කුවෙන්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! Sri Lanka Latest News

Next Post

නෙළුවේ අක්කර 600ක් තියෙන කෝටිපතිනියක් අල්ලපු ඉඩම අල්ලගන්න දුප්පත් ගොවියෙකුගේ අක්කර දෙකක තේ වගාවක් ගලවා ගිනිතියලා! පොලිසියත් අල්ලගෙනලු ගේම ගහලා තියෙන්නේ! ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිල්ලක්! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.