• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණේ පාතාලයෝ ආයෙත් ඇවිළෙති! මහ මග ගිනි අවි පත්තුවෙයි! Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
85 හැවිරිදි ආච්චි අම්මා ඝාතනය කළ 25 හැවිරිදි මුණුබුරා අත්අඩංගුවට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මිනිස්සු මැරෙන එක ගැන අපිට බලාගෙන ඉන්න බෑ. ඔබ දන්නවද 2023 පළමු මාස 10දී විතරක් මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තා වෙලා තියෙනවා කියලා ජාතික විගණන කාර්යාලය නිකුත් කරපු වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අතරින් මිනිස් ඝාතන 52ක් සිදුවෙලා තියෙන්නේ වෙඩිතැබීම්වලින්. තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් තංගල්ලේ 32ක්, නුගේගොඩ 27ක්, ගම්පහ 24ක්, රත්නපුරේ 24ක් සහ ඇල්පිටියේදී 20ක් වශයෙන් මනුෂ්‍ය ඝාතන සිදුවෙලා තිබෙනවා. 2018 සහ 2022 අතර කාලපරිච්ඡේදයේදී බරපතළ තුවාල සිදුකිරීම් සහ මනුෂ්‍ය ඝාතන 7017ක් වාර්තා වී ඇති බව ගණන් හිලව් අනුව අපට පැහැදිලි කරන්න පුළුවන්. මේ විදියට මනුෂ්‍ය ඝාතන විශාල වශයෙන් සිදුවෙනකොට ඔබ දන්නවද ස්ත්‍රී දූෂණ 182 සිට 226 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා පසුගිය වසරේදී විතරක්. කාන්තාවන්ට බරපතළ තුවාල සිදුකිරීම් 221ක්, පිහි ඇනුම් 96ක්, ලිංගික අපයෝජන 37ක් ආදී වශයෙන් වාර්තා වෙලා තියෙනවා. මේ විදියට මනුෂ්‍ය ඝාතන සහ ඒ ආශ්‍රිතව ප්‍රබල අපරාධ ලංකාවේ ලොකුවටම සිද්ධ වෙලා තියෙන බව පැහැදිලියි. (Sri Lanka Latest News)

2024 විතරක් මනුෂ්‍ය ඝාතන 83ක් සිදුවෙලා තියෙනවා පහුගිය කාලය තුළ කියලා සිලෝන් වයර් වෙබ් අඩවිය වාර්තා කරලා තිබුණා. මේ විදියට ජනවාරි මාසේ සිට සොරකම් කිරීම් 1,186ක්, කොල්ලකෑම් 310ක් 2024 සිද්ධ වෙලා තියෙනවා කියලා පෙබරවාරි මාසෙ වෙද්දීම නිල වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිවේදනය කරලා තිබුණා. අපි මේ කතාකරන්නේ මේ සියල්ලටම පස්සේ කාලේ. මොකද ටීවී එක බලපුවාම, රේඩියෝ එකක් අහපුවාම, පත්තරයක් කියවපුවාම නිතරම මනුෂ්‍ය ඝාතන ගැන අහන්න දකින්න ලැබෙනවා. අපිට මේවා වැඩිපුරම දකින්න ලැබෙන්නේ දකුණු පළාත ආශ්‍රිතව. දකුණු පළාත ආශ්‍රිතව නිතරම මෙන්න ආයෙත් අහරේ ගිනි ගත්තා, මෙහෙ ගිනි ගත්තා, මහ පාරේ මිනී මරයි, අහරෙ මන්නෙන් කෙටුවා, මෙහෙන් වෙඩි තිබ්බා කියලා වාර්තා වෙනවා. සමහර ඒවා වීඩියෝ දර්ශන සහිතව ඉදිරිපත් වෙලා තියෙනවා. මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන්නේ පාරවල්වල. හිතාගන්න බැරි විදියට මග තොටදී මිනිස්සු මරනවා. දෙන්නා තුන්දෙනා හතරදෙනා පස්දෙනා සමහර වෙලාවට විශාල පිරිසක් එක තැනකදී වෙඩි තියලා මරපු අවස්ථා අපි දැක්කා.
ලංකාවේ හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධ වෙච්ච මිනිස්සු මහ දවාලේ වෙඩි තියලා මරණ හැටි අපි දැක්කා. ලංකාවේ මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුතු නම්ගම් රාශියක් අද වෙද්දී කියැවෙන්න පටන් අරගෙන තියෙනවා. ප්‍රබල පාතාලයෝ ප්‍රබල අපරාධකාරයෝ කියලා ඒ අයව නම්කරලා ඒගොල්ලන්ට අපහාස වෙන ආකාරයෙන් පවා සමහර ප්‍රකාශ නිකුත් වෙනවා. එතකොට මේ මිනිස්සු සමහර විට හොයලා බලපුවාම අහිංසක අය. අපරාධකාරයෝ නෙවෙයි. මනුෂ්‍ය ඝාතනයකට ඔවුන් පෙලඹෙනවා නෙවෙයි පොලඹවනවා. මනුෂ්‍ය ඝාතකයෙක් බවට පත්වෙච්ච මිනිස්සු පිටරට ඉඳන් මනුෂ්‍ය ඝාතන මෙහෙයවනවා. මේක ව්‍යාපාරයක් බවට පත්වෙලා. සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට ජීවිතෙන් යන්න වෙන්නේ වැරැදීමෙන්. අත්වැරැදීමකින් හිතාමතා නොවන සිදුවීමකින් පවා මිනිස්සු මියයන අවස්ථා අපි දැකලා තියෙනවා. මේ විදියට විවිධාකාරයෙන් මනුෂ්‍ය ඝාතන සිදුවෙනකොට විවිධාකාරයේ සිදුවීම් සිදුවෙනකොට ලංකාවේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වූ බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව පිළිගත යුතුයි.

දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. අලුත් වගේම විශ්වසනීය ආණ්ඩුවක්. අපි විශ්වාස කරනවා ප්‍රසිද්ධ දේශපාලකයන්ට මේ අපරාධකාරයොත් එක්ක ඍජු සම්බන්ධතා තියෙනවා කියලා. ඒගොල්ලෝ එකට ඉඳගෙන එක බත්පතේ කන එකට වැඩ කරන කට්ටිය. සමහර අයගේ දිවුරුම් දීමේ උත්සවවලට මේ අය ආවා. සමහර අයත් එක්ක එකට හිටියා. සමහරුන්ගේ පුද්ගලික ආරක්ෂකයන් බවට පත්වුණා. රැකබලා ගනිමින් ආදරෙන් තම තමන්ගේ ප්‍රේමණීය ජීවිත ගතකරපු දේශපාලකයෝ ගැන අපි දැක්කා. ඒ නිසා මේ රට ඇතුළේ දේශපාලනික වශයෙන් කටයුතු කරන අය සහ අපරාධකාරයෝ අතර තියෙන්නේ අවියෝජනීය සම්බන්ධතාවක්. බිඳින්න බැරි සම්බන්ධතාවක්. සමහර වෙලාවට පාලාතයාමයි පසුව පාර්ලිමේන්තු ඇවිල්ලා මන්ත්‍රීවරයා බවට පත්වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ගජමිතුරු සබඳතාත් එක්ක මේවා නවත්තන්න බෑ. හැබැයි ඉතින් දැන් තියෙන ආණ්ඩුවට එහෙම චෝදනා නෑ. බොහෝ වෙලාවට අපි අහලවත් නෑ ජවිපෙ ආණ්ඩුවේ එහෙම පාතාලය සමග ඍජු සබඳතා පවත්වපු අය හිටියා කියලා. පරණ කතන්දර තියෙනවා. හැබැයි දැන් නෑ. එහෙම කතන්දර ඔප්පු වෙලත් නෑ. චෝදනා කරන්න ඕනේ කෙනකුට පුළුවන්. යෝජනා කරන්නත් ඕනෙම කෙනකුට පුළුවන්. හැබැයි චෝදනා යෝජනා මහ පොළොවේ ඔප්පු වෙනකල් කවුරුවත් වැරැදිකාරයෝ වෙන්නේ නෑ.

ඒ වගේම අපිට විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුව ගැන. මෙච්චර විශ්වාසකටයුතු ආණ්ඩුවකටත් මේ අපරාධ මර්දනය කරන්න බැරිද කියන එක ගැන දැන් ප්‍රශ්නයක්නේ තියෙන්නේ. හැබැයි කියන පලියට ඒක කරන්න බෑ. හැබැයි අපි යෝජනා කරනවා ආණ්ඩුවට දැන් අතට ගන්න මේ වැඩේ. මිනිස්සු මැරෙන එක නවත්තන්න. මිනිස්සුන්ට දඬුවම් කරන්න අධිකරණය තියෙනවා. අත්අඩංගුවට ගන්න පොලිසිය තියෙනවා. රටට නීතියක් තියෙනවා. වැරැදිකාරයෙක් නම් නරක වැඩක් කරලා නම් ගැටලුකාරී නම් ඒ මිනිස්සුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ නීතිය ක්‍රියාත්මක කරන එක පාරේ කරන්න දෙන්න බෑ. නීතිය ක්‍රියාත්මක කරන එක අපරාධකාරයන්ට කරන්න දෙන්න බෑ. අවි ආයුධ ගත්ත අයට කරන්න දෙන්න බෑ. සල්ලිවලට කොන්ත්‍රාත්වලට මිනිස්සු මරනවා වෙනුවට ලයිසන් චණ්ඩින්ට මේ වැඩේ භාරදීලා අත්අඩංගුවට අරගෙන අධිකරණයට අරගෙන ගිහිල්ලා නීතියෙන් ක්‍රියාත්මක වෙලා බන්ධනාගාරගත කරලා දඬුවම් කරන එක තමයි හොඳම දේ. හැබැයි ලංකාවේ බන්ධනාගාරගත කරලා කරන්නෙත් දඬුවමක්ද කියලා හිතෙන තරමට බන්ධනාගාරයත් ප්‍රශ්නයක් වෙලා දැන් තියෙන්නේ. ඒ නිසා රටකට මීට වඩා ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට නොවන තාක්කල් මනුෂ්‍ය ඝාතන වගේ අපරාධ නතර වෙන එකක් නෑ කියලයි අපට හිතෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඩීල් නෑ! කොන්ත්‍රාත් නෑ! පිටිපස්සෙ ඉදන් පිහියෙන් ඇනිලි නෑ! මීරිගමින් අවුරුදු 30කට පස්සේ පාර්ලිමේන්තු ආ සජබෙ අලුත් කොල්ලා! VIDEO I Sri Lanka Latest News

Next Post

පොදු පරීක්ෂණයට දුන්න පොදු නොවන ප්‍රශ්න ටික! හැදුවේ කවුද? කාගෙ කීමටද? අනුමත කළේ කවුද? Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.