පසුගිය වසර දෙක තුළදී රජයේ වෛද්‍යවරුන් 2,500කට අධික පිරිසක් රට හැරයෑම නිසා ඔවුන් රෝගීන් සඳහා සිදුකරගෙන ගිය ප්‍රතිකාර කිරීමේ බර කරට ගැනීමට සිදුව ඇත්තේ ඉතිරිව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් වෛද්‍යවරුන්ට බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
වෛද්‍යවරු රට හැරයෑමේ බුද්ධි ගලනය මැඩපැවැත්වීමට පසුගිය රජයන් මෙතෙක් ගෙන ඇති උත්සාහයන් අසාර්ථක වී ඇති බවත්, එය මැඩපැවැත්වීමට තම සංගමය ඉදිරිපත් කොට ඇති අටවැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක නොවුණහොත් සෞඛ්‍ය සේවාව බිඳවැටීම වැළැක්විය නොහැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රෝහල් ඒකක වැඩි වුවත් අවශ්‍ය තරම් විශේෂඥ වෛද්‍යවරුන් සහ නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් රෝගී ජීවිත අවදානමට ලක්වන බවද එම සංගමය පැවැසීය.
වෛද්‍යවරුන් රට හැරයෑම හේතුවෙන් දැනට සිටින වෛද්‍යවරුන්ට දැරීමට සිදුවන පීඩනය මත සේවා තත්ත්වයන් නිසි අයුරින් පවත්වාගෙන යෑමට බාධා ඇතිවී තිබෙන බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න










