හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. Sri Lanka Latest News
ඔහු එහිදී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවය.
ඒ නිසා තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුවට මම හිස නමනවා. ඒ අනුව දේශපාලනයෙන් සමුගන්න තීරණය කළා. මාව දේශපාලනයට ගෙනාපු හැම කෙනාටම පෞද්ගලිකවම මම ස්තූති කරනවා. දළදා සමිඳු පිහිටයි.”










