එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණය ඊයේ (27) දින ලංකාවෙන් වාර්තා විය.
ඒ ආසාදිත රෝගීන් ගණන 152කි.
සමස්ත රෝගීන් සංඛ්‍යාව 1469ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 92 දෙනෙක් කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර, 53 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වේ.
අනෙක් රෝගීන් 05 දෙනා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.