වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ ජනාධිපති අපේක්ෂක ලෙස ජනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් සහ බලාපොරොත්තු ඉදිරිපත් කළ බවත් ක්‍රමය වෙනස් කරනවා කිව්වත් ඔහු අද කරන දේ අනුව ආණ්ඩු කරන අය වෙනස් වුවත් ක්‍රමය වෙනස් වී නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
පක්ෂට, ලාංජනය වෙනස් වුවත් වෙන්නේ එකම දේ බවත් විදුලි බිල, බඩු මිල, තෙල් මිල අඩු කරනවා යැයි කිව්වත් එය නොවු බවත් ක්‍රමයේ වෙනසක් හරහා අඩු කරනවා කිව්ව දේවල් පේන තෙක් මානයක නොමැති බවත් අද පෝල් ගෙඩි ගන්නත් පෝලිමේ ඉන්න සිදුව ඇති බවත් ක්‍රමයේ වෙනස කියන්නේ මෙයද කියා ප්‍රශ්න කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බොරැල්ල මැතිවරණ කොට්ඨාසයේ සමගි කාන්තා බලවේගයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.
පාස්පෝට් පෝලිම නැති කරනවා කිව්වත් එන්න එන්න පෝලිම වැඩිව ඇති බවත් ජන දුක වැඩි වෙලා තිියෙද්දි අත්‍යාවශ්‍ය අයට පමණක් පාස්පෝට් ගන්න කියා ඇමතිවරු කිියන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තෙල් මිල හදන ක්‍රමය වෙනස් කරනවා කිව්වත් අද කිසිම ක්‍රමයේ වෙනමක් ඉන්දන මිලේ ද සිදුව නොමැති බවත් දූෂණය වංචාව නතර කරනවා කිව්වත් තෙල් මිල සූත්‍රය අහෝසි කරනවා කිව්වත් දැන් තෙල් මිල සුත්‍රය අනුව තෙල් මිල අඩු කර ඉන්දන මිල සුත්‍රයේ වහලෙක් වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්පෝට් පෝලිම නැති කරන්න බැරි තෙල් මිල අඩු කරන්න බැරි අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කර ගන්න බැරි අයට රටක් පාලනට කළ නොහැකි බවත් ක්‍රමයේ වෙනසක් වුයේ රටේ නොව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ බවත් මේ ක්‍රමයේ වෙනස ලක්ෂ 220 ජනතාවට දැනෙන්නේ නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

















