“අප්‍රිකානු සූකර උණ රෝගය’’ (AFS) සහ “අභිජනන හා ශ්වසන ලක්ෂණරෝගය’’(PRRS) හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වල ඌරන් 23,000 ක් පමණ මියගොස් ඇතැයි රජයේ පශු වෛද්‍ය අංශ සඳහන් කරයි.Sri Lanka Latest News
බස්නාහිර පළාතේ ගොවිපොළවල සිටි ඌරන් 11,000 ත් 13,000 ත් අතර සංඛ්‍යාවක් හා වයඹ පළාතේ ගොවි පොළවල ඌරන් 10,000 ක් පමණ මියගොස් ඇතැයි අනාවරණය වේ.
මෙම රෝග තත්ත්වය වාර්තා වූ කාලයේ සිටම පශු වෛද්‍ය නිලධාරීන් සේම පශු විමර්ශන නිලධාරීන් රෝගී සතුන්ගේ සත්ත්ව සාම්පල පරීක්ෂාවට ලක්කර ඇතැයිද රජයේ පශු සම්පත් ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය. අනතුරුව එන්නත්කරණය ආරම්භ කළ බවද ඔහු පැවැසීය.
මෙම රෝග තත්ත්වයන් නොමැති ගොවිපොළවලින් සතුන් පිට කිරීමට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීම, ආසාදිත කාලයට පෙර ඝාතනය කරන ලද සතුන්ගේ මස් යොදාගෙන නිපදවන ලද සොසේජස් ආදී ආහාර වර්ග නිදහස් කිරීම යනාදී කාරණා සම්බන්ධව උපදෙස් මාලාවක් කඩිනමින් නිකුත් කිරීමට රජයේ පශු වෛද්‍ය අංශ සැලසුම් කර ඇත.
මෙම උපදෙස් මාලාව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය විසින් නිකුත් කිරීමට නියමිතය.
කෙසේ නමුත්, රෝග ව්‍යාප්තිය දරුණු තත්ත්වයක පවතින බැවින් දැනට පනවා තිබෙන නීතිවල වෙනසක් නොකිරීමටද රජයේ පශු වෛද්‍ය අංශවල අවධානය යොමුවී ඇත.