2019 මැයි 18 වැනි දින ලැබූ යුද ජයග්‍රහණය පිළිබඳ විශේෂ නිවේදනය එවකට හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සජීවීව ජාතික රූපවාහිනියෙන් රටට ප්‍රකාශ කළ අයුරු.

නැඟෙනහිර සම්පූර්ණ ත්‍රස්තවාදය තුරන් කරලා උතුරේ යුද්ධය අපි ආරම්භ කළා 2007 මාර්තුවල. දැනට ඒ සටන දිගින් දිගටම ගෙනිහින් අවුරුදු දෙකකටත් වැඩි ප්‍රමාණයක් කරලා අද උතුරේ යුද්ධය සම්පූර්ණයෙන් අවසන් කළා. මුළු උතුරම සම්පූර්ණයෙන් මුදාගත්තා. ත්‍රස්තවාදීන් අත තිබ්බ මුළු භූමි ප්‍රදේශයම යුද හමුදාව විසින් මුදාගත්තා. මුළු ශ්‍රී ලංකාද්වීපයම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බව වගකීමකින් යුක්තව මේ අවස්ථාවේ මට ප්‍රකාශ කරන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමා යුද හමුදාවට භාර දුන්න කාර්යය අපි අවසානයක් කරා ගෙනගිහින් මැයි 18 අද උදේ අපි ඒ රාජකාරිය සම්පූර්ණ කළ වග වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න පුළුවන්. ත්‍රස්තවාදී නායකයාගේ පුතාගේ මළ සිරුර අපි හඳුනගත්තා. තවත් මළ සිරුර විශාල ප්‍රමාණයක් තියෙනවා හරියට හඳුනා නොගත්. ඒ මළ සිරුර අතර ප්‍රභාකරන්ගේ, පොට්ටු අම්මාන්ගේ, සුසෙයිගේ මළ සිරුරු තියෙනවද කියලා දැන් අපි හොයාගෙන යනවා.











