මුළු රටම COVID-19 බලපෑමෙන් පොරබදමින් සිටින මොහොතක ද්‍රවශීලතාවය සැපයීම අරමුණු කරගනිමින් මුදල් අච්චු ගැසීම සිදු කළ බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කර ඇත.
එසේ මුදල් අච්චු ගැසීම උද්ධමනකාරී පීඩනයන්ට හේතු නොවන ආකාරයටත්, මුදල් අවප්‍රමාණය සිදු නොවන ආකාරයටත් සිදු කොට ඇති බව මහබැංකුවේ ස්ථාවරය වී තිබේ.
මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2019 හි පිළිබිඹු වන පරිදි ශ්‍රී ලංකා ආර්ථිකයේ තත්වය යන මාතෘකාව යටතේ පැවති කමිටු සාකච්ඡාවකට සහභාගී වෙමින් එම ආයතනයේ ඉහළ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ දෙවන කාර්තුවේදී වර්ධනය හැකිලීමට ඉඩ තිබුණත් එය ඉහළ යනු ඇතැයි විශ්වාස කරන බවකි. දෙවන භාගයේදී අඩු පොලී අනුපාත සහ ඉහළ යන ඉල්ලුම හේතුවෙන් ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇති බවත්, සිව්වන කාර්තුවේදී ආර්ථිකය යහපත් ලෙස ක්‍රියා කරනු ඇතැයි ඔවුන්ගේ අදහස වී ඇත.
COVID19 බලපෑම නොතකා 2020 දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.5% කින් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බව මහ බැංකුව අවධාරණය කළේය.










