• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මම ජොන්ස්ටන් ප්‍රනාන්දු! මැගසින් බන්ධනාගාරයේ සිට..’! පළමු ලියුම එළියට එයි! I Sri Lanka Latest News

October 28, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට නිකුත් කර ඇති නිවේදනය මෙසේය.Sri Lanka Latest News

ආදරණීය හිතවත,

2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරණ ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකල බව මම හොඳින් දනිමි.

එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රීය කර ඉන් නොනැවති රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික උවමනාවන් ඉටු කර ගැනීමට උත්සහ කරන අවස්ථාවාදීන්ගේ කූඨප්‍රාප්තිය රග දැක්වීම ආරම්භ කර ඇත.

එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නූල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙය වීම පමණි.

මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී දුහුවිල්ලක් තරම් නොවේ.

මා ජිවිතයේ මුහුන දුන් අභියෝග හා සැසදීමේදී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය.

මේ රටේ මිනිසුන් වෙනුවෙන්, කුරැණැගල ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම වරදක් කොට, මාගේ දෙමව්පියන් ගොඩනංවන ලද මා උපන් නිවස පවා දවා අලුකර බිමට සමතලා කර නැවැත්විය නොහැකි මා, හිර ගෙදර පෙන්වා නැවැත්විය හැකියැයි සිතීම විහිළුවකි.

ආදරය විශ්වාසය හා ලෙන්ගතුකමින් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමාගේම නිවස හා කාර්යාලය වූ මා උපන් රත්කරව්ව නිවසත් විල්ගොඩ කාර්යාලයත් වෛරයේත් කුහකකමේත් ගිලුණු අතලොස්සක් එක්ව ගිනි තබා අලු කලද ඔබ වන් මිනිසුන් ගේ ආදරණීය විශ්වාසය ඇති තාක් මා වැන්නන් බිම දැමිය නොහැකි බව අප විසින්ම ඔප්පු කල යුතුය කාලය පැමිණ ඇත.

කුරැණෑගල මිනිසුන්ගේ ආදරය හා විශ්වාසය මතින් ශක්තිමත් වු මාගේ දේශපාළනයට තිත තැබීමට තබා සෙලවීමටවත් නොහැකි බව පෙන්විය යුතු අවස්ථාව උදාවී ඇත.

වසර තිස් ගණනක වූ මාගේ දේශපාලන ගමන් මග කවදත් ශක්තිමත් කලේ ඔබ වැන්නන්ගේ කැපවීමයී

සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික්කයේ මා ලැබූ ඉහලම මනාප සංඛ්‍යාවෙන් කියවෙන්නේ ඔබ වැන්නන්ගේ ශක්තියයි.

කහපත්වල ,දඹදෙනිය වැනි ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්තාන වල සිට ක්‍රිඩාපිටි ., ගෘහස්ථ ක්‍රිඩාගාර හරහා කාපට් පාරවල් මෙන්ම අධිවේගී මර්ග දක්වා විහිදෙන්නේ ඔබගේ ආදරයේ මහගු ඵලයයි.

නිකවැරටිය ඈත වන්නියේ නිවසක් දැල්වූ කුප්පි ලාම්පුව නිවා දැල්වූ විදුලි බුබුලේ සිට කුරුණෑගල වැව රවුම බඩගමුව , බතලගොඩ රක්ෂිතයේ ඇවිදින මංතීරු දක්වා විහිදුනේ ඒ ලෙන්ගතුකමයි.

ඒ කැපවීම ශක්තිය ආදරය ලෙන්ගතුකම වෙන කිසිදාටත් වඩා ඔබගෙන් මා වෙත ඇවැසි මොහොත පැමින ඇත.

විරැද්ධවාදීන් නගන අශික්ෂිත අවලාද බොරු චෝදනා සඳහා සත්‍යයේ ශක්තිය මත පිහිටා නිශේධනය කිරිමට මා කටයුතු කරන බව මගේ ජනතාවට දැනුම් දෙන්න.

අප විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් ඉටු කිරීමට සූදානම් බව අපගේ පාක්ෂිකයන්ට දැනුම් දෙන්න.

මහින්ද රාජපක්ෂ නැමැති මේ රට බේරාගත් නායකයා වෙනුවෙන් ඇති ගෞරවය හා ආදරය එලෙසම බව පවසන්න.

කිනම් බාදක මැද හෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණත් අපේ පාක්ෂිකයනුත් සුරකින බව පවසන්න.

මාගේ අවසන් හුස්ම දක්වාම මා විසින් ඔප්පු කොට සහතික කළ ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිදින බවත් පවසන්න.

මා තවමත් ඔබ දන්නා ජොනීම බව පවසන්න

එය සපත කිරීම සඳහා ඔබගේ සහය හැකි ඉහලම අයුරින් ලබා දෙන්න.

එක්ව ජයගමු.

එක්සත්ව නැගිටිමු.

බොරුව යටපත් කර සත්‍ය තහවුරු කරමු.

ජයවේවා!

ජොන්ස්ටන් ප්‍රනාන්දු

මැගසීන් බන්ධනාගාරයේ සිට.

SendShareShare
Previous Post

ආරුගම්බේ තර්ජනය ගැන මුලින්ම නිවේදනය නිකුත් කරපු අමෙරිකාවෙන් තවත් විශේෂ නිවේදනයක්! ලංකාව ඉන්නේ ‘ලෙවල් ටූ’ මට්ටමේ! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයට කැකිල්ලේ රජ තීන්දුවක් එන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.