• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම එක රැයෙන් හෙල්ලුම් කෑ ආරුගම්බේ ‘මොසාඩ්’ ඔත්තුව! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

October 27, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 18 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ පාර ඉන්දියාවේ ‘රෝ’ එකෙන් ඔත්තුව ආවේ නැත්තේ ඇයි?

ආණ්ඩුවේ සංචාරක හීනය බොඳ වෙයිද?

අනුර පිටරටින් ගේන්න යන විශේෂඥයා!

කොළඹ පන්සලේ අලුත්ම දේශපාලන කපුකම!

දේශපාලන බෝම්බයක්

9 වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරීපත් වී මේ වනවිට මසක කාලයක් ඉක්ම ගොස් තිබේ. ගතවූ මාසයක කාලය තුළ ලොකු හැලහැප්පීම් නොමැතිව සාමකාමීව ගෙවී ගියත් හිටිහැටියේම එම වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඉකුත් බදාදා දිනයේදී විශාල දේශපාලන බෝම්බයක් පත්තු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් විශේෂ සංචාරක අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසත්, එම ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශාල අවදානමක් පවතින බවත් නිවේදනය කිරීමත් සමගය. ඇමෙරිකානු රජය නිකුත් කළ මෙම නිවේදනයත් සමගම ඊට සමගාමීව මහා බි්‍රතාන්‍යය, කැනඩාව, ඔස්ටේ්‍රලියාව, රුසියාව වැනි රටවල්ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසට සිය පුරවැසියන් හට අවවාදාත්මක නිවේදන නිකුත් කිරීමත් සමග තත්ත්වය බරපතළ වූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

මේ අයුරින් ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බවට ජාත්‍යන්තරයෙන් නිවේදන පිට නිවේදන නිකුත් වූයේ පුදුමසහගත අවස්ථාවක වීම විශේෂ සිදුවීමකි. අප එසේ කියන්නේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන නිකුත් කරනු ලැබූ වාර්තා දෙකක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සඟවාගෙන සිටින බවට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම වාර්තා දෙක ප්‍රසිද්ධ කොට පැය 24ක් යෑමට මත්තෙන් මේ අලුත්ම ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තරය මගින් අනතුරු ඇඟවීම් කොට තිබීම නිසාය. මෙහි ඇති පුදුමසහගත සිදුවීම වී තිබුණේ ආරුගම්බේ ප්‍රහාර අනතුරු ඇඟවීමත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදුවීමත් එකට ගෙන විග්‍රහ කිරීමේදී ඒ සිදුවීම් දෙක අතරේම විශාල වශයෙන් සමානකම් දැකගන්නට ලැබීමය. ආරුගම්බේ ප්‍රහාර අවදානම සම්බන්ධයෙන් තිරය පිටුපස සිදුවූ සිදුවීම් මාලාවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිරය පිටුපස සිදුවූ සිදුවීම් මාලාවත් එක හා සමාන බවක් දැකගන්නට තිබේ. එහි ඊළඟ පුදුම සහගත සිදුවීම වූයේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ රහස්‍ය වාර්තා දෙකක් එළිදැක්වීමත්, එසේ කොට පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් තවත් එවැනිම ආකාරයේ ප්‍රහාරයක අනතුරු ඇඟවීමක් නිකුත් වීමත්ය.

චෝදනාව රවීට-ශානිට

ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ රහස්‍ය වාර්තා දෙක මගින් ඔහු අවධාරණය කොට කියා සිටියේ එවැනි ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳ සියලු තොරතුරු ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් වාර්තා කොට තිබියදීත් රහස් පොලිසිය සහ අදාළ ආරක්ෂාව භාර නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ අතපසුවීම හේතුකොට ගෙන පාස්කු ප්‍රහාරය සිදුවූවා යැයි කියාය. ගම්මන්පිල විසින් කරනු ලැබූ මෙම චෝදනාව එදිනම ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුවත්, කාදිනල් හිමියනුත් අවධාරණය කොට තිබුණේ අදාළ වාර්තා දෙක කිසිසේත්ම පිළිගත නොහැකි, පෞද්ගලික අරමුණු මත යම් යම් පුද්ගලයන් විසින් සකස් කරනු ලැබ තිබූ ඒවා යැයි කියාය. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවත් සමග සමීපව කටයුතු කරන රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර වැනි නිලධාරීන් හිතාමතාම අපහසුතාවට ලක්කිරීම සඳහා මෙම වාර්තා දේශපාලනිකව සකස් කොට ඇති බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

කෙසේ වෙතත් මේ සිදුවීම් දාමය හරහා එකක් හොඳටම පැහැදිලිය. ඒ, අදාළ වාර්තා සම්බන්ධයෙන් කාදිනල් හිමියන් ඇතුළු යම් යම් පාර්ශ්ව මීට පෙර සිටම දැනුවත්ව සිට ඇති බවකි. එමෙන්ම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අනුර ඇතුළු මාලිමාවේ ප්‍රධානීන්ද මෙම වාර්තා දැක ඇති බව මෙම සිදුවීම හරහා පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
පාස්කු වාර්තා මුල්කොට ගෙන පිපුරුණු දේශපාලන බෝම්බය මැද හදිසියේම පිපිරී ගිය ආරුගම්බේ බෝම්බය පසුපස ඇති කතාව කුමක්ද?

ආණ්ඩුවේ ඉලක්කය

බොහෝ දෙනාට දැකගන්නට ලැබුණේ ඇමෙරිකානු රජය විසින් සිය පුරවැසියන් ඉලක්ක කරගෙන පසුගිය බදාදා දිනයේ නිකුත් කළ සංචාරක අවවාද නිවේදනය මෙහි මුල් අවස්ථාව යැයි කියාය. එම නිවේදනයේ සඳහන් වී තිබුණේ විදෙස් සංචාරක අවධානය දිනාගෙන සිටින ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ප්‍රහාරයක් එල්ල වීමේ විශාල අවදානමක් එම ප්‍රදේශයේ මතුව ඇති බවත්ය. විශේෂයෙන්ම මේ කාලය සංචාරක කාලසීමාව වීම මුල්කරගෙන ඇමෙරිකාව ඇතුළු ප්‍රධාන පෙළේ රටවල් විසින් නිකුත් කරනු ලැබූ එම සංචාරක අවවාදාත්මක නිවේදනය ලංකාවේ සංචාරක කර්මාන්තයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බව අමුතුවෙන් කිවයුතු නැත. විශේෂයෙන්ම ආණ්ඩුව සූදානමින් සිටියේ එළඹෙන සංචාරක සමයේදී අතිවිශාල සංචාරකයන් පිරිසක් ලංකාවට ගෙන්වා 2025 වසරේදී සංචාරක කර්මාන්තය අතින් වාර්තාවක් තැබීමටය. ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා තංගල්ලේදී සහභාගි වූ පළමු දේශපාලන රැලියේදීද මේ බව අවධාරණය කිරීමට හෙතෙම කටයුතු කළේය. එහිදී ඔහු කියා සිටියේ වෙන යම් ගැටලුවක් මතු නොවුණහොත් 2025 වසර ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණී වසර බවට පත්කිරීමට සියලු සැලසුම් සකස් කොට ඇතැයි කියාය.

ගිය සතියේ හෙළිකළා

ආණ්ඩුවේ මෙම සංචාරක සැලසුම සම්බන්ධයෙන් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විශේෂ අනාවරණයක් කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ලක්ෂ 60ක සංචාරකයන් පිරිසක් ලබන සංචාරක සමයේදී ලංකාවට එවීමට චීනය එකඟ වී ඇති බවත්, එහි මුල් අදියර ලෙස ලක්ෂ 30ක චීන සංචාරකයන් කණ්ඩායමක් එළඹෙන සංචාරක සමයේදී ලංකාවට එවීමට සැලසුම් කොට ඇති බවත්ය. ඒ පිළිබඳ අප පසුගිය ඔක්තෝබර් 06 වැනිදා කළ අනාවරණය පහත පරිදිය.

රහස් චීන ගමන

පසුගිය වසර දෙක තුළ අනුර විදෙස් සංචාර රැසක නිරත වුවත් කවුරුත් නොදත් ඉතා රහසිගත චීන සංචාරයක නිරත වීමට හෙතෙම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පියවර ගෙන තිබිණි. අනෙකුත් සංචාරවල ඡායාරූප මාධ්‍යවල පළවුවත් අනුරගේ මෙම චීන සංචාරයේ තොරතුරු කිසිවක් මාධ්‍යවල පළවූයේ නැත. මෙම ගමන සඳහා අවශ්‍ය පහසුකම සලසා තිබුණේ චීන මධ්‍යම රජයේ එක්තරා ප්‍රබල කාන්තාවකි. ඇය චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරකසභික සුන් හයියෑන්ය. එම සාකච්ඡාවේදී අනුර චීන බලධාරීන්ගෙන් විමසා සිටියේ සිය පක්ෂය ලංකාවේ බලය අත්පත් කරගතහොත් අර්බුදයකින් තොරව පාලනය ගෙනයෑම සඳහා චීනයෙන් ලබාදිය හැකි උපකාර මොනවාදැයි කියාය. මේ සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ හයියෑන් ඒ අවස්ථාවේදී පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලයට පැමිණ අනුර සමග විශේෂ සාකච්ඡාවකද නිරත වූවාය. එමෙන්ම ඇය ඒ සංචාරයේදී එවක ජනාධිපති රනිල් හා විපක්ෂ නායක සජිත්ද හමුවීමට පියවර ගත්තාය.

කෙසේ වෙතත් අනුර සමග පැවැති සාකච්ඡාවේදී අනුර චීනයේදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විශේෂ යෝජනා කිහිපයක් සහිත ලිපිගොනුවක් අනුර අතට පත්කිරීමට හයියෑන් කටයුතු කළාය. එහි තිබුණේ චීනයෙන් ජවිපෙ පාලනයකට ලබාදිය හැකි සහාය ඇතුළත් යෝජනාවලියකි. එහි ඉදිරියෙන්ම තිබුණේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ලොව වෙනත් කිසිදු රටකට කළ නොහැකි උපකාරයක් චීනයෙන් ලංකාවට කළ හැකි යැයි කියාය. එහිදී ඇය කියා තිබුණේ වසර 2ක් ඇතුළත චීනයෙන් කෝටියක සංචාරකයන් ලංකාවට එවීමට හැකි යැයි කියාය. මෙය එකවර කළ හැකි වුවත් ලංකාවේ පවතින යටිතල පහසුකම් ඊට ප්‍රමාණවත් නොවන හෙයින් ක්‍රමානුකූලව චීන සංචාරකයන් කෝටිය දක්වා වර්ධනය කළ හැකි බව ඇය එහිදී සඳහන් කර සිටියාය. අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ මෙම තුරුම්පුවද හිතේ තබාගෙනය.

ඒ අනුව ජනාධිපතිවයා ලෙස අනුර දිවුරුම් දුන් වහාම චීන බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනුර කටයුතු කොට තිබිණි. එහිදී චීනය දැනුම් දී ඇත්තේ ලංකාවට ක්ෂණිකව දක්වන සහායක් ලෙස මෙම දෙසැම්බර් මාසයේ ආරම්භ වන සංචාරක සමයේදී ලක්ෂ 30ක චීන සංචාරකයන් පිරිසක් ලංකාවට එවීමට කටයුතු කරන බවකි. එමෙන්ම ලබන සංචාරක සමය ආරම්භ වන විට එය ලක්ෂ 60 දක්වා ඉහළ නැංවීමටද චීනය එකඟතාව පළකොට ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව චීනය ලබාදී ඇති මෙම තුරුම්පුව කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි ඉතා ප්‍රබල එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

ඔත්තුව දුන්නේ මොසාඩ්

හිටිහැටියේම ලොව හතර වටෙන් ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙසත්, ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවටත් නිවේදන නිකුත් වූයේ මෙවන් පසුබිමකය.
කෙසේ වෙතත් මේ ආකාරයට ප්‍රහාරයක තොරතුරු වාර්තා වීමත් සමගම අපිද එහි පසුපස ඇති කතාව පිළිබඳ සොයා බැලීමට පියවර ගත්තෙමු. ඇමෙරිකාව විසින් මෙවන් ප්‍රහාරයක් පිළිබඳ තොරතුර පළමු වරට අනාවරණ කිරීමත් සමග බොහෝ දෙනා සිතා සිටියේ ඊට අදාළ බුද්ධි තොරතුරු ඇමෙරිකාව විසින් සොයාගෙන ඇතැයි කියාය. තවත් සමහරු කියා සිටියේ ඉන්දියාවේ ‘රෝ’ ඔත්තු සේවය මගින් ඉකුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම්ගම්, දින, වකවානු සම්බන්ධව බුද්ධි තොරතුරු ලබාදුන්නා සේ ආරුගම්බේ ප්‍රහාරය සම්බන්ධයෙන්ද රෝ ඔත්තු සේවය තොරතුරු ලබාදී ඇතැයි කියාය. තවත් අය සිතා සිටියේ ලංකාවේ බුද්ධි අංශ විසින් මීට අදාළ තොරතුරු සොයාගෙන ඇතැයි කියාය. නමුත් අප සොයාගත් තොරතුරුවලින් තහවුරු වූයේ මේ කිසිවකු විසින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණ කරගෙන නොතිබූ බවකි. එම තොරතුරු මුලින්ම අනාවරණ කොට ගෙන ලංකාවට දැනුම් දී තිබුණේ ඊශ්‍රායලයේ බුද්ධි සේවය වන මොසාඩ් විසිනි.

ඊශ්‍රායලය මුල්කරගෙන මැදපෙරදිග දරුණු ගැටුම් මතුවෙද්දී ඊශ්‍රායලයේ බුද්ධි අංශය වන මොසාඩ් ආයතනයට විශාල වගකීමක් පැවරී තිබිණි. මොසාඩ් යනු ලොව ක්‍රියාත්මක වන අංක එකේ ඔත්තු සේවා ජාලයකි. මැදපෙරදිග යුද ගැටුම් උණුසුම් වෙද්දී හමාස් සහ හිස්බුල්ලා නායකයන් ඝාතනය කිරීම සඳහා හරියටම ඊශ්‍රායලයට ඔත්තු ලබාදුන්නේ මොසාඩ් ඔත්තු සේවය මගිනි. එමෙන්ම ලෙබනන් ඉලක්කවලට ඊශ්‍රායලය විසින් පහර දීමේදී මොසාඩ් සංවිධානය විසින් අනාවරණ කරගත් විශේෂ බුද්ධි තොරතුරක් වූයේ මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඊශ්‍රායලයෙන් පිටත වෙසෙන ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ සැලසුමක් හිස්බුල්ලා සංවිධානය සතුව ඇතැයි කියාය. මීට අමතරව මැදපෙරදිග යුද්ධයේදී ඊශ්‍රායලයට සහාය දක්වන ඇමෙරිකාව ඇතුළු යුරෝපා ජාතිකයන් ඉලක්ක කොට ප්‍රහාර දියත් කිරීමේ සැලසුමක් ඇති බවද මොසාඩ් ඔත්තු සේවය මගින් අනාවරණ කොට තිබිණි. එහිදී ඔවුන් එම ප්‍රහාරයන් ඉතා පහසුවෙන් එල්ල කළ හැකි රටවල් ලෙස ලංකාවද හඳුනාගෙන තිබූ අතර, ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් විශාල වශයෙන් ගැවසෙන ආරුගම්බේ, ඇල්ල, වැලිගම ඇතුළු ප්‍රදේශ කිහිපයකදී මෙවැනි ප්‍රහාරයන් එල්ල කළ හැකි බවද ඔවුන් අනාවරණ කොට ගෙන තිබිණි. ඒ අනුව මොසාඩ් එක මීට සති තුනකට ඉහතදී මෙවැනි ප්‍රහාරයක අනතුරක් සම්බන්ධයෙන් අමෙරිකානු ඔත්තු සේවය වූ එෆ්.බී.අයි එක දැනුවත් කිරීමට පියවර ගත්තේය. අදාළ බුද්ධි තොරතුර ලංකාවට දැනුම් දුන්නේ මෙම එෆ්.බී.අයි. ඔත්තු සේවය හරහාය.

තැන් 7කට ආරක්ෂාව

මේ ආකාරයට බුද්ධි තොරතුරක් ලැබී ඇති බව තහවුරු වූයේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතාත් බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවලදීය. එහිදී ඔවුන් කියා සිටියේ මෙම තොරතුරු ලැබුණු වහා ආරක්ෂක කවුන්සිලය දෙවතාවක් රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඊට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත්ය. ඒ අනුව, ආරුගම්බේ, ඇල්ල, වැලිගම ප්‍රදේශවල ආරක්ෂාව තර කළ බවත්, හදිසි මාර්ග බාධක යොදා පුද්ගල සහ දේපළ සෝදිසි කිරීම් ආරම්භ කළ බවත් මේ දෙදෙනාම මාධ්‍ය හමුවේ අනාවරණ කොට තිබිණි.

මේ ආකාරයට ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමෙන් පසු බුද්ධි අංශ වෙත ලැබුණු තවත් තොරතුරකින් කියැවුණේ ආරුගම්බේ පමණක් නොව, ඊශ්‍රායල ජාතිකයන් එක්රැස් වන තවත් තැන් 7ක් ප්‍රහාරකයන්ගේ ඉලක්ක වී ඇති බවත්, ඊට අවශ්‍ය ප්‍රතිචාර වහා දක්වන ලෙසත්ය. ඒ අනුව ආණ්ඩුව ආරක්ෂක අංශ සමග සාකච්ඡා කොට එම ස්ථාන හතටම විශේෂ ආරක්ෂාවක් යෙදීමට පියවර ගෙන තිබිණි. ඒ ස්ථාන 7ම ඊශ්‍රායල ජාතිකයන් විශාල වශයෙන් එක්රැස්ව ආගමික වතාවත් සිදුකරන, කනබොන තැන්ය.

ගහන්නේ කොහොමද?

ඉන් අනතුරුව පැමිණි බුද්ධි තොරතුරෙන් කියැවුණේ මේ ආකාරයේ ප්‍රහාරයක් එල්ල වන්නේ නම් එය කුමන ආකාරයකින් එල්ල විය හැකිදැයි කියාය. එහිදී කියැවුණේ බොහෝ දුරට මෙම ප්‍රහාරය දියත් කරන පුද්ගලයා ලංකාවේ අයකු නොවීමට ඉඩකඩ ඇති බවකි. විශේෂයෙන්ම හමාස් සහ හිස්බුල්ලා සංවිධාන සතුව මරාගෙන මැරෙන ප්‍රහාරකයන් සිටින බවත්, සංකේතයක් ලෙස ඔවුන් ලංකාවට පැමිණ ප්‍රහාරයට පහසුකම් සැපයීම සඳහා මෙරට පුද්ගලයන් උපයෝගී කරගත හැකි බවත් එම බුද්ධි තොරතුරුවලින් වැඩිදුරටත් අවධාරණය කර තිබිණි. ඒ අනුව කළ විශේෂ සෝදිසි කිරීම්වලදී එසේ ප්‍රහාරයකට අනුබල දුන් බවට සැක කරන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙම බුද්ධි තොරතුරු සති තුනකට පෙර ලැබීමෙන් පසු කඩිනම් ක්‍රියාමාර්ග ආණ්ඩුව පැත්තෙන් ගෙන තිබුණද ඒ සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක ජාත්‍යන්තරය පසුවූ බවක් මෙම සිදුවීම හරහා පැහැදිලිව දැකගත හැකිය. ඒ බව තහවුරු වන්නේ ඇමෙරිකානු රජය විසින් සිය සංචාරකයන් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීම හරහාය. ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගවලින් ඇමෙරිකාව සෑහීමකට පත්වූවා නම් ඔවුන්ට එසේ අවවාදාත්මක සංචාරක නිවේදනයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැත. තමන්ගේ පුරවැසියන් සම්බන්ධයෙන් තවදුරටත් අවදානමක් ගැනීමට නොහැකි බවට ඇමෙරිකාව තේරුම් ගැනීමත් සමග අවවාදාත්මක සංචාරක නිවේදනයක් පැනවීමට ඔවුන් කටයුතු කොට තිබිණි. ඉන් සිදුවූයේ ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් රැසක්ම සංචාරක නිවේදන නිකුත් කිරීමත් සමග ලංකාව නැවත වතාවක් ජාත්‍යන්තරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීමය.

ඊශ්‍රායල ප්‍රතිචාරය

මෙහි බරපතළම සිදුවීම දැකගන්නට ලැබුණේ ඉන් අනතුරුවය. ඒ, ඊශ්‍රායල රජය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයත් සමගය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තරයේ රටවල් සිය සංචාරකයන්ට නිවේදන නිකුත් කරද්දී එහි 1, 2, 3 සහ 4 යනුවෙන් පියවර හතරක් තිබේ. 1, 2, 3 පියවර යටතේ සංචාරක නිවේදන නිකුත් කරද්දී ඉන් කියැවෙන්නේ අනතුරක් ඇති නමුත් ඉහළ අවදානමක් නැති බවකි. නමුත් 4 වැනි අදියරේ සංචාරක නිවේදනයක් නිකුත් වන්නේ නම් එවැන්නක් නිකුත් කරන්නේ බරපතළ අවදානමක් මතුව ඇති විටකදීය. ඒ අනුව, ඊශ්‍රායලය ලංකාව සම්බන්ධයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණේ 4 වැනි අදියරේ අතිභයානක තත්ත්වයේ සංචාරක අවවාදාත්මක නිවේදනයකි. ඉන් කියැවුණේ ලංකාවේ සිටින සියලු ඊශ්‍රායල ජාතිකයන් වහාම රටින් පිටවිය යුතු බවටත්, දුරබැහැරව සිටින්නේ නම් වහාම ඉන් ඉවත් වී කොළඹට පැමිණිය යුතු බවත්ය. එමෙන්ම ඊශ්‍රායල ආණ්ඩුවේ අවශ්‍යතාවකට මිස කිසිදු ඊශ්‍රායල ජාතිකයකුට ලංකාවේ සිටිය නොහැකි බවද එම නිවේදනය මගින් ඊශ්‍රායල රජය අවධාරණය කොට තිබිණි. මොසාඩ් වැනි ලොව අංක එකේ රහස් ඔත්තු සේවා සංවිධානයක් සිටින ඊශ්‍රායලය වැනි රටක් එවැනි ආකාරයේ 4 වැනි අදියරේ සංචාරක නිවේදනයක් නිකුත් කිරීම යනු ඉතා බරපතළ තත්ත්වයක් බව බොහෝ දෙනාගේ මතය වී තිබිණ.

ඊශ්‍රායලය පැත්තෙන් මෙම අවදානම් නිවේදනය නිකුත් වෙද්දී ඊශ්‍රායල ජාතිකයෝ 50කට ආසන්න පිරිසක් ආරුගම්බේ රැඳී සිටියහ. සාමාන්‍යයෙන් සංචාරක සමයේදී මෙම පිරිස 1500ක් දක්වා ඉහළ යන බව ක්ෂේත්‍රයේ අදහසය. කෙසේ වෙතත් සිය රටෙන් කළ දැනුම් දීමත් සමග ඊශ්‍රායල සංචාරකයන් විසි ගණනක් එදිනම ලංකාවෙන් පිටව යෑමට පියවර ගත්හ. තවත් පිරිසක් වහාම කොළඹ බලා පැමිණීමට කටයුතු කළහ.

මෙය ආණ්ඩුව පැත්තෙන් ගත් විට තරමක අහිතකර තත්ත්වයක් බව අලුතෙන් කිවයුතු නැත. මන්ද ජනාධිපතිවරයා ඉදිරි වසර සංචාරක ක්ෂේත්‍රයට වැඩි බරක් තබා යෑමට උත්සාහ කරද්දී මෙවැනි ආකාරයේ සංචාරක නිවේදනයක් නිකුත් වීම සහ සිදුවීම් සිදුවීම එම ඉලක්කයට විශාල බාධකයකි. අනෙක් අතට මෙම සිදුවීම් දාමය දෙස බැලූ විට පාස්කු ප්‍රහාරය හා සමානම සිදුවීම් පෙළක් මෙහිදී දැකගන්නට ලැබීම විශේෂිතය. පාස්කු ප්‍රහාරයේදී මෙන්ම ආරුගම්බේ සිද්ධියේදීද කල් තියාම විදෙස් රටවලින් බුද්ධි තොරතුරු ලැබී තිබිණි. ආරුගම්බේ සිද්ධියේදී ආණ්ඩුව වහ වහා ක්‍රියාත්මක වීම නිසා සිද්ධිය ව්‍යර්ථ කොට සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි. නමුත් පාස්කු ප්‍රහාරයේදී ඉන්දීය බුද්ධි අංශ නම්ගම්, දින වකවානු සහිතව තොරතුරු ලබාදුන්නද කිසියම් පාර්ශ්වයක් අතින් සිදුවූ නොසැලකිල්ල හේතුවෙන් මහා විනාශයකට පාර කැපිණි. ආරුගම්බේ සිද්ධියේදී මෙන් එවක ආණ්ඩුව වහ වහා ආරක්ෂාව තරකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බව ආරුගම්බේ සිද්ධියෙන් මොනවට පැහැදිලිය. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයනවා වගේම ඉතිහාසයේ එවැනි බරපතළ අතපසුවීම් සිදුකළ වගකිව යුත්තන් සම්බන්ධයෙන්ද සොයා බලා තීන්දු තීරණ ගත යුතුව ඇත.

විජිතගේ කතාව

කෙසේවෙතත් පසුව මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඇමැති විජිත හේරත් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව තිබේ. ප්‍රහාරයක් පිළිබඳව මුලින්ම ඔත්තුව ලබා දී තිබුණේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මගින් බවට මාධ්‍ය වාර්තා කොට ඇති බවට මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමේදී විජිත විසින් එය අසත්‍යයක් බවත්, ඉන්දීය රෝ ඔත්තු සේවය මගින් එවැනි තොරතුරක් ලබා නොදුන් බවත් ප්‍රකාශ කිරීම ඊට හේතුව වී තිබිණ. එහිදී බොහෝ දෙනා කියා සිටින්නේ විජිත එසේ ඉන්දියාවෙන් බුද්ධි තොරතුරු නොලැබුණු බවට ප්‍රකාශ නොකළා නම් වඩාත් හොඳ යැයි කියාය. මන්ද යත් මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ නිශ්චිතවම තොරතුරු ලබා දී තිබීම ඊට හේතුවය.

ආර්ථික අර්බූදය

මේ ආකාරයට රටේ ආරක්ෂක තත්ත්වය මුල්කරගෙන රට ඇතුළේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති පසුබිමෙක ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති ඊළඟ අර්බුදය වී ඇත්තේ ආර්ථික අර්බුදයය. මේ වනවිටත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු කණ්ඩායමක් ඇමෙරිකාවේ වොෂින්ටනය බලා ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින්නේ තුන්වැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන්ය. එම වාරිකය මෙම වසර අවසානයේ ලැබීමට නියමිතව තිබුණත් ඊට අදාළ සමාලෝචනය ලබන වසර දක්වා කල්යෑම හේතුකොට ගෙන වාරිකය ලබාගැනීමද ලබන වසර දක්වා කල් ගොස් තිබේ. ආණ්ඩුව දෙසැම්බර් මාසයේ අයවැය ඉදිරිපත් කිරීමට මුලින් සූදානමින් සිටියද මේ පසුබිම යටතේ මේ වනවිට ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ දෙසැම්බරයේ අතුරු සම්මත ගිණුමක් සම්මත කොට ලබන වසරේ මුල් කාර්තුවේදී 2025 වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමටය. බොහෝ දුරට මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමෙන් පසු අයවැය ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ බලාපොරොත්තුව වී ඇති බව පැවැසේ.

මීට අමතරව මේ වනවිට ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රමුඛතා ලැයිස්තුව මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමටය. උදාහරණයක් ලෙස ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරනවා නම් ඊට අදාළ මුදල් සොයාගන්නේ කෙසේද, පොහොර සහනාධාරය දිගටම ලබාදෙනවා නම් ඊට අවශ්‍ය මුදල් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් මූල්‍ය අරමුදලට සැලසුමක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව ආණ්ඩුව මේ වනවිට සිටින්නේ අතුරේ යනවා හා සමාන තත්ත්වයකට මුහුණ දීය. මන්ද යත් ජනතාවට දුන් පොරොන්දු ඉටුකරනවාට අමතරව එම පොරොන්දු ඉටුකිරීම අයි.එම්.එෆ්. ව්‍යුහය ඇතුළේ සිට සිදුකිරීමට ආණ්ඩුවට සිදුව තිබීම ඊට හේතුවය.

අනුර ගහන්න යන ගේම

එහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයන්ගේ කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ රේගුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැයි කියන දූෂණයට තිත තබා ඒ හරහා ලැබෙන ආදායම් ඉහළ නංවා ගැනීමටය. ඒ සඳහා මෙම ප්‍රධාන ආයතන තුනෙහි ක්‍රමවේදය පූර්ණ ඩිජිටල්කරණයකට ලක්කිරීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ. ඒ හරහා ලබන වසරේදී ඉහළම ආදායම් ප්‍රමාණයක් මෙම ආයතන තුනෙන් ලබාගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇත.

මීට අමතරව ආණ්ඩුවේ සහන වැඩපිළිවෙළ ඇතුළේ පොහොර ලබාදීම, අස්වැසුම ලබාදීම යනාදියද ඩිජිටල්කරණය කොට එම වැඩසටහන් හරහා සිදුවන දූෂණය අවම කර වියදම් අවම කිරීමද ආණ්ඩුවේ සැලැස්ම වී තිබේ. පසුගිය සතියේදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මේ හා සම්බන්ධ කරුණක් අනාවරණ කරමින් ජනාධිපතිවරයා හා යූ.එස්. ඒඩ් ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් අතර පැවැති සාකච්ඡාවේදී ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුව තමන්ට ලබාදෙන ලෙස දැනුම් දීමක් කර ඇති බව කියා සිටියෙමු. ඒ අනුව ආණ්ඩුව මේ වනවිට සූදානමින් සිටින්නේ මේ ආකාරයට රාජ්‍ය සේවයේ මර්මස්ථාන ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය ආධාර සපයන ලෙස ඉල්ලීමක් කිරීමටය. ඊට අමතරව ලෝක බැංකුවටද මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව පැවසේ.

අනුරත් ගජමිතුරන් එක්කද

මාලිමා ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේදී විශාල දායකත්වයක් සැපයූවේ සමාජ මාධ්‍යය. ජනාධිපතිවරණයට මාස හය හතක් තියාම ඉතා සංවිධානාත්මක ලෙස මෙම සමාජ මාධ්‍ය හසුරුවන්නෝ අනුරගේ ප්‍රතිරූපය ඉහළ නැංවූවා පමණක් නොව, අනුරගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය විනාශ කළහ. සජිත්ව සමච්චලයට ලක් කළහ. මේ හරහා ජනාධිපතිවරණය ආසන්නය වන විට අසත්‍ය පුවත් පවා පළකරමින් සජිත්ව පහතට ඇද දැමීමටත්, අනුරව ඉස්සීමටත් ඔවුහු පියවර ගත්හ. නමුත් ඒ සමාජ මාධ්‍ය ප්‍රචාර පිළිබඳ කිසිදු නියාමනයක් කොහෙන්වත් සිදුවූයේ නැත. ඇත්ත හෝ වේවා බොරු හෝ වේවා ඒවායේ ගිය සියලු කරුණු ජනතාව හිස් මුදුනින් පිළිගත්හ. ඒවා තව තවත් සමාජ මාධ්‍යවල බෙදාහැරියහ.

දැන් මේ සමාජ මාධ්‍යවල භාවිතාවේ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ජනාධිපතිවරයාට පවා සිදුව තිබේ. ඒ අනුව මේ වනවිට විවිධ පාර්ශ්වවලින් ජනාධිපතිවරයා ඉලක්ක කර යම් යම් ප්‍රහාර එල්ල වන ආකාරයක්ද දැකගන්නට පුළුවන.

මෙම සිදුවීම පැනනැගුණේ මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් එක්තරා තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය. එම තීන්දුවේ දැක්වුණේ මෙසේය.

‘පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව *
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2024 ඔක්තෝබර් මස 24 දින සිට 26 දින දක්වා සැමෝවාහි අපියා හිදී ‘අභියෝගයන්ට මුහුණදිය හැකි අනාගතයක්: අර්ථකාරී පොදු රාජ්‍ය මණ්ඩලයක්’ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි කරවීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය කරන ලදී.’

නදිකගේ බිරිඳ යවලා

ඒ අනුව පසුගිය සතියේ සමාජ මාධ්‍යවල විශාල වශයෙන් සංසරණය වූ පෝස්ටුවකින් කියවුණේ පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයාද සිය හිතවතුන් යැවීමට කටයුතු කොට ඇතැයි කියාය. උදාහරණයක් ලෙස එහි සඳහන් වූයේ මාලිමාවේ වේදිකාවට ගොඩවී ගීත ගායනා කළ නදීක ගුරුගේගේ බිරියව ලක්ෂ 40ක් වැයකොට පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුවට යැවීමට කටයුතු කොට ඇතැයි කියාය. අඩු වියදමින් යැවිය හැකි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී දේශපාලන හිතවත්කම්වලට තැන දී ඇති බවද එහිදී කියැවිණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදී අපට දැනගන්නට ලැබුණේ නදීක ගුරුගේගේ බිරිය බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටින බවය. සිය සුදුසුකම් මත ඇය එහි කටයුතු කරන බවද වාර්තා විය. නමුත් සමෝවා රාජ්‍යය ඇත්තේ බි්‍රතාන්‍යයට බොහෝ දුරිනි. අවශ්‍ය නම් ඊට ආසන්න රටක නිලධාරිනියක් සහභාගි කොට වියදම් අවම කරගැනීමට ආණ්ඩුවට හැකියාව තිබිණි. එම නිසා මෙම තත්ත්වය පසුගිය කාලයේදී මාලිමාවට උදව් කළ බොහෝ පිරිස් විසින්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්න කර සිටීමට පියවර ගෙන තිබිණි. මේ අනුව අපද කරන්නේ සමාජ මාධ්‍යවල සිදුකර තිබූ ප්‍රශ්න කිරීම් වාර්තා කිරීම පමණි.

කෙසේවෙතත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තවමත් ජනාධිපතිවරයා දැනුම්වත් වී නොමැති බවය. එමෙන්ම තවමත් ජනාධිපතිවරයා කළ පත්කිරීම්වලදී සුළු සුළු චෝදනා එල්ලවීම හැරුණු කොට බරපතළ චෝදනා කිසිවක් එල්ල වී නොමැත. එම නිසා මෙවැනි සුළු සිදුවීම් පවා සමාජ මාධ්‍යයන්හි ලොකුවට ගෙන ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට පුළුවන. නමුත් තවමත් මෙම නම්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදුව නොමැත.

අනුරව ගේන්න යන පන්සල

මීට අමතරව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් තවත් විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකිරීමට සූදානම්ය. ඒ, කොළඹ ඇති ප්‍රධාන පෙළේ දේශපාලන කපුකම් කරන විහාරස්ථානයක මේ දිනවල සිදුකරන අලුත්ම මෙහෙයුම පිළිබඳවය. අප මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම තීරය ඔස්සේ මෙම පන්සල පිළිබඳ සඳහන් කරමින් කියා සිටියේ එදා සිටම සම්පූර්ණයෙන්ම දේශපාලනයට නතුවූ විහාරස්ථානයක් ලෙස මෙය ප්‍රකටව ඇති බවත්, විශේෂයෙන්ම රනිල්ගේ සහ මහින්දගේ ඕනෑ එපාකම් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටි පන්සලක් බවත්ය. මෙහි ප්‍රධාන දායකත්වය දරන්නේද රටම දන්නා දේශපාලන පවුලකින් පැවැත එන චරිතයකි. එමෙන්ම මෑතකදී රනිල්-මහින්ද එකතු කිරීමේ කපුකම සිදුවූයේත්, එජාප-සජබ එකතු කරන කපුකම සිදුකරන සාකච්ඡා සිදුවූයේත් මෙම පන්සලේය. විවිධ වාසි, වරදාන, වරප්‍රසාද සඳහා රාජ්‍ය නායකයා කවුරුන් වුවත් එදා සිටම රාජ්‍ය නායකත්වය සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යෑම මෙම විහාරස්ථානයේ සිරිත විය.

ඒ අනුව රනිල්ට, මහින්දට සමීපව කටයුතු කරන මෙම විහරස්ථානය මීට සති දෙක තුනක සිට පාර්ශ්වයන් කිහිපයක් හරහාම වත්මන් ජනාධිපති අනුරටද සිය පන්සලට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බවක් ආරංචිය. අනුර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දළදා මාලිගාව, ශ්‍රීමහා බෝධිය, කටුවාපිටිය පල්ලිය වැනි ප්‍රසිද්ධ ස්ථාන වෙත ගියද තවමත් කොළඹ මේ කියන පන්සලට ගොඩවී නැත. ඒ අනුව දැන් මෙහෙයුම දියත් වන්නේ කෙසේ හෝ ජනාධිපතිවරයාව මෙම පන්සලට ගෙන්වාගෙන ඡායාරූප ගසා වීඩියෝ කොට ඒවා මාධ්‍යවල පළකොට වත්මන් ජනාධිපතිවරයාගේ හයියද මේ පන්සලට ඇති බව රටට ලෝකයට පෙන්වන්නටය.

මහින්ද නම් දුන්නා

ඉකුත් ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා දුන් ප්‍රසිද්ධ පොරොන්දුවක් වූයේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ජනාධිපති ආර්යාවන්ට ලබාදී ඇති වරප්‍රසාද වහාම ඉවත් කිරීමට කටයුතු කරනවා යැයි කියාය. ඒ කී ආකාරයෙන් වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළත්, මේ වනවිට හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් යම් සමාලෝචනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ඒ අනුව, මෙම කමිටුව පසුගිය දින කිහිපයේ අප්‍රසිද්ධියේ සියලු හිටපු ජනාධිපතිවරුන්ට කතාකොට සහ යම් යම් වගකිවයුත්තන්ට කතාකොට මෙම වරප්‍රසාද සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම සීමාව ඉක්මවා වරප්‍රසාද යටතේ ලබාගෙන ඇති නිල වාහන යළි රජයට භාරදෙන ලෙසද දැනුම්දීමක් කෙරිණි. ඒ අනුව පසුගිය සතියේ විශේෂ කණ්ඩායමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඔහුට ලබාදී ඇති අමතර වාහන යළි භාරදෙන ලෙස දැනුම්දීමක් කර තිබිණි. ඒ අනුව මහින්ද නිල වාහන 3ක් යළි භාරදීමට කටයුතු කර තිබිණි.

හේමා කැමැත්තෙන්

මේ ආකාරයටම චන්ද්‍රිකා, මෛත්‍රි, රනිල් යන පිරිසද හමුවී මෙම කරුණ දැනුම්දීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම ලිපි මගින්ද ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සහ ආර්යාවන් දැනුවත් කිරීමට කටයුතු කොට තිබිණි. මෙහිදී පළමු ලිපිය ලැබී තිබුණේ හිටපු ජනාධිපති ආර්යාවක වන හේමා ප්‍රේමදාසටය. වහාම ඊට ප්‍රතිචාර දක්වමින් හේමා ප්‍රේමදාස මහත්මිය කළේ කමිටුව ගන්නා ඕනෑම තීන්දුවකට තමන් එකඟතාව පළකරන බවත්, ඒ ගන්නා තීන්දුව තමන්ට දැනුම් දෙන ලෙසත්ය.

හේමා ප්‍රේමදාස මැතිනිය මේ ආකාරයෙන් ඊට ප්‍රතිචාර දැක්වූවත් අනෙක් හිටපු ජනාධිපතිවරුන් නම් එසේ නොවේ. දැනට හිටපු ජනාධිපතිවරුන් ලෙස කටයුතු කරන්නේ චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි, ගෝඨා සහ රනිල්ය. ගෝඨා සම්බන්ධයෙන් තොරතුරක් නැතත්, අනෙක් අය නම් ඊට එරෙහිව සිය වරප්‍රසාද වෙනුවෙන් සටන් වැදීමට තීන්දු කර ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම ඒ සඳහාම හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙක් අතරේ සන්ධානයක් ගොඩනැගී ඇති ආකාරයද දැකගන්නට ලැබේ.

කුලියට ගන්න ඉල්ලයි

මෙහිදී අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ එක් හිටපු ජනාධිපති චරිතයක් තමන් සිටින සුපිරි නිල නිවෙස රජයට භාර නොදී ඉතා අඩු මුදලකට තමන්ටම කුලියට ලබාදෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවකි. එසේ කුලිය ලෙස එම හිටපු ජනාධිපති චරිතය සඳහන් කොට ඇත්තේ රුපියල් ලක්ෂ 3ක් වැනි ඉතා අඩු මුදලකි. මෙම චරිතය පරම්පරාවෙන්ම ඉතා විශාල දේපළකට උරුමකම් කියන මුදල් යහමින් ඇති චරිතයකි. සදාචාරාත්මක හේතු මත අප එම චරිතයේ නම සඳහන් නොකළද මේ වනවිට වෙළෙඳපළ වටිනාකම අනුව එම හිටපු ජනාධිපති චරිතය වාසය කරන සුපිරි නිල නිවෙස රුපියල් ලක්ෂ 25ක පමණ මාසික කුලියකට ලබාදීමට හැකියාව ඇත. මේ සම්බන්ධයෙන් මෙම චරිතය පසුගිය දින කිහිපයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමටද උත්සාහ කර ඇති බවක්ද ආරංචිය. නමුත් එම සාකච්ඡාව සාර්ථක වූවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් අපට තොරතුරු නැත.

මීට අමතරව තවත් හිටපු ජනාධිපතිවරයෙකු මෙම වරප්‍රසාද සම්බන්ධයෙන් ප්‍රබල ජනාධිපති නීතිඥවරයකු සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවක්ද ආරංචිය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම හිටපු ජනාධිපතිවරයා වරප්‍රසාද ආරක්ෂා කරගැනීම සඳහා නීතිමය පැත්තෙන් ලොකු ගේමක් ගැසීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත.

මහින්දගෙන් සල්ලි ඉල්ලලා

මේ සියල්ල අතරවාරයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද විශේෂ පුවතක් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. ඒ, මහින්ද අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී සිදුවූ සිදුවීමකි.
ජනාධිපති ධුරය දරන සමයේ එම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව වරප්‍රසාදයක් ලෙස මහින්ද එහි ගමන් බිමන් සිදුකළේ නොමිලේය. නමුත් 2015 ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු වරක් මහින්ද අධිවේගී මාර්ගයේ ගමන් කිරීමෙන් පසු එහි මුදල් අයකරන්නකු විසින් මහින්දට මුදල් ගෙවන ලෙස දැනුම්දීමක් කර තිබිණි. මහින්ද ඒ මොහොතේම කළේ එවක මහාමාර්ග අමාත්‍යවරයා වූ කබීර් හෂීම්ට කතාකොට ඒ පිළිබඳ දැනුම් දීමය. ඒ අනුව වහාම කබීර්ද මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට කතාකොට හිටපු ජනාධිපති මහින්දට දිගටම අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව සපයා දී තිබිණි.

නමුත් පසුගිය සතියේ නැවත වතාවක් මහින්ද අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණෙද්දී ඔහුගේ රථය නවතා අයතැමියන් මුදල් ඉල්ලීමට කටයුතු කොට තිබිණි. අපට ඇති ආරංචිවලින් නම් කියැවෙන්නේ එහිදී මහින්ද, ‘අයිසේ මමයි මේවා හැදුවේ. මගෙන් සල්ලි ගන්නේ කොහොමද?’ යනුවෙන් කෝපයෙන් අදහස් ප්‍රකාශ කොට ඇති බවකි. මෙහිදී අපට ඇති එක් තොරතුරකින් කියැවුණේ මහින්ද කෝපයෙන් යුතුව මුදල් නොගෙවාම එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බවකි. තවත් ආරංචි මාර්ගයකින් කියැවුණේ අයකැමියා විසින් මහින්දගෙන් මුදල් අයකරගෙන තිබූ බවකි. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ කියැවෙන කතා අස්සේ මේ කතාවද ‘රාජ්‍ය රහස්’ තීරයේ අප වාර්තා කළේ ඒ නිසාය.

සජිත් සූදානම්

පසුගිය සතියේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනක් සිදුකිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය ඉලක්ක කොට මාලිමාව සහ සජබය අතර තීරණාත්මක සටනක් මතුව පැවැතියදී සජිත් කියා සිටියේ රට ආර්ථික අර්බුදයක ගිලී ඇති මේ මොහොතේ රටේ ජනතාවට සහන ලබාදීම සඳහා තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්, තමන් සහ සජබ කණ්ඩායම මූල්‍ය අරමුදල සමග පසුගිය කාලයේ පැවැති සාකච්ඡාවලදී බදු අඩුකර ජනතාවට සහන ලබාදීමට ඔවුන් එකඟ කරවාගත් බවත්ය. තමන් සහ තම පක්ෂය විපක්ෂයට ගියද විපක්ෂයේ සිට හෝ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තමන් සහ සජබය සූදානම් බවද එහිදී සජිත් අවධාරණය කර සිටියේය. ජනාධිපති ධුරයේ කවුරුන් සිටියද තමන්ට එය ගැටලුවක් නොවන බවද එහිදී සජිත් පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රකාශය ඊළඟ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සිදුකළ විශාල ඉඟියක් බව දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අදහසය. යම් අයුරකින් සජබය වෙනත් පක්ෂ සමග එක්ව 113 ලබාගැනීමට හැකි වුවහොත් සජබ ආණ්ඩුවක් ගොඩනැගීමට හැකියාව ඇති නමුත් බහුතරය ලබාගැනීමට නොහැකි වුවහොත් රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට විපක්ෂයේ සිට සජබය සූදානම් බව සජිත්ගේ මෙම ප්‍රකාශය හරහා ඉඟි ලැබුණු බව බොහෝ දෙනාගේ මතයය. එසේ ගොඩනගන ආණ්ඩුව එකඟතා ආණ්ඩුවක්ද, එසේ නොමැති නම් එකඟතා පාර්ලිමේන්තුවක්ද යන්න තවමත් පැහැදිලි නැත.

රනිල් කකුලෙන් අදී

මේ ආකාරයට සජිත් මහ මැතිවරණයෙන් පසු රට ගොඩගැනීම සඳහා පොදු වැඩපිළිවෙළකට සහාය දැක්වීමට සූදානමින් සිටිද්දී හැමදාමත් කුමන්ත්‍රණ කරන, හැමදාමත් කකුලෙන් ඇද රට බිමට වට්ටන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් ආණ්ඩුවෙන්ද එසේ කකුලෙන් අදින වැඩක් සිදුකළේය. ඒ, තමන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට මුදල් වෙන්කළ බවත්, වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු නොකරන්නේ නම් තමන් වෙන්කළ මුදල්වලට කළේ කුමක්ද යන්න රටට කිවයුතු බවත් කියමින්ය. රනිල් මේ ප්‍රකාශය කළේ වෘත්තීය සමිති උසිගන්වා ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම ඉලක්ක කරගෙනය.

රනිල්ගේ දේශපාලන ඉතිහාසයම මෙසේය. රනිල් හැමදාම බලයේ සිටින ආණ්ඩුව වැට්ටවීම සඳහා තිරය පිටුපස හීන් නූලෙන් ගේම් ගැහුවේය. එහිදී රටට කුමන අවාසියක් හෝ අපරාධයක් සිදුවුවද රනිල් ඒ කිසිවක් තැකුවේ නැත. රට ආර්ථිකමය වශයෙන් වැටුණහොත් තමන්ට ඡන්දයකින් තොරවම බලයට පැමිණිය හැකි බව රනිල් හොඳහැටි දනී. 2022 අරගලයෙන් පසු පාර්ලිමේන්තුවටවත් පත්විය නොහැකිව පැරැදී ගෙදර සිටි රනිල් පස්සා දොරෙන් පාර්ලිමේන්තුවට පැමිණ ජනාධිපති ධුරය ලබාගත්තේ ඒ ආකාරයටය. එසේම 2001 රනිල් ආණ්ඩු බලය ලබාගත්තේ කොටින් කටුනායක ගුවන් තොටුපළට ගසා ආර්ථිකය ඍණ වීම හේතුකොට ගෙනය. 2015 අගමැති ධුරය රනිල් ලබාගත්තේත් ආර්ථිකය බිඳවැටී ඇති බවත්, රාජපක්ෂවරුන්ගේ හොරකම් අල්ලන බවත් කියමිනි.

අනුර උත්තර දුන්නා

මේ ආකාරයට රනිල් ආණ්ඩුව වැට්ටවීම සඳහා ගහපු තුට්ටු දෙකේ ගේමක් වරෙක විකිලීක්ස් වෙබ් අඩවිය මගින් ලෝකයට හෙළිදරව් කරනු ලැබීය. එහිදී අනාවරණ වූයේ එවක ලංකාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කර සිටි ජපාන විශේෂ තානාපතිවරයා වූ යසුෂි අකාෂි මහතා රනිල් හමුවූ අවස්ථාවක ලංකාවට ආධාර නොකරන ලෙසට රනිල් ඔහුගෙන් ඉල්ලීමක් කර තිබූ බවකි. නමුත් අකාෂි මහතා ඊට එරෙහිව අදහස් දක්වමින් එසේ වුවහොත් රටේ ජනතාව මහත් අපහසුතාවකට පත්විය හැකි බව සඳහන් කොට තිබිණැයි එම වෙබ් අඩවිය පෙන්වා දී තිබිණි. රට යුද්ධයක පවතින මොහොතේ එවැන්නක් කළහොත් රට විනාශ වී යාහැකි බවද අකාෂි එහිදී සඳහන් කොට තිබිණි.

කෙසේ වෙතත් රනිල් කළ මෙම ප්‍රකාශයට ඊට පසු දිනම ජනාධිපතිවරයා පිළිතුරු ලබාදීමට පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේම මෙවැනි තුට්ටු දෙකේ පහත් දේශපාලනයක් නොකරන ලෙසය. රනිල් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා කිසිසේත්ම මුදල් වෙන්කර නොමැති බව එහිදී කියා සිටි ජනාධිපතිවරයා, ලබන අයවැය මගින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට කටයුතු කරන බව කියා සිටියේය. මෙහිදී රනිල්ට පොඩි ටොක්කක් අනිමින් අනුර කියා සිටියේ රනිල් පැරැදුණා නම් ගෙදරට වී වැඩක් බලාගන්නා ලෙස දැනුම් දෙන බවය.

රන්ජන් අනුරට ලියයි

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙවර මහ මැතිවරණයට තරග වදින්නේ ‘ජනතා ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂය හරහාය. මෙම පක්ෂය දෙමළ ඩයස්පෝරාවේ ප්‍රකට ව්‍යාපාරික අලිරාජා සුබාස්කරන් හට අයත් පක්ෂයක් බව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි විශේෂ අනාවරණක් කරමින් කියා සිටියෙමු. එහිදී අප තවදුරටත් පෙන්වා දුන්නේ රන්ජන්ට ජනාධිපති සමාව ලබාදෙද්දී මැතිවරණවලට තරග කිරීමේ අවස්ථාව අහිමි කර තිබීම නිසා රන්ජන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් යම් නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය.

කෙසේ වෙතත් රන්ජන්ටද මෙම ගැටලුව නොතිබුණා නොවේ. එම නිසා රන්ජන් පසුගිය 03 වැනිදා ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් තමන්ට මැතිවරණයකට තරග කිරීමට හැකිවන පරිදි ප්‍රජා අයිතිවාසිකම් අත්හිටුවා ඇති කාලසීමාව අවම කරන ලෙසට ඉල්ලීමක් කර තිබිණි. එහිදී ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූවාද යන්න සම්බන්ධයෙන් තොරතුරු නැතත්, ජනතාවගේ දැනගැනීම සඳහා රන්ජන් විසින් ජනාධිපතිවරයාට යොමුකර තිබූ ලිපිය අප මෙසේ පළකරමු.

‘අතිගරු ජනාධිපතිතුමනි,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 34(2)(ආ) වගන්තිය ප්‍රකාරව ප්‍රජා අයිතිවාසිකම් අත්හිටුවා ඇති කාලසීමව අඩු කරවා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීමයි.
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තෙ ඉදිරිපත් රන ලද අංක 04/2017 දරන පෙත්සම අනුව විභාග කරන ලද අංක ීක්‍ ඍමකැ 1/2018 දරන නඩුකරයට අදාළ 2021 ජනවාරි මස 12 වන දිනැති තීන්දුව අනුව මා වෙත වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම විය. නමුත් 2022 අගෝස්තු මාසයේදී එවකට ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද ජනාධිපති සමාවක් අනුව මා හට නිදහස හිමිවූ නමුත් මාගේ ප්‍රජා අයිතිවාසිකම් මේ වනවිටත් අවලංගුව පවතී.
එබැවින් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ අංක 34(2)(ආ) වගන්තිය ප්‍රකාරව ප්‍රජා අයිතිවාසිකම් අත්හිටුවා ඇති කාලසීමාව අඩුකරවා ගැනීම සඳහා වන මාගේ මෙම කාරුණික ඉල්ලීම අතිගරු ඔබතුමා වෙත ඉදිරිපත් කරමි.
මා නිදහස ලැබීමෙන් පසු දැනට වසර දෙකකටත් වැඩි කාලයක් ගතව ඇති අතර, වසර හතක් වන මාගේ ප්‍රජා අයිතීන් අහිමි කාලසීමාව වසර දෙකක් දක්වා අඩුකරවාගත හැකි නම්, 2024 නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තරග කිරීමටද මා හට අවස්ථාව සැලසෙනු ඇත.
මෑතකදී පවත්වන ලද සාකච්ඡා අනුව නැවත මහජන සේවයට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන මා හට ඒ සඳහා අවස්ථාව සලසා දෙනු වස් මාගේ මෙම ඉල්ලීම අතිගරු ඔබතුමා විශේෂිතව සලකා බලනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.
මෙහිදී අතිගරු ඔබතුමාගෙන් ලැබෙන විශේෂ අවධානය සහ සහාය මම මහත් ලෙස අගය කොට සලකමි.’

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේදී රන්ජන් හමුවේ තිබූ මෙම ගැටලුව අධිකරණය හමුවට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු රන්ජන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබීම හේතුකොට ගෙනය. ඒ අනුව දැන් රන්ජන්ට තමන්ට මැතිවරණයට ඉදිරිපත්විය හැකිද යන්න සම්බන්ධයෙන් දැනගැනීම සඳහා අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් සිටීමට සිදුවනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රන්ජන් ඉවරෙටම ඉවරයි! සුගතදාසයේ රැස්වීමට කැම්පස්වල කොල්ලො කෙල්ලො ඇදලා තියෙන්නේ සල්ලියි කෑම පැකට් එකයි දෙනවා කියලා! රැස්වීමෙන් පස්සේ සල්ලිවලට පොල්ල තියලා සුගතදාසය ගිනිඅරන්! කැම්පස් කොල්ලො ටික රන්ජන්ගේ පතුරු අරින හැටි බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

හයිවේ එකේ ටිකට් කඩන්න මහින්දගේ වාහනය නවත්වලා ජංජාලයක්! ‘අයිසේ මමයි මේවා හැදුවේ… මගෙන් සල්ලි ගන්නේ කොහොමද?’ මහින්දට යකා නැගලා! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.