• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කවින්දගේ ඔළුවට කඩන් වැටුණු අසභ්‍ය වීඩියෝව…

May 25, 2020
in News, Politics, Uncategorized
Reading Time: 7 mins read
A A
කවින්දගේ ඔළුවට කඩන් වැටුණු අසභ්‍ය වීඩියෝව…
Share on WhatsAppShare on Facebook

මීට දින කිහිපයකට ඉහතදී ලංකා දේශපාලනය කලම්බවමින් එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ආකාරයක් දැකගන්නට ලැබිණ. එම වීඩියෝවෙන් දැක්වුණේ පුද්ගලයන් දෙදෙනකු සමලිංගික සේවනයේ යෙදෙන රූපරාමු පෙළකි. එම වීඩියෝවෙන් ලංකාවේ දේශපාලනය කැළඹී ගියේ එහි සිටින එක් පුද්ගලයකු කලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර කාවින්ද ජයවර්ධන බවට සමාජ මාධ්‍ය ජාල වාර්තා කර තිබීමත් සමඟය.

කවින්දගේ නම පැටලුනේ කොහොමද?

ඒ අනුව එම වීඩියෝ සහ කාවින්දගේ නම සඳහන් කරමින් මෙරට වෙබ් අඩවි කිහිපයක්ද අදාළ පුවත පල කිරීමත් සමඟ මෙය ලැව්ගින්නක් සේ දේශපාලන ක්ෂේත්‍රය පුරාම පැතිර යන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව බොහෝදෙනකු කාවින්දට කතාකොට මෙම වීඩියෝවේ ඇත්ත නැත්ත විමසා සිටීමත් සමඟ කාවින්දග උඩ බිම බලන්නට වූයේ ඡන්දයක් අතළඟ තියා මේ පාත්වූ හෙණගෙඩිය කුමක්ද යන්න තේරුම්ගත නොහැකිවය. ඊටත් වඩා කාවින්දගේ පවුලේ උදවිය අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විශාල කලබලයකට පත්ව සිටීමද බරපතළ ගැටලුවක් වී තිබිණ. ඒ අනුව වහාම අදාළ සමාජ මාධ්‍ය ජාලවලට ගොස් පිරික්සා බලද්දී කාවින්ගටද එම සමලිංගික වීඩියෝව දැකගත හැකි විය.

පැමිණිල්ල ජනාධිපතිටම

ඒ අනුව කාවින්ද මුලින්ම කළේ තමාට මුලින්ම කළේ තමාට සිදුව ඇති අපහාසය හා අසාධාරණය සම්බන්ධයෙන් වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමය. එසේ ජනාධිපතිවරයාට කතා කළ කාවින්ද අදාළ වීඩියෝව පිළිබඳවත්, එය තමන්ට මට ගැසීම සඳහා ඇතැමුන් විසින් හිතාමතාම පාවිච්චි කරන බවටත් කළ දැනුම්දීමෙන් පසුව ජනාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රහස් පොලිසියේ පැමිණිල්ලක් කරන ලෙසටය. ජනාධිපතිවරයා දුන් උපදෙස් පිළිපදිමන් කාවින්ද කළේ වහාම රහස් පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණීල්ලක් ඉදිරිපත් කිරීමය.

ඉරාජ්ගේ නමත් පැටලෙයි

මෙම පැමිණිල්ල ලැබීමත් සමඟ රහස් පොලිසියට පක්ෂ, පාට භේදයකින් තොරව අදාළ පැමිණීල්ල පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව මූලික පරීක්ෂණයකින් පසු ඔවුන්ට සොයාගැනීමට හැකි වූයේ මෙම වීඩියෝව ප්‍රකට ගායකයකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුද වන ඉරාජ් වීරරත්න විසින් එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇති බවකි. ඒ අනුව රහස් පොලිසිය ඉරාජ්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී එරාජ් ප්‍රකාශ කර ඇත්තේ සිය සොහොයුරිය මාර්ගයෙන් තමන්ට එම වීඩියෝව ලැබුණු බවකි. ඒ අනුව රහස් පොලිසිය ඉරාජිගේ සොහොයුරියගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර, එහිදී ඇය සඳහන් කරන්නේ හිටපු අමාත්‍යවරයකු වන ජීවන් කුමාරණතුංග මහතගේ දියණිය වන මල්ෂා කුමාරණතුංග විසින් තමන්ට එම වීඩියෝව එවනු ලැබ තිබූ බවකි.

මල්ෂාව මුණගැහෙන්න ෂැංග්‍රිලා හෝටලයට

ඒ අනුව රහස් පොලිසිය කරන්නේ මල්ෂා කුමාරණතුංගගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇය වාසය කරන ෂැංග්‍රිලා හෝටලයේ නිවස්නයට යෑමටය. එසේ රහස් පොලිසිය මල්ෂාගේ නිවෙසට ගිය විට එහි තවත් එජාප හිටපු තරුණ අමාත්‍යවරයකුද සිට ඇති බව දැනගන්නට තිබේ. එහිදී ඔවුන් අතර කිසියම් වචන හුවමාරුවක් සිදුවීම හේතුවෙන් රහස් පොලිසිය කරන්නේ මල්ෂාට ඉදිරි දිනෙක රහස් පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම්දී සිටීමය. එම දැනුම්දීමට අනුව පසුගිය සතියේ මල්ෂා රහස් පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටද කටයුතු කළාය. මල්ෂා එහිදී කියා සිටියේ තමන්ට සිය හිතවතකුගෙන් එම වීඩියෝව කලකට පෙර ලැබුණු බවත් දැන් එය තම දුරකතනයෙන් මකා දමා ඇති බවත්ය. ඒ අනුව රහස් පොලිසිය කරන්නේ එම මකා දැමූ දත්ත නැවැත ලබාගැනීම සඳහා ඇගේ දුරකතනය සිය භාරයට ගැනීමය.

ෆේස්බුක් ගිණුමත් හැක් කරයි

මේ අතර වාරයේ කොරේ පිටට මරේ කීවාක්සේ කාවින්දට තවත් අලකලංචියක් වැටී තිබිණ. ඒ කාවින්දගේ ෆේස්බුක් ගිණුමකටද කිසිවකු විසින් හැක්කර තිබීමය. ඒ අනුව ඒ පිළිබඳවද කාවින්ද රහස් පොලිසියේ පැමිණිල්ලක් කිරීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් මේ අතර වාරයේ රහස් පොලිසිය කාවින්දගේ යැයි කියන වීඩියෝව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කර ගැනීමටද මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් හැකියාව ලැබී තිබිණ. ඒ අනුව එම වීඩියෝව 2018 සැප්තැම්බර් 01 වැනි දින අන්තර්ජාලයට යොමුකර ඇති එකක් බවත්, එම වීඩියෝවේ සිටින්නේ ඉන්දීය ජාතිකයන් දෙනෙකු බවත් රහස් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන තිබිණ. එම තොරතුරු රහස් පොලිසිය විසින් කාවින්දට දැනුම්දීමත් සමඟ කාවින්ද වහාම කළේ ඒ සියලු කරුණු ජනාධිපතිවරයා වෙත දැනුමදීමට පියවර ගැනීමය. එමෙන්ම කාවන්ද දැන් තීන්දු කොට ඇත්තේ තමාව ඉලක්ක කරගෙන අසත්‍ය චෝදාන නඟමින් මඩගැසූ සියලු පුද්ගලයන්ටත්, සියලු වෙබ් අඩවිවලටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටය.

ගම්මන්පිලටත් බාල්දි 2ක් පෙරළෙයි

මේ ආකාරයටම පසුගිය සතියේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු මන්ත්‍රිවරයකුටද එක පිට එක වැටුණු බාල්දි දෙකකට මුහුණදීමට සිදුවිය. ඒ මන්ත්‍රිවරයා වූයේ වෙන කවුරුත් නොව උදය ගම්මන්පිල මහතාය. ගම්මන්පිලට පළමු බාල්දිය වැටුණේ ලංකාවේ ලොකුම ක්‍රීඩාංගණය හෝමාගම හදන බවට ප්‍රකාශ කොට හත්පොලේ ගාගත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා බේරා ගැනීමට කළ ප්‍රකාශයක් මුල්කරගෙනය. ඩොලර් මිලියන 40ක් වැය කරමින් ඉදිකරන මේ ක්‍රීඩාංගණය පිළිබඳව දිගින් දිගටම පහරදීමත් සමඟ ගම්මන්පිල පසුගිය සතියේදී බන්දුලට කතාකොට ඒ පිළිබඳව තොරතුරු ඔහුගෙන් විමසා සිටීමට කටයුතු කළේය. එහිදී බන්දුල ගම්මන්පිලට කියා සිටියේ එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා සත පහක මුදලක් ආණ්ඩුවෙන් වැය නොවන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සියලු මුදල් ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන බවත්ය.

පළමු බාල්දිය ගම්මන්පිලගෙන්

බන්දුලගේ මේ කීම පිලිගත් ගම්මන්පලද පසුගිය සතියේ මාධ්‍ය හමුවට පැමිණ වීරයකු සේ කියා සිටියේ අදාළ මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන බවත් එය නොගත හොත් එම මුදල් වෙන රටකට ලැබෙනු ඇති බවත්ය. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙසේ ක්‍රීඩාංගණයට මුදල් ලබාදෙන බවට බන්දුල කර තිබූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලොකුම ගැටලුව මතුවූයේ ගම්මන්පිලටය. ඒ අනුව තමන් බන්දුලගේ ලණුවක් කා මාධ්‍ය ඉදිරියේ වැරැදි ප්‍රකාශයක් සිදුකර ඇති බව ගම්මන්පිලට වැටහිණ. ඒ අනුව තමන් අතින් වූ වැරැද්ද වහාම නිවැරැදි කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ගම්මන්ප කියා සිටියේ තමන් අතින් වැරැදි ප්‍රකාශයක් සිදුව ඇති බවත් ඊට කනගාටුව පල කරන බවත්ය.
“බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා විසින් ලබාදුන් වැරැදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබාදී ඇති බවට මා විසින් වැරැදි ප්‍රකාශයක් කිරීම පිළිබඳ කනගාටුව පළ කරමි.” යන්න එහි වැඩිදුරටත් සඳහන් විය.

දෙවන බාල්දිය සුජීවගෙන්

ගම්මන්පිලට දෙවැනි බාල්දිය වැටුණේ පසුගිය සතියේ ජාතික රූපවාහිනියේ පැවැති දේශපාලන සංවාදයකදීය. එදින එම සජීවී වැඩසටහනට ආණ්ඩුව පැත්තෙන් ගම්මන්පිලත්, විපක්ෂය පැත්තෙන් සුජීව සේනසිංහත් පැමිණ සිටි අතර, සාකච්ඡාවේ එක් තැනකදී සුජීව කියා සිටියේ කොරෝනා වෛරසය ලංකාවට නොපැමිණෙන බවට ගම්මන්පිල කියනු තමන් රූපවාහිනියෙන් දුටු බවය. නමුත් එසැණින් සුජීවට බාධා කළ ගම්මන්පිල කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු දිනෙක නොකළ බවත්, හැකි නම් එසේ කළ බවට ඔප්පු කරන ලෙස අභියෝග කරන බවත්ය. ඒ අනුව අභියෝගය බාරගත් සුජීව කියා සිටියේ තමන් එම වීඩියෝව ඊට පසු දිනම ෆේස්බුක් පිටුවේ පළකරන බවත් එසේ කිරීමට නොහැකි වුවහොත් තමන් ප්‍රසිද්ධියේම ගම්මන්පිලගෙන් සමාව ඉල්ලන බවත්ය.
කියූ ආකාරයටම සුජීව ඊට පසු දින ගම්මන්පිල කර තිබූ එම ප්‍රකාශය සිය ෆේස්බුක් පිටුවේ පලකිරීමට පියවර ගත්තේය. එහිදී ගම්මන්පිල කියා සිටියේ මෙවැන්නකි.
“ලංකාවට පැමිණි එකම කොරෝනා රෝගියා අපි ජීවිතේ බේරලා ආපහු යැව්වා. ඒ අනුව අපේ කොරෝනා සුවකිරීමේ ප්‍රතිශතය 100%යි.”
ඒ අනුව එකම සතියේ දෙවරක් ගම්මන්පිල තමන් කළ ප්‍රකාශය හේතුවෙන් බරපතළ අර්බුදයකට ගිය ආකාරයක් දැකගන්නට තිබිණ.

ජනපති ආර්යාවත් ජනතාව එක්ක පෝලිමේ…

මේ අතර පසුගිය සතියේ තවත් එක්තරා විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල විශාල අවධානයක් දිනාගෙන තිබිණ. ඒ වීඩියෝවේ දැක්වුණේ ජනපති ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය නුවර දළදා මාලිගාව වන්දනාමාන කිරීම සඳහා ගොස් සිටි දර්ශන පේලියකි. එහිදී මාලිගාවේ විශාල පිරිසක් දන්ද ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා රැස්ව සිටි අතර ඒ නිසාම දිගු පෝලිමක්ද එහි පවතින බවක් දැකගන්නට තිබිණ. තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වුවද එම සම්බන්ධකම් කියා කිසිදු ගැටලුවකින් තොරව තනිවම ගොස් දන්ද ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ හැකියාව හොඳින්ම තිබුණද රාජපක්ෂ මැතිනිය එසේ නොකොට සෙනඟ රැඳී සිටි පෝලිමේම තමාගේ අවස්ථාව උදාවනතුරු රැඳී සිටි ආකාරයක් දැකගන්නට තිබිණ. එහිදී මාලිගාවේ පිරිස් පවා පැමිණ ඇයව රැගෙන යෑමට උත්සාහ කළත් ඇය දිගටම කියා සිටියේ එසේ යෑම සුදුසු නැති බවත්, තමන්ද සාමාන්‍ය ජනතාව මෙන් පෝලිමේ සිට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට හැකි බවත්ය. සාමාන්‍යයෙන් මෙවැනි පිළිතුරක් ජනාධිපති ආර්යාවකගෙන් බලාපොරොත්තු විය නොහැකි නිසා එම වීඩියෝව පසුගිය සතියේ සමාජ මාධ්‍ය ජාලවල ඉහළ පිළිගැනීමක් ලැබී තිබූ ආකාරයක් දැකගත හැකි විය.

ෆොන්සේකා රණවිරු සැමරුමට නාවේ ඇයි?

යුද ජයග්‍රහණයේ 11 වැනි සැමරුම් උත්සවය පසුගිය අඟහරුවාදා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පිහිටි රණවිරු ස්මාරකය අසලදී පැවැත්විණ. ඊට යුද ජයග්‍රහණයට සම්බන්ද වූ සියලුම ඉහළ නිලයන්ට ආරාධනා කිරීමට පියවර ගත් අතර දේශපාලන කඳවුරු දෙකක් සිටියත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණයට විශාලම දායකත්වය සැපයූ එවකට සිටි යුද හමුදාපතිවරයා වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටද මෙම උත්සවයට ආරාධනා කරන ලෙසටද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාටද දැනුම්දී සිටියේය. ඒ අනුව කමල් කළේ පෞද්ගලිකවම ෆොන්සේකාට දුරකතන ඇමැතුමක් දී රණවිරු සැමරුමට සහභාගි වන ලෙස ෆොන්සේකාට ආරාධනා කර සිටීමය. නමුත් එක්වරම ආරාධනාව භාර නොගත් ෆොන්සේකා කියා සිටියේ එදිනට යම් වැඩකටයුත්තක් යෙදී තිබෙනවාද යන්න සොයා බලා තමන්ගේ පැමිණීමේ හැකියාව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට දැනුම්දීමට කටයුතු කරන්නම් යැයි කියාය.

ෂවේන්ද්‍රට පණිවුඩය තියයි

ඒ අනුව පසුව ෆොන්සේකා අඟහරුවාදා දිනයේ සිය වැඩකටයුතු පිළිබඳ සොයා බලද්දී ඔහුට දැනගන්නට ලැබුණේ එදින සවස ඒ වේලාවටම කළුතරදී පැවැත්වීමට නියමිතව තිබූ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් සිදුකරන උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා සමගි ජන බලවේගයේ ප්‍රධානීන්ට වචනයක් ලබාදී ඇති බවය. ඒ අනුව වහාම ශවේන්ද්‍රට කතා කළ ෆොන්සේකා කියා සිටියේ තමන්ට අඟහරුවාදා දිනයේදී කලින් යොදාගත් විශේෂ වැඩකටයුත්තක් පවතින බවත්, ඒ හේතුවෙන් රණවිරු සැමරුම් උත්සවයට තමන්ට සහභාගි වීමට නොහැකි වනු ඇති බවත්ය. එය ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දෙන ලෙසද ෆොන්සේකා ශවේන්ද්‍රට දැනුම්දී සිටියේය.
ඒ අනුව මෙවර රණවිරු සැමරුම පැවැත්වුණේ යුද්ධය දිනා ගැනීමට ඉහළම දායකත්වය සැපයූ හිටපු යුද හමුදාපති ෆොන්සේකාගේ සහභාගිත්වයෙන් තොරවය. රණවිරු සැමරුම බත්තරමුල්ලේ පැවැත්වෙද්දී ෆොන්සේකා කළුතර රාජිත වෙනුවෙන් පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින ආකාරයක් දැකගත හැකි විය.

කපිල පුුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කොරෝනාවෙන් චීනය ලෝකයටම කොළේ වහපු හැටි එළියට එයි

Next Post

වයඹින් ආ තරුණ ක්‍රිකට් තරුවක් කුඩු බොන්න පුරුදු වෙලා

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.