• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ සුනාමිය! රනිල්ගේ බෝම්බය! සජිත්ගේ 42% වැට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

October 19, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

2019 ජනාධිපතිවරණයේ පරාජයට පත් අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගත්ත ඡන්ද ප්‍රතිශතය 41.99%කි. සජිත් ගත්ත ඡන්ද සංඛ්‍යාව 55,64,239කි. මෙවර 2024 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ අපේක්ෂක අනුර කුමාර ගත්ත ඡන්ද ප්‍රතිශතය 42.31%කි. ඔහු ගත්ත ඡන්ද සංඛ්‍යාව 57,40,179කි. Sri Lanka Latest News

‘ඒ කියන්නේ මෙවර අනුර දිනලා තියෙන්නේ 2019 පරාජය වෙච්ච සජිත් ගත්ත ඡන්ද ප්‍රතිශතයෙන්නේ…?’

ඇත්තටම අනුර දිනලා තියෙන්නේ 2010 හැර ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පරාජිත අපේක්ෂකයා ගත්ත ඡන්ද ප්‍රතිශතයටත් වඩා අඩු ප්‍රතිශතයකින්ය. 1999 සිට ජනාධිපතිවරණ 5ක පරාජිත අපේක්ෂකයා ගත්ත ඡන්ද ප්‍රතිශත දෙස බලන විට එය හොඳින්ම පැහැදිලිය.

‘අනුරට ඡන්ද කෝටියක්…’

මේ, 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න කලින්ම ජවිපෙ පටන්ගත් කැම්පේන් එකය. සමාජ මාධ්‍ය ජනමත සමීක්ෂණවලින් පෙන්නුවේද අනුර 60%කට වඩා ඡන්ද ගන්නා බවය. පක්ෂ භේදයකින් තොරව හැමෝම කීවේ අනුරට රටේ රැල්ලක් තියෙන බවය. මේ රැල්ල 2019 ගෝඨාගේ රැල්ලටත් වඩා මහ විශාල රැල්ලක් බව දේශපාලන විචාරකයෝ කීහ.

සජිත් දිනනවා කී හැමෝම කීවේ උතුරු-නැගෙනහිර සහ වතුකරයේ සුළු ජාතික ඡන්දවලින් සජිත්ට දිනන්න පුළුවන් කියාය. ඇත්ත කතාව නම් රනිල් සුළු ජාතිකයන් ජීවත් වෙන උතුරු-නැගෙනහිර සහ වතුකරයේ දිස්ත්‍රික්කවල ගත්ත ඡන්ද 7,23,426 සහ දෙමළ ස්වාධීන අපේක්ෂකයා ගත්ත ඡන්ද 2,26,343 එකට එකතු කළ විට ඡන්ද 9,49,769කි. මේ 9,49,769 සජිත් ගත් ඡන්ද සංඛ්‍යාවට එකතු කළ විට ඡන්ද 53,12,804කි. රනිල් සුළු ජාතිකයන් ජීවත් වන කොළඹ, මහනුවර, මාතලේ ගත්ත ඡන්ද මේ සංඛ්‍යාවට එකතු කළේ නැත. රනිල් කොළඹ, මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවල ගත්ත සුළු ජාතික ඡන්ද පමණක් සජිත්ට එකතු කළා නම් දිනන්නේ සජිත්ය.

මෙහිදී සිංහල ජාතිකයන් ජීවත් වන දිස්ත්‍රික්කවලින් රනිල් ගත් ඡන්ද සජිත්ට එකතු කළේ නැත. මන්ද ඒ ඡන්ද අතර පොහොට්ටු සහ යූ.ඇන්.පී. ඡන්ද තිබිණි. සජිත්ට එකතු කළේ නුවරඑළිය, යාපනය, වන්නිය, මඩකළපුව, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, පුත්තලම, බදුල්ල යන දිස්ත්‍රික්ක පමණි. දෙමළ ජාතික සන්ධාන නායක ශ්‍රීධරන්ට සහ තෝරාගත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට බාර් ලයිසන් දී ස්වාධීන දෙමළ අපේක්ෂකයෙක් දැම්මේ රනිල්ය.

ෆොන්සේකාව ජනාධිපති ඡන්දයට දැම්මේත් රනිල්ය. ඒ, සජිත්ගේ ඡන්ද කඩන්නටය.

‘ඒ කියන්නේ සජිත්ව පරාජය කළේ රනිල්ද?’

රනිල් කළේ 1988 ඔසී අබේගුණසේකර කරපු කොන්ත්‍රාත්තුවය. 1988 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂ අපේක්ෂක ඔසී අබේගුණසේකර ගත්ත ඡන්ද සංඛ්‍යාව මැතිනියට එකතු කළා නම් දිනන්නේ මැතිනියය. ඔසී කළේ යූ.ඇන්.පී.යේ කොන්ත්‍රාත්තුවකි.

මෙදා රනිල් කළේත් අනුරගේ කොන්ත්‍රාත්තුවකි.

සජිත් 2024 ජනාධිපතිවරණයේ මුහුණ දුන්නේ අනුර කුමාරට නොව වසර 76ක් රට පාලනය කළ ශ්‍රීලනිපය, යූ.ඇන්.පී.ය, පොදුජන පෙරමුණ වගේම 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ කොටස්කාරයන්ව සිටි සමගි ජන බලවේගයටද එරෙහිව ආ මහජන සුනාමියකටය. මේ මහජන සුනාමියෙන් ශ්‍රීලනිපය, යූ.ඇන්.පී.ය, පොදුජන පෙරමුණ ඉවර විය.

හැබැයි සමගි ජන බලවේගය ඉවර වුණේ නැත. 60%කටත් එහා ඡන්ද ප්‍රතිශතයකින් අනුරව දිනවන්න රැලි ගහපු මහජන සුනාමිය 42%කට බස්සවා 50%ක ඡන්ද ප්‍රතිශතයක් අහිමි ලංකාවේ පළමු ජනාධිපති බවට අනුර පත්කරන්න සජිත් සමත් විය.

සජිත් මේ ගේම ගැහුවේ ජවිපෙ අති ප්‍රබල සමාජ මාධ්‍ය මෙහෙයුම හතර වටින් වටකොට ගහද්දීය.

ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය වූ දෙරණ, සිරස, ලංකාදීප, ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතන අනුර කුමාර දිනවන්න දිවා රෑ වැඩකරද්දීය. එසේම රාජ්‍ය මාධ්‍ය වූ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය රනිල්ට සහාය පළකරමින් අනුරට ප්‍රචාරය දෙමින් සජිත්ට පහර පිට පහර ගසද්දීය. දෙරණ සහ ලංකාදීප, ඩේලි මිරර් රනිල්ට සහ අනුරට ප්‍රචාරය දී සජිත්ව තුන්වැනි තැනට දැම්මාහ. 2019 ගෝඨාභය දිනවන්න නයි පෙන්නපු දෙරණ මේ ජනාධිපතිවරණයේ විවාදයක් දමා සජිත්ට පන්න පන්නා ගැහුවේය.

පොහොට්ටුව රනිල්ට ජනාධිපතිකම දුන්නේ රනිල්ට ආදරයට නොව යූ.ඇන්.පී. ජනාධිපති කෙනෙක් පත්කරලා සජිත්ටයි සමගි ජන බලවේගයටයි කෙළින්නටය. රනිල් ඒ වැඩේ කරන කොට පොහොට්ටුව පිබිදෙයි කියලා රාජපක්ෂලා සිතූහ. ඒත් පොහොට්ටුව පරවිය. ජවිපෙ පිබිදුණි.

රනිල් 2001 අගමැති වන්නේ ප්‍රභාකරන්ගේ පිහිටෙනි. ප්‍රභාකරන් කොළඹ බෝම්බ පුපුරුවා යාපනය ආක්‍රමණය කරන්න ආවේ නැත්නම් චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටන්න බැරිය. රනිල් අගමැති විය. රනිල්ට එන්න පාර කැපපු ප්‍රභාකරන් විනාශ විය.

රනිල්ව 2015 අගමැති කරන්නේ ශ්‍රීලනිපයය. 2019 වනවිට ශ්‍රීලනිපය විනාශ වී නන්නත්තාර විය.

රනිල්ව 2022 අගමැති කොට ජනාධිපති කරන්නේ පොහොට්ටුවය. 2024 පොහොට්ටුව නැත්තටම නැති විය.

2024 ජනාධිපතිවරණ පරාජයෙන් පසු තව පොට්ඩෙන් සමගි ජන බලවේගය රනිල්ව කරේ දමා ගන්නවාය. 2024 මහ මැතිවරණයට සජිත් රනිල්ව එකතු කරගත්තා නම් මේ මහ මැතිවරණයෙන් විනාශ වන්නේ සමගි ජන බලවේගයය.

සමගි ජන බලවේගය හදපු දින සිට රනිල්, රාජපක්ෂලා, ජවිපෙ වෙන වෙනම ගහලා සමගි ජන බලවේගයත් සජිත්වත් ඉවර කරන්න ගේම් ගැසූහ. ගෝඨා දින්න හැටියේ සමගි ජන බලවේගයේ පක්ෂය හිමි ඩයනාව ආණ්ඩුවට ගත්තේය. රාජපක්ෂලා රනිල්ව පාර්ලිමේන්තුවට ගෙනැවිත් සජිත්ගෙන් විපක්ෂ නායක ධුරය අරන් දෙන්න උත්සාහ කළහ. බැරිවූ තැන රනිල්ව ජනාධිපති කොට රනිල් ලව්වා සමගි ජන බලවේගය කඩන්න උත්සාහ කළහ. ජවිපෙත් ඒකට උල්පන්දම් දුන්හ. ජනාධිපතිවරණය මැද තලතා සමගි ජන බලවේගය කඩාගෙන රනිල්ට එකතු වූයේ රනිල් දිනවන්න නොව අනුරව දිනවන්නටය. රනිල් හිතුවේ අනුර එක වී තමාට දෙක වෙන්න පුළුවන් කියාය. නැතිනම් සජිත්ව පරාජය කොට සජිත්ව පන්නලා සමගි ජන බලවේගය යූ.ඇන්.පී.යට ගෙන යළි විපක්ෂ නායක වෙන්නටය. අද රනිල් ඡන්දය ඉල්ලන්නේත් නැත. ජාතික ලැයිස්තුවේත් නැත. යූ.ඇන්.පී. නායක, සභාපති, මහලේකම් කවුරුවත් ඡන්දය ඉල්ලන්නේ නැත. රාජපක්ෂලා ඡන්දය ඉල්ලන්නේත් නැත.

හැබැයි සජිත් ඡන්දය ඉල්ලයි. සමගි ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂයය. තිත්ත වුණත් ඇත්ත ඒකය. මහජන සුනාමියකට හසුවී පක්ෂ නාය යද්දී බේරිලා ඉතිරි වෙලා තියෙන්නේ සමගි ජන බලවේගය විතරය.

SendShareShare
Previous Post

වහින වෙලාව තිතටම කියන්න පුළුවන් ඩොප්ලර් එක ලංකාවට එනවා! ජපන් ඉංජිනේරුවන් ලංකාවට ඇවිත්! Sri Lanka Latest News

Next Post

නෑ.. නෑ.. නෑ.. නෑ..!!! බාර් ලයිසන් ගත්ත මන්ත්‍රී නම් ලයිස්තුව තාම නෑ! කෝටි ගණන් අරමුදල් ගත්ත නම් තාම නෑ! ජනපතිවරුන්ගේ නිලනිවාස තාම අරගෙනත් නෑ! ජනපතිවරුන්ගේ වරප්‍රසාද තාම කප්පාදු කරලත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.