රජය පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනයේ රහස්‍ය වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ නම්, තමන් එම වාර්තා එළි දක්වන බව උදය ගම්මන්පිල ඊයේ නැවත වරක් පවසා සිටියේ ය. Sri Lanka Latest News
මීට පෙර ඔක්තෝබර් මාසයේ 17 වන දා ද, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්, තව දින හතක් ඇතුළත එකී වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව ඔහු පවසා තිබුණි.
ඒ අනුව, එළැඹෙන විසි එක්වන දා හෝ ඊට ආසන්න දිනය දී උදය ගම්මන්පිල මෙම රහස් වාර්තා ප්‍රසිද්ධ කිරීමට නියමිත ය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ රහසිගතව තිබුණු මෙම වාර්තා සහ එම වාර්තාවන්ට අදාල ඇමුණුම්, තමන් අතට පත්වන්නේ 2024 වසරේ ඔක්තෝබර් මාසයේ 10 වන දා බවත්, එකී වාර්තා සත්‍ය වාර්තාමද කියා තහවුරු කර ගැනීමට දින හතරක කාලයක් ගත වූ බවත් ගම්මන්පිල පවසයි.
අද, 17 වන දා මේ පිළිබදව ඇමති විජිත හේරත්ගෙන් මාධ්‍ය වේදීන් විමසා සිටි අවස්ථාවේ දී විජිත හේරත් මහතා පවසා සිටියේ, පොඩි දරුවන්ට දෙමව්පියන්ගේ අවධානය අවශ්‍ය වන්නා සේ උදය ගම්මන්පිලටද අවධානය අවශ්‍ය වී ඇති බවයි.
දින හතක් ඇතුළත අදාල රහස්‍ය වාර්තා ප්‍රසිද්ධ කරන්නේ නම් එය එය එසේම වේවා යැයි ඇමති විජිත වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.










