ඊයේ (15) සවස් කාලයේදී මාතර පොලිස් වසමේ රුවන්වැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇත.Sri Lanka Latest News
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවට මාතර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ මාතර කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී, මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, මේ සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගෙන ඇති බවටත් දැනට සිදුකරන ලද විර්මශනය අනුව පොලිසිය සැක කරනු ලබයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.









