යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත ටිම් සට්න් (Tim Sutton) මහතා හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදු විය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22) මෙම හමුව පැවැත්විණ.
රටේ වත්මන් තත්ත්වය පිළිබදවත්, කොරෝනා වයිරසයෙන් රටට වූ හානිය මුල්කරගෙන රටට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වන ලෙසත් ප්‍රේමදාස මහතා ඒ මහතාගෙන් ඉල්ලා සිටියේය.










