• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

විජේවීරගේ පළිය සහ අනුරගේ සුළිය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 28, 2024
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලනයේ ඉංග්‍රීසි අකුරුවලින් හදපු නම් තියෙන්නේ දෙකකි. එකක් නම් ජේ.ආර්.ය. අනෙක ජේ.වී.පී.ය. ජේ.ආර්. කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ජුනියස් රිචඩ්ය. ජේ.වී.පී. එකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට්ය. එවිට මුලකුරු සමග කියැවෙන්න ඕනා පී.එල්.එෆ්.ය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන සිංහල නම ජවිපෙ නිර්මාතෘ විජේවීර ජේ.වී.පී. නමින් ජනප්‍රිය කළේය. විජේවීර මේ අකුරු තුන ලංකාවේම ජනප්‍රිය කළේ 71 කැරැල්ලෙන්ය. විජේවීර 1970 බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණට බලයට එන්න උදව් කළේය. බලයට ආ පසු මැතිනිය සහ ලංකා සමසමාජ පක්ෂ සහ කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගෙන් සමන්විත සමගි පෙරමුණ බලයට එන්න පෙර පොරොන්දු වූ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ නැත. විජේවීර 1971 කැරැල්ල ගහන්නේ ඒ වෛරයෙන්ය. හැබැයි බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව 1971 කැරැල්ල මර්දනය කොට විජේවීරව සිරගත කරන්නේ අනුකම්පා විරහිතවය.Sri Lanka Latest News

1971 ජේ.ආර්. බලයට පැමිණ විජේවීර නිදහස් කොට 1983 ජූලි කලබල විජේවීර මත පටවා ජවිපෙ තහනම් කළාට පසු ජවිපෙ ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව දේශප්‍රේමී කැරැල්ලක් පටන්ගන්නේ ජේ.ආර්.ගේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිවය. ජවිපෙ කැරැල්ලෙන් රටම ගිනිගනිද්දී බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායක ඔහුගේ මව වූ ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියට ජනාධිපති වෙන්න ජවිපෙ සහාය පැතුවේය. 1988 ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් මැතිනිය ඉදිරිපත් වෙද්දී ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අපේක්ෂකයා වන්නේ අගමැති රණසිංහ ප්‍රේමදාසය. ජවිපෙ පළමුව යූ.ඇන්.පී. මහලේකම් සහ සභාපති ඝාතනය කොට ජේ.ආර්. සහ ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රී මණ්ඩලයම ඉන්නා පාර්ලිමේන්තුවට බෝම්බ ගසා යූ.ඇන්.පී.ය හතර ගාතෙන් වට්ටවනු ලැබීය. පසුව යූ.ඇන්.පී. ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට, යූ.ඇන්.පී.ය පත්කළ ග්‍රාමසේවකයන්ට ටී-56 තුවක්කුව පෙන්වා ඔවුන්ව බයකරනු ලැබීය. ජවිපෙ, යූ.ඇන්.පී.යට කරන මේ විනාශයෙන් වාසි ගත්තේ තමන්වත් තම පක්ෂයත් මර්දනය කළ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ශ්‍රීලනිපය බව අවබෝධ කරගන්නා විජේවීර යූ.ඇන්.පී.යට හරවපු තුවක්කුව ශ්‍රීලනිපයට හරවන්නේ 1988 ජනාධිපතිවරණයෙන් මැතිනිය දිනන බව හොඳින් දැනගෙනය. තමන්ව හිරේ දමා තම පක්ෂය විනාශ කළ මැතිනියට ඔහු සමාවක් දෙන්නේ නැත. එයින් ප්‍රයෝජන ලබා ජනාධිපති වන්නේ රණසිංහ ප්‍රේමදාසය. විජේවීර 1988දී විනාශ කරන්නේ මැතිනිය පමණක් නොව බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුරවත් ඔහු විනාශ කරනු ලැබීය.

තමාට දිනන්න විජේවීර වක්‍රව උදව් කළ බව දැන ජනාධිපති ප්‍රේමදාස විජේවීරට ආණ්ඩුවට එක්වෙන ලෙස ආරාධනා කළත් විජේවීර, ප්‍රේමදාස දුර්වල පාලකයෙක් යැයි හිතා ප්‍රේමදාසගේ ආණ්ඩුවට එරෙහි කැරැල්ල පටන් ගනී. ඒ කැරැල්ල අනුකම්පා විරහිතව මර්දනය කරන්නේ ප්‍රේමදාසගේ රාජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්නය. ඒ සඳහා රන්ජන්ට දේශපාලන හයිය දෙන්නේ සභානායක රනිල්ය. ප්‍රේමදාස ඒ මර්දනයට එරෙහි වන්නේ නැත. ඒ මර්දනයේදී විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩල නායකයන් සියල්ල ඝාතනයට ලක්වුණි.

1994 වනවිට ජවිපෙ බණ්ඩාරනායක මැතිනියවත් ඔටුන්න හිමි කුමරා අනුරවත් විනාශ කොට තිබුණාට චන්ද්‍රිකාගේ නැගීමට සහාය දෙන්නේ තම පක්ෂයත් නායකයන්වත් විනාශ කළ යූ.ඇන්.පී.ය සමග වෛරයෙනි. 2001 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරාජයට පත්වූවාට පසු ශ්‍රීලනිපයට රිංගා ගන්නා ජවිපෙ 2005 චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා පසුව ඒ ආණ්ඩුවෙන් ඉවත් වී චන්ද්‍රිකාට එරෙහිව ශ්‍රීලනිපය උසිගන්වා බණ්ඩාරනායකවරුන්ගේ දේශපාලනය එතැනින්ම අවසන් කරයි. බණ්ඩාරනායකවරුන්ගේ දේශපාලනය අවසන් කරන්න ඔවුන් තෝරාගන්නේ මහින්ද රාජපක්ෂවය.

මහින්ද 2005 ජනාධිපති වන්නේ ජවිපෙ නිසාය. බණ්ඩාරනායකවරු ඇතුළු බණ්ඩාරනායකවරුන්ට ළැදි ශ්‍රීලනිප මැති ඇමැතිවරු මහින්දගේ කකුලෙන් අදිද්දී මහින්දව කරේ තියාගෙන යන්නේ ජවිපෙය. කවුරුත් නොහිතන විදියට මහින්ද දිනන්නේය. මහින්දගේ ඒ ජයග්‍රහණයේ අයිතිය ජවිපෙ බලාපොරොත්තු වුවත් මහින්ද ජවිපෙට පල නොකියා පලා බෙදීය. අන්තිමේදී මහින්ද ජවිපෙ දෙකඩ කොට ජවිපෙ සුපර් ස්ටාර් විමල්ව ඩැහැගත්තේය. ජවිපෙ අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටිණි.

ජවිපෙ මහින්දගෙන් වෙන්වූයේ 2008ය. එතැන් සිට ජවිපෙ බැස්ම පටන්ගැනුණි. 2004 මහ මැතිවරණයේදී ආසන 39ක් දිනාගන්නා ජවිපෙ 2010 මහ ඡන්දයේදී දිනාගන්නේ ආසන තුන හතරකි. ඒ ආසන තුන හතර දිනාගන්නේත් සරත් ෆොන්සේකාට පිහිට වෙන්නටය. එතැන් සිට ජවිපෙ ඡන්ද පදනම වැටෙන්නේ 3%කටය.

ජවිපෙ යළි හිස ඔසවන්නේ 2022 අරගලයෙන්ය. අරගලය පටන් ගත්තේ ජවිපෙ නොව ජවිපෙන් කැඩීගිය පෙරටුගාමී පක්ෂය සහ ෆේස්බුක් තරුණ රැල්ලය. හැබැයි ඔවුන්ට නායකයෙක් සිටියේ නැත. ඒ හිඩැස පිරවූයේ අනුරය. ඇත්තටම වුණේ ජවිපෙ අරගලය හයිජැක් කිරීමය. 2019 ජනාධිපතිවරණයේදී 3%ක් ගත්ත අනුර 2024 ජනාධිපතිවරණයට දිනන අශ්වයෙක් ලෙස ඉදිරිපත් වන්නේ අරගලය හයිජැක් කරලාය. ඔවුන් සමග සටනට එන්නේ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස සහ මහින්දගේ පුත් නාමල්ය.

1988 ජවිපෙට රාජ්‍ය බලය පෙනි පෙනී තිබියදී එය උදුරා ගන්නේ ප්‍රේමදාසය. විජේවීරත් බණ්ඩාරනායක මැතිනිය සමග තියෙන වෛර පිරිමහන්න ගොස් ප්‍රේමදාසට රාජ්‍ය බලය ගන්න වක්‍රව පාර කැපීය.

2005 ජනාධිපතිවරණයේදීත් ජවිපෙ සිටියේ රාජ්‍ය බලය ගන්න ඔන්න මෙන්න කියාය. 2004 මහ මැතිවරණයේදී බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරාව ගම්පහ ලැයිස්තුවේ පහළට දමා ජවිපෙ විජිත හේරත් පළමුවැන්නා විය. ඔවුන් ශ්‍රීලනිපයේ බලය ඇල්ලුවේය. ඒත් ජවිපෙට අලියාගේ තරම අලියා නොදන්නවා සේ තමා ගැන තක්සේරුවක් තිබුණේ නැත. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දමන්න ඔවුන් බයවිය. ඔවුන් මංගලගේ ලණුව කා දුර්වලයෙක් යැයි සිතා මහින්ද ජනාධිපති කොට ආණ්ඩුව සියතට ගන්න සිතුවේය. ජවිපෙට වැරැදුණි. 1988 ප්‍රේමදාස වගේම මහින්දත් 2005 ජවිපෙට කොකා පෙන්නුවේය.

විජේවීර 1988-89 කැරැලි ගහන කොට අනුර ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකි. ඔහුත් ගින්නෙන් උපන් සීතලට හැදුණු වැඩුණු විජේවීරගේ දේශපාලන දරුවෙකි.

බණ්ඩාරනායක මැතිනිය එක්ක තිබුණු වෛරයට ඇයව පරාජය කොට ප්‍රේමදාසට දිනන්න වක්‍රව පාර කපලා තමා කරගත්තේ මොන මෝඩකමක්දැයි වෙඩි තියන්න ගොල්ෆ් පිට්ටනියට ගෙන යන විට විජේවීරට හිතෙන්න ඇත. මහින්දව කරේ තියාගෙන ගිහින් ජනාධිති කරලා මහින්ද ජවිපෙ කෑලි කෑලිවලට කඩන විට තමන් කළේ මොන පහත් වැඩක්දැයි එවක ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු ජවිපෙ නායකයන්ට හිතෙන්න ඇත. ප්‍රේමදාස සහ මහින්ද සමග මේ ගනුදෙනුව බේරාගන්න අවස්ථාවක් ජවිපෙට ලැබුණේ නැත. 2024 ජනාධිපතිවරණයේදී අනුරට ඒ අවස්ථාව දෛවය විසින් ලබාදී ඇත. ඒ, ප්‍රේමදාසගේ පුතා සජිත් සහ මහින්දගේ පුතා නාමල් සමගය. ජවිපෙ වෙනුවෙන් අනුර ඒ පලිය ගත්තේ ටී-56 උන්ඩයෙන් නොව පෙට්ටියේ ඡන්දයෙන්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුර ගහපු පළමු ගැසට් එකට ලොකු විරෝධයක් එයි! බරපතළ ප්‍රශ්නයක්! ජනතා අයිතිය උල්ලංඝනය කිරීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හිරේ නිදහස්! Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.