ලබන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා රුපියල් බිලියන 11ක් පමණ වැයවෙතැයි ගණන් බලා ඇති බවත් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පත්‍රිකා 3,00,300ක් පමණ ප්‍රතික්ෂේප වීමට හේතුව සෙවීම සඳහා අදාළ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන්ගෙන් පරීක්ෂණ වාර්තා කැඳවීමට අවශ්‍ය වුවද දැනට මහ මැතිවරණයට අදාළව පවතින කාර්යභාරයන් නිසා එය තරමක් ප්‍රමාද විය හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
මෙවර මහ මැතිවරණයේදීද රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් සිදුවුවහොත් අදාළ ආයතන ප්‍රධානීන් වගකිව යුතුය යන මැතිවරණ නීති දැඩිව ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
මේ අතර මහ මැතිවරණයට අදාළ සියලු මුද්‍රණ කටයුතු සිදුකිරීම මේ වනවිට ආරම්භ කොට ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි කල්පනා ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.
මහ මැතිවරණයට පමණක් නොව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහාද අවශ්‍ය තරම් මුද්‍රණ කඩදාසි ගබඩා කර ඇති බවයි ඇය සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න










