ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, පොහොට්ටුවේ මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ආධාරකරුවන් බව කියන පිරිසක් ඡන්ද දායකයින් වෙත බලපෑම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙනවා. මේ පිළිබඳව මේ වනවිට ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත දැනුම් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසනවා. Sri Lanka Latest News
මේ එම නිවේදනය යි;
“EMC/2024/0203
2024.09.21
මාධ්‍ය නිවේදනයයි
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ආධාරකරුවන් විසින් ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ බීමත් ආධාරකරුවන් පිරිසක් පස්සර ආසනයේ නමුණුකුළ ප්‍රදේශයේ සැරිසරමින් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදෙන ලෙස ඡන්දදායකයන්ට බලපෑම් කරමින් සිටින බවට NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.
මේ පිළිබදව සොයාබලා කඩිනම් පියවර ගන්නා ලෙස පස්සර පොලීසිය වෙත පැමිණිලි කරන ලදී.
නීතීඥ අකලංක උක්වත්ත
මාධ්‍ය ප්‍රකාශක
ජාතික ජන බලවේගයේ
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය”










