ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පවසනවා. මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා පිරිස් ලබාදුන් බවයි ඔහු කියන්නේ.Sri Lanka Latest News
මැතිවරණයෙන් පසු කුමන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමට රජය ත්‍රිවිධ හමුදාවට දැනටමත් උපදෙස් ලබා දී ඇති බවයි ඔහු කියන්නේ. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් වෙඩි තබා හෝ අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවන්ට උපදෙස්දී ඇති බව පැවසෙනවා.
මැතිවරණයෙන් පසු සති දෙකක් යනතුරුද රැස්වීම්, පෙළපාළි තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම නීතිය කඩ කරමින් රැස්වීම් සහ පෙළපාලි පවත්වන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස කොමිසම පොලිසියට උපදෙස් දී තිබෙනවා.











