• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බංග්ලාදේශයේ අරහෙම වෙලා! අපේ රටත් බංග්ලාදේශයක් වෙයි! තව එක එක කතා! ඇත්තටම අපේ එවුන් කියන කතා දැක්කද? Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘බංග්ලාදේශයේ දශක ගණනාවකට පසු ඇතිවූ දරුණුතම ලේ වැගිරීම්වලින් එරට ගිනිගෙන දැනට මාසයක කාලයක් ගතව ඇත. ඒ භයානක ගිනි ජාලාව දැන් බොහෝදුරට නිවෙමින් පවතී. අහිංසක මිනිසුන් 600කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ එම ඛේදනීය කතාන්දරය ලෝක ඉතිහාස පොතට එක්වී හමාරය. එම ජනතා කඳුළු තුනීවී යන්නට තවත් බොහෝ කාලයක් ගතවනු ඇත. එහෙත් මෙම ගතවූ මාසයක කාලයකට සිතුවාට වඩා සාමකාමී පරිසරයක් දැන් බංග්ලාදේශයේ ඇතිවී තිබේ. බංග්ලාදේශයේ වත්මන් මනෝභාවය කුමක්දැයි සොයා බැලීම බුද්ධි ගෝචර කාරියකි. මාසයකට පෙර ඇතිවූ එම කුරිරු සමූල ඝාතනය මෙතරම් ඉක්මනින් මනසෙන් තුරන්වී නොගියද තවමත් රට තුළ නොසන්සුන්තාව රජ කිරීමේ දසුනක් දක්නට නැත. බොහෝ දුරට සිත් සුවපත් කිරීමේ හැඩක් දක්නට හැකිය. එම මෙහෙවරට පත්ව සිටින නව පාලකයන් දරන උත්සාහයක්ද චිත්‍රණය වෙයි…’ (Sri Lanka Latest News)

යම් රටක් ගැන අසන්නට ලැබෙන මෙම විශ්ලේෂණය කුමක්ද? මෙය ආසියාතික රටක් වන බංග්ලාදේශයට අදාළව අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. පසුගිය කාලයේ බංග්ලාදේශය ආශ්‍රිතව අසන්නට ලැබුණේ ඉතා ශෝකජනක වතගොතකි. එනම් මුළුමහත් ලෝකයම දන්නා පරිදි එරට ඇතිවූ මහා ජනතා අරගලයත්, එය මෙල්ල කිරීම උදෙසා එකල රජය ගත් කුරිරු හමුදා මෙහෙයුමත්, ඒ නිසා සිදුවූ මිනිස් සංහාරයත්, මෙසේ ඉතිහාස පොතට එක්විය. එම ඛේදනීය වතගොත මුළුමහත් ලොවම දන්නා හෙයින් ඒ ගැන නැවත කියන්නට යන්නේ නැත. දැන් එසේ නම් මෙම ලිපියේ ඉහත කියන්නට සැරසෙන්නේ කුමක්ද? එම ප්‍රකාශය නම් අලුත්ම කතාවක් වන අතර, එය අප වෙත කියා සිටින්නේ ලොව ප්‍රකට මාධ්‍ය ආයතනයක් විසිනි. බංග්ලාදේශයේ මෙම නවතම තොරතුරු කියා සිටින්නේ ඇමෙරිකාවේ මාධ්‍ය සංවිධානයක් වන ‘ද ඩිප්ලොමැට්’ :ඔයැ ෘසචකදප්එ* විසිනි. මෙය ලොව ඉතා ප්‍රකට, පාඨකයන් ලක්ෂ 20කගේ පමණ අවධානයට ලක්වූ ද්විමාසික සඟරාවකි. මුද්‍රණ සහ අන්තර්ජාල මාධ්‍යවලින් ප්‍රකාශිත වන මෙම සඟරාව ඉංග්‍රීසි බසින් පළවෙයි. 2001 වසරේදී ඇරැඹි මෙම මාධ්‍ය ආයතනයට දැනට වසර 23ක ඉතිහාසයක් ඇත. දේශපාලනය, ආර්ථිකය මෙන්ම සමාජයීය සහ සංස්කෘතිකමය විෂයන්ද උදෙසා බොහෝ හරවත් විශ්ලේෂණ ලිපි පළකිරීම මෙම මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යභාරයක් වෙයි. මෙම වටපිටාව යටතේ බංග්ලාදේශයේ නවතම තත්ත්වය සත්‍ය විශ්ලේෂණයකට ලක්කරමින් ඉහත ලිපිය ප්‍රකාශිත වී තිබිණි. මෙයට මාසයකට පෙරදී එරට ඇතිවූ කුරිරු භීෂණය නිම වීමෙන් පසු නොයෙකුත් දෙස් විදෙස් පාර්ශ්ව බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය ගැන විවිධ මතිමතාන්තර පළකරති.

මේවායින් සමහර ප්‍රකාශ රටට පාක්ෂිකවත්, තවත් සමහර ප්‍රකාශ රටට විරුද්ධවත් සිදුවූ ආකාරයද දක්නට හැකිය. මේ නිසා යටකී ප්‍රකාශ මගින් සත්‍යය මෙන්ම අසත්‍යයද ප්‍රකාශ වෙයි. එහෙත් මෙවැනි වටපිටාවකදී ඉහත ‘ද ඩිප්ලොමැට්’ ප්‍රකට ජාත්‍යන්තර සඟරාව පළකර ඇති විශ්ලේෂණාත්මක ලිපිය බංග්ලාදේශය ගැන බොහෝ සත්‍ය වූ සහ තාත්වික වූද හෙළිදරව්වක් සිදුකරනු ලබයි. ඒ ගැන තවත් තොරතුරු සොයා බලමු.

‘600කට අධික සිවිල් ජනතාවක් ඝාතනයට ලක්වූ සහ බංග්ලාදේශය මහා අවුල් ජාලයක් බවට පත්කළ මහා ජන අරගලය හරහා එරට පාලනයේ සිටි අගමැති ෂෙයික් හසීනා බලයෙන් පහ කරන ලද අතර, ඇය අගමැති තනතුරින් ඉල්ලා අස්වී වහාම රටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතභාවය පැතුවාය. මෙම ජන අරගලය ප්‍රධාන වශයෙන් මෙහෙයවූයේ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රධාන කරගත් තරුණ කණ්ඩායම් විසිනි. දැනට වසර 15ක් පුරා බංග්ලාදේශය යම් ඒකාධිපති ක්‍රමවේදයක් හරහා පාලනය කරනු ලැබූ 76 වැනි වියෙහි පසුවන ෂෙයික් හසීනාගේ රාජ්‍ය පාලනයට එරෙහිව මෙම ජනතා කෝපය හා ද්වේශය වර්ධනය විය. කැරැල්ල අවසාන වීමෙන් පසු සිසු නායකයන් විසින් එරට තුළ නව අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කළේය. ඒ අනුව බංග්ලාදේශයේ සිටින ප්‍රකට විද්වතකු මෙන්ම නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගනිමින් ජගත් කීර්තියටද පත්වූ මහාචාර්ය මුහම්මද් යූනුස් එම නව අන්තර්වාර රජයේ ප්‍රධාන පරිපාලකයා ලෙස පත් කළේය. ඔහු එරට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, ඔහුගේ තනතුර එරට අගමැති ධුරයට සමාන බලතල ඇති එකක් විය…’

එම විශ්ලේෂණාත්මක ලිපිය මගින් එරට ඇතිවූ ජන අරගලයේ යම් පෙරවදනක් සිදුකරන අතර, ඉන් අනතුරුව බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය ගැන පසුවදනක් සිදුකරයි. එය මෙවැනි දිගු විග්‍රහයක යෙදෙයි.

‘නව අන්තර්වාර රජය අවධාරණය යොමුකරන්නේ කුමන හේතු කාරණා උදෙසාද?’

‘නොබෙල් සම්මානලාභී මහාචාර්ය මුහම්මද් යූනුස් දිවුරුම් දුන් දා සිට ඔහු ප්‍රකාශ කළේ ඔහුගේ ප්‍රධානතම කාර්යය වන්නේ සාමය සහ නීතිය ස්ථාපිත කිරීමය. එසේම දූෂණයට හා වංචාවට එරෙහිව සටන් කිරීමත්, රට සැබෑ යහපාලනයක් ඇති රටක් බවට පත්කිරීමත් නව පාලකයාගේ අභිප්‍රාය විය. එසේම ඔහු දැඩි ලෙස අවධාරණය කළ තවත් ප්‍රධාන කරුණක් වූයේ රට තුළ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීමය. මුහම්මද් යූනුස්ගේ රාජ්‍ය පාලන තනතුර හැඳින්වෙන්නේ ‘ප්‍රධාන උපදේශක’ ලෙසිනි. එසේම ඔහුගේ නව කැබිනට් මණ්ඩලයේ ඇමැති ධුර හඳුන්වන්නේ උපදේශක තනතුරු ලෙසය. මේ අනුව ඔහුගේ නව කැබිනට් මන්ඩලයට ශිෂ්‍ය අරගලයට ප්‍රධාන නායකත්වය ලබාදුන් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුද පත්කර ඇත. මෙම ක්‍රියාවලීන්ට අමතරව මේ වනවිට බංග්ලාදේශයේ අධිකරණවල සහ පොලිසියේ සිට මැතිවරණ කොමිෂන් සභාව දක්වා රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි නව රාජ්‍ය පාලකයාගේ අවධානය යොමුව ඇත. මෙම නව ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය නව රජය විසින් අපේක්ෂා කරනු ලබයි. එය නව ප්‍රවණතාවකි…’

‘වත්මන් බංග්ලාදේශයේ මනෝභාවය කුමක්ද?’

‘මහාචාර්ය මුහම්මද් යූනුස් ප්‍රකාශ කර ඇත්තේ අරගලයෙන් පසුවද ඇතිවුණු ප්‍රචණ්ඩත්වය සහ අවනීතිය මැඩලීමට තමන්ගේ කැබිනට් මණ්ඩලය වෙහෙස මහන්සි වී කටයුතු කළ බවය. එසේම එම ප්‍රයත්නය බොහෝ සාර්ථක වූ බවද, තවත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා සියලු දෙනා ඉවසිල්ලෙන් සිටින ලෙසද ප්‍රධාන පාලකයා ප්‍රකාශ කර ඇත. තවද ඔහු බලාපොරොත්තු වන ප්‍රධාන ක්‍රියාවලියක් වන්නේ රාජ්‍ය ආයතන මහජන විශ්වාසය නැවත ලබාගැනීමට කටයුතු කිරීමය. බංග්ලාදේශයේ සාමාන්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව දක්නට හැකිය. ඩකා අගනුවර වීදි තවදුරටත් ආරක්ෂක හමුදා සහ සිසුන් අතර සටන් බිමක් නොවේ. එම වීදි අතිශයින්ම සාමකාමීය. රට පුරා ඇඳිරිනීතිය පැනවීමක්ද සිදු නොවෙයි. එසේම හදිසියකදී ඇඳිරි නීතිය පැනවුවහොත් පෙර තිබූ වෙඩිතැබීමේ නියෝගයන්ද ඉවත් කර ඇත. මෙලෙස බොහෝ ප්‍රචණ්ඩත්වය ලිහිල් වීමත් සමග රට තුළ නව පරිච්ඡේදයක් සඳහා විශාල බලාපොරොත්තුවක් ඇත. බැංකු, සාප්පු, හෝටල් හා ආපනශාලාද සාමාන්‍ය අයුරින් විවෘතව පවතී. සියලු විශ්වවිද්‍යාල සහ පාසල් සාමාන්‍ය අයුරින් විවෘත කර පවත්වාගෙන යෑම අනෙක් සුවිශේෂ කාරියකි. හිටපු අගමැති ෂෙයික් හසීනාට එරෙහිව සිදුකළ මහා විරෝධතාවල කේන්ද්‍රස්ථානය බවට පත්වූ ඩකා විශ්වවිද්‍යාලය පවා මේ වනවිට විවෘත කර ඇත. එම විශ්වවිද්‍යාලයේ හිටපු සමහර අධ්‍යාපන ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට සිදුව ඇත්තේ අරගලකාරී සිසුන්ගේ බලපෑම මතය. එවැනි සිදුවීම් හැරෙන්නට අධ්‍යාපනය තුළ වෙනත් අර්බුදයක් දකින්නට නැත…’

‘බංග්ලාදේශයේ පෙර තිබූ සාමාන්‍ය තත්ත්වය සත්‍ය ලෙසම ප්‍රකෘතිමත් තත්ත්වයට පත්ව තිබේද?’

‘ඔව්, එය සත්‍ය ලෙසම සිදුවන්නේය. අරගලයෙන් පසුවද සති දෙකක් පමණ යන තෙක් හින්දු ජාතීන් ඇතුළු සුළුතර ජාතීන්ට පහරදීම් සහ ඔවුන්ගේ දේපළ විනාශ කිරීම් සිදුකළද දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය වී ඇත. ජාතීන් අතර සමගියක් වර්ධනය වී ඇති ආකාරය දක්නට හැකිය. නව මහ මැතිවරණයක් පැවැත්වීම මෙතෙක් සිදුව නැත. අරගලය නිමවී මාසයක් පමණක් මේ වනවිට ගෙවී අති නිසා එම කෙටි කාලය මහ මැතිවරණයක් සංවිධාන කිරීමට මදි බව නව පාලකයන් ප්‍රකාශ කරයි. එහෙත් ඉතා ඉක්මනින් එම කාර්යය සිදුකරන බවට නව රජය පොරොන්දු වී ඇත. බංග්ලාදේශයේ ප්‍රධානතම අපනයන ව්‍යාපාරයක් වන ඇඟලුම් කර්මාන්තයද දැනට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර, වසාදමා තිබූ කර්මාන්තශාලා නැවත විවෘත කර ඇත. තවමත් සැබෑ වෙනසක් ඇතිකිරීමට අන්තර්වාර ආණ්ඩුවට හැකියාවක් ඇති බව බොහෝ පාර්ශ්ව විශ්වාස කරයි. ‘මාසයකින් රට වෙනස් කරන්න බැහැ. රජයට යම් කාලයක් දෙන්න ඕනෑ’ යැයි මෙම නව පාර්ශ්ව කියා සිටියි. නව අර්ථවත් ප්‍රතිසංස්කරණ පනවන තුරු නව රජය බලයේ සිටිය යුතු යැයි ප්‍රකාශ වෙයි. මෙවැනි තත්ත්වයක් තිබුණද තවත් ප්‍රධාන අභියෝගයක් වී ඇත්තේ රට තුළ ආහාර සහ භාණ්ඩ මිල ඉහළ යෑමයි. එසේ වී ඇත්තේ කැරැල්ල අතරතුර කඩාවැටුණු ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත් නොවීමය. මෙවැනි වටපිටාවකදී දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ ඉතා ඉක්මනින් නව අන්තර්වාර රජය සැබෑ ජන වරමක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දිනනවා දිනනවා කියන අනුර දිනලා තියෙන හැටි! ඡන්දෙන් පස්සේ රනිල්ට වෙන්න යන‌ දේ! නාමල්ට මොකද වෙන්නේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කලකට පසු හිරු නාළිකාවෙන් එළියට එයි! යුද්දෙ දිනවලා දීපු රටකට වෙලා තියෙන දේ ගැන කනගාටුවෙන් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙද්දී එපා කිව්වාම ලොකු සද්දයක් දාලා! ගෙදර අය ඔක්කොම එළියට බැහැලා පාර මැද්දෙම මාලිමාවේ පතුරු යවයි! ඕක ගහගනින් ….! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.