ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ.Sri Lanka Latest News
අද (16) උදෑසන වව්නියාවේ දී එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බවය.










