සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තර්ජනාත්මක ප්‍රකාශය සිදුකළ බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබේ.Sri Lanka Latest News
ජාතික ජන බලවේගයේ බව කියන ආධාරකරුවන් පිරිසක් අතර සිටි පුද්ගලයෙක් මෙලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා,
“ඔහු 47 හැවිරිදි කිරිබත්ගොඩ පදිංචි පුද්ගලයෙක්. හිටපු යුද හමුදා මේජර්වරයෙක්. අදාළ හඬපටය මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර තිබෙනවා… ඉදිරි විමර්ශනවලට අදාළව.”










