• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදුහාමුදුරුවන්ගේ ඥාතියා – අති උතුම් මිනිසා! ජැක්සන්ගේ කියවිල්ල! සංගීත්ගේ ඇඬිල්ල! මේවා අහලා ඇඬෙනවා හලෝ! Sri Lanka Latest News

September 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
බුදුහාමුදුරුවන්ගේ ඥාතියා – අති උතුම් මිනිසා! ජැක්සන්ගේ කියවිල්ල! සංගීත්ගේ ඇඬිල්ල! මේවා අහලා ඇඬෙනවා හලෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ගහන්න ගහන්න වඳින මිනිහා වගේම වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයෙක්…’ කියලා පැරැණි කියමනක් තියෙනවා. ඒ වගේම ඊට සමානව කියවෙන ‘හෝද හෝද මඩේ දානවා’ කියලා කතාවකුත් තියෙනවා. අපි මේ කියන්න යන කතන්දරයට ඒ කතා දෙකම හරි අපූරුවට ගැළපෙනවා කියන කතාවත් මෙතැනදී කියන්න වෙනවා. එහෙම කියන්නේ එක හේතුවක් උඩයි. මොකක්ද ඒ හේතුව කියලා කියනවා නම් කලාකාරයෝ දේශපාලන වේදිකාවලට ගිහින් පමණට වැඩිය රඟන එක ගැන අපි මීට කලින් දහපහළොස් වතාවක් විතර ලියලා තියෙන නිසයි. මහින්ද රාජපක්ෂගේ කාලේ ඉඳන්ම අපේ කලාකාරයෝ ඕනෑවට වැඩිය දේශපාලන වේදිකාවල රඟන්න ගත්ත කමකට නැති තාලේ කොයි කාට වුණත් අමතක වෙන්න විදියක් නැහැ. කිසිම ලකයක් කලාවක් නැතුව අපේ ප්‍රවීණ කලාකාරයෝ දේශපාලන වේදිකාවල රඟන්න ගත්තේ මහින්ද රාජපක්ෂ මුලින්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච තරගයේදී තමයි. එතැන ඉඳන් වසර ගණනක් යනතුරුම අපේ කලාකරුවන් මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමය සමග හොඳ හොඳ ජෝගි නටන්න ගත්තා. (Sri Lanka Latest News)

එක් කලාකරුවකු මහින්ද රාජපක්ෂව කොන්ද පණ තියෙන අද්විතීය මිනිසකු ලෙස හඳුන්වලා සින්දු කියද්දී, තව කලාකාරියක් මහින්දව මහ රජාණෝ ලෙස අමරණීය කෙරෙව්වා. අද නම් හැබැයි ඒ දෙන්නව හොයාගන්නවත් නැහැ කියන කතාවත් මෙතැනදී කියන්න වෙනවා. ඒ වගේම මහින්දට බුදුරජාණන්වහන්සේගේ නෑකමක් ගැන ඓතිහාසික කතාව කියාපු අද්විතීය මහා නිර්මාණකරු අවසානයේදී තමන්ට ආදරය කළ ප්‍රේක්ෂකයන්ගෙන් ‘ශාප වේවා’ කියන අසුබ ප්‍රාර්ථනාවත් අහගත්තා. ඉන් පස්සේ මහින්ද රැල්ල අකලට ගසාගෙන යනකොට ගෝඨාභය රැල්ල පිනුම් ගහන්න ගත්තා. ටෙලි සහ සිනමා තරු එකට එකතු වෙලා කලා කවයකුත් හදාගත්තා. මුහුණු පොත පුරා ඒ රැල්ල කස්තිරම් අල්ලද්දී ගෝඨාභය ඡන්ද 69 ලක්ෂයක් ගත්තා.
මාස 24ක් යන්නත් කලින් ආර්ථිකය උඩුයටිකුරු වෙනකොට ගෝඨාභය රැල්ල බ්ලැක් ලිස්ට් වෙනකොට ඔහුට 69 ලක්ෂය ගන්න තෙල් පුච්චගත් කලාකරුවෝ සීසීකඩ විසිර ගියා. හදිසියට බෙහෙතකටවත් ඔවුන්ව හොයාගන්න බැරි වුණා. කොටින්ම කියනවා නම් අරගලය ගෝල්ෆේස් පිට්ටනිය හරහා කඳවුරු බඳිනකොට ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල මිනිස්සු දුක් විඳිනකොට ඒ කලා කවය කොහේ ගියාද කියලා හොයාගන්නවත් බැරිවුණා.

මේ කතා පරණ කතා. මොනවට මේ යටගියාව ඇදලා පවු පුරෝගන්නවදැයි කියලා කවුරු හරි මෙතැනදී අහන්න ඉඩ තියෙනවා. එහෙම ඇහුවොත් අපට දෙන්න මසුරං උත්තරත් තියෙනවා ඔන්න. එහෙම උත්තර තියෙන හින්දා තමයි අර ඉහත කිව්වා වගේ හෝද හෝද මඩේ දාන තාලෙට, එහෙමත් නැත්නම් වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා, ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා කිව්ව තාලෙට එක කතන්දරේ හැමදාමත් ලියන්න සිද්ධ වෙන්නේ.
ඔන්න කිව්වා සෝෂල් මීඩියා පැත්තට ඩිංගක් විතර ඔළුව දාලා බැලුවා නම් අගේට පේන්න තියෙනවා. ආයෙමත් ඔන්න කලාකාරයෝ දේශපාලන වේදිකාවල රඟන්න අරගෙනය. ඒ රැඟිල්ලත් ඕනෑවට වඩා වැඩියි ඉතින්. ප්‍රසංග වේදිකාවේ සුපිරි තරුවක් වෙච්ච සංගීත් විජේසූරිය දිහාවේ ටිකක් බලන්න. අනුර කුමාර දිසානායකට ඔහු ගාන සුදු හුණු ගෑම කොහොමද? මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය කලාකරුවෝ කවුරුවත් මහින්දගේ ප්‍රතිරූපයටවත් එහෙම සුදු හුණු ගෑමක් කරලා නම් නැහැ හිතෙන විදියට. ‘රට බේරගන්න ඉන්න දෙවියා නෙවෙයි අතිඋතුම් මිනිසා’ කියලා ඔහු එක තැනක අනුරව හඳුන්වා දෙනවා. සංගීත් ආසයිලු අනුරට ‘එතුමා’ කියලා කතාකරන්න. ඒත් අනුර ඒකට කැමැති නැහැලු. අනුර කියනවලු ඔහුට තමාට සහෝදරයා කියන්නයි කියලා. එහෙම කිව්වත් කමක් නැතෙයි කියමු. වැඩේ කියන්නේ ඊයේ පෙරේදාවක මාලිමාවේ වේදිකාවකට නැගලා සංගීත් ඒ කතාව ප්‍රසිද්ධියේ කියන්න ගත්තා. ඒක එහෙම ස්ටේජ් එකකට නැගලා කියන්න වටින තරම් විශේෂ කතාවක්ද?

ඒ අතර ආයෙම ඔහු කියනවා අනුර සහෝදරයයි ඔහු වටා සිටින සගයොයි කියන්නේ දණගහලා වඳින්න වටින පුද්ගලයෝ තුන්දෙනෙක්ලු. ඒ වෙලාවේ අනුර කුමාරගේ දෙපැත්තේ හිටියේ බිමල් රත්නායකයි, සුනිල් හඳුන්නෙත්තියි. එතකොට ඒ තුන්දෙනාව පෙන්නලා තමයි, කා ළඟවත් දණ නමන්නේ නැති තමා ඒ තුන්දෙනා ළඟ දණ නමන්න ඕනෑම මොහොතක සූදානම්ලු. මහින්ද රාජපක්ෂව මහරජාට අන්දවපු එකේ අනෙක් විහිළුව ඒක නෙවෙයිද? බලනකොට එංගලන්තයෙ ඉන්න තමන්ගේ මිත්‍රයෙක් කැමැත්තෙන් ඉන්නවලු ඩොලර් මිලියනයක් මාලිමාවට දෙන්න. සංගීත් මාලිමාව දින්නම හඳ අල්ලන්නලු සූදානම. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඔහු සින්දුවකුත් හදලා. සින්දුවට හවුල් වෙන්න. ඒ සින්දුව කාටත් ඇහෙන්න කෑගහලා කියන්න සංගීත්ට හෙල්ප් කරන්න ජොලි සීයාගේ දුව එක්ක ප්‍රවීණ නිළි තාරකාවක වූ සමනලී ෆොන්සේකාත් ස්ටේජ් ඒකට නැග්ගා. සංගීත් කෙළින්ම එතැන රැස්වෙලා හිටපු හැමෝගෙන්ම ඉල්ලලා හිටියා, මුළු ලක්වාසී ජනතාවගෙන්ම ඉල්ලලා හිටියා මාලිමාවට කෝටියක් දෙන්න කියලා. ඔහු උදේ හිටන් හවස් වෙනකල් මේ දවස්වල කරන්නේ මාලිමාව දිනවන්න ඡන්දේ දෙන්න කියලා ගෙවල් ගානේ යන එකලු. විශේෂයෙන් ඔහු වැඩිහිටි තාත්තලා අම්මලා බ්‍රේන් වොෂ් කරනවලු. මාලිමාවට ඡන්දේ අරන් දෙන්න කියලා. අනෙක් කලාකාරයන්ටත් ඔහු විවෘතව ආරාධනා කළා. එන්න ඔයාලත් එකතු වෙන්න මාලිමාව එක්ක කියලා. සංගීත් තමා වෙනුවෙන් කරන සුදු හුණු ගෑම සහ සුකුරුත්තං දිහාවේ බලාගෙන අනුර කුමාරත් හිනාවෙවී අත්පුඩි ගැහුවා. සංගීත්ගේ ඒ රැඟිල්ල අනුර කුමාරගේ ඉගැන්නුම් බහකට සිද්ධ වුණාද? එහෙම නැත්නම් සංගීත්ම හිතලා කළාද කියන්න හරියටම දන්නේ නැත. කොහොමත් අන්තිමේදී ඔහු කියනවා පපුවට අත තියලා මේ රටට ආදරේ නිසයි අනුර සහෝදරයගෙ මීටින්වලට එන්නේ, කවමදාවත් මට එන්න කියලා ඔහු කියන්නේ නැහැ කියලා.

පිටරටවල පදිංචි වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් ඔහු කියනවා, ‘මම දන්නවා ඔයාලා ලංකාව දාලා යන්න ගියේ මේ තක්කඩි දේශපාලකයන්ගේ සිස්ටම් එක දරාගන්න බැරුවයි, ඔයාලා ඔයාලගේ රටට ආදරෙයි, බය වෙන්න එපා බුද්ධිමත් නායකයෙක් එක්ක විද්වත් කණ්ඩායමක් රට භාරගන්නයි යන්නේ, එතකොට මේ තක්කඩි සිස්ටම් එක වෙනස් වේවි’ කියලා. ඒ කියන්නේ ලක්ෂ ගානනක් පිටරටවල ඉන්න අපේ ලංකාවේ මිනිස්සු, එහෙ තමන්ට තියෙන හැම දේම දාලා අනුර කුමාරගේ ජනාධිපති පාලනය යටතේ සිස්ටම් චේන්ජ් වෙන තමන්ගේ මවු රටට එන්න බලාගෙන ඉන්නවා කියන එකයි සංගීත් ඒ කිව්වේ. ඇත්තටම ඔහු මාලිමාවේ නොවන වෙනත් දේශපාලන පක්ෂයක වේදිකාව ඉඳන් ඔය කතාව කිව්වා නම් කවුරු වුණත් හිතන්න තිබුණා, ඒක මාලිමාවට සහ අනුරට දාපු සුපිරි කින්ඩියක් කියලා. ඒ තරම් උපහාසය ගෙනදෙන කතාවක් තමයි ඔහු ඒ කිව්වේ. අනෙක සංගීත් එතැන හැසිරුණේ සංගීත සංදර්ශනයකට ආවා වගෙයි. ඕඩියන්ස් එකට බැහැලා එක් එක්කෙනාගේ කටට මයික් එක තියලා සින්දුවල කෑල්ල කෑල්ල කියවන්න දුන්නේ ඒක දේශපාලන මීටිමක් කියන එක පටලවාගෙන වෙන්නත් බැරි නැහැ.

කොහොම නමුත් ඔහුම හඳුන්වා දුන් විද්වත් දේශපාලන නායකයන් ඔහුගේ මේ ආතල් දිහා සතුටින් බලා හිටියා. ප්‍රසංග වේදිකාවේ නොම්මර එකේ නමක් තියෙන සංගීත් වගේ කලාකාරයන් දේශපාලන වේදිකාවක මෙලෙස රැඟිය යුතුද? ඔහුගේ දේශපාලන මතය මාලිමාව නම් එහි වරදක් නැත. නමුත් එහෙමය කියා මෙහෙම රැඟිල්ලක් රැඟිය යුතු නැත. මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභයට මුට්ටි අල්ලන්නට ගිහින් වරිගෙ නහගත්ත සහ තම නම කැතකරගත්ත කලාකරුවන් දේශපාලන වේදිකාවෙන් බැස ගියේ ඒවායින් සුපිරි පාඩම් ඉගෙනගත්ත නිසාය. ආයෙමත් කලාකරුවන් දේශපාලන වේදිකාවට එයි කියා ඒ හින්දාම කවුරුත් හිතුවේ නැත. නමුත් ආයෙම ඒ කෝළම පටන්ගෙන ඇත. සංගීත් විජේසූරිය වැන්නවුන් දිහා බලනකොට ඒ කෝළම ඕනෑවට වඩා වැඩිවී ඇත. ‘යන්තම් කලාකාරයො ටික මේ සැරේ පාඩුවේ ඉන්නවා’ කියා කවුරුත් හිතනකොට සංගීත් සහ සමනලී ඇතුළු කලාකරුවන් නැවත රඟන්නට ගෙන ඇත. පමණට වඩා රඟන්නට ගෙන ඇත.

කවදා හෝ මේ කලාව වෙනස් වේ යැයි හිතුවාට කවදාවත් වෙනස් වන පාටක් නැත. එදෙස බලාසිටිනවා හැරෙන්නට වෙන කළ යුතු යමක්ද නැත. ඉතින් කුමක් කියන්නද? තවමත් දේශපාලන අතකොලු බවට පත්වෙන ලංකාවේ කලාකරුවන්ට දෙයියන්ගෙම පිහිටයි කියමු.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

සින්දු කියන්න ආපු සංගීත් වේදිකාවේ කඩේ යන්න පටන් ගනී! කවුද කෙනෙක් යාන්තම් නවත්තන්න කියයි! ඒ පාර කියනවා මම කියන්න හැදුවේ වැරැදි කළොත් අනුරවත් පන්නනවා කියලලු! අනේ සංගීත් සින්දුම කියන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මෛත්‍රීපාල මිලියන 100ක් ගෙව්වා! හිටපු පොලිස්පති පූජිතත් ඔන්න මිලිය 75ක වන්දිය ගෙවලා! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.