ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක මාකදුරේ රතන හිමියන් , රාගල සදහම් සෙවන දියනිල්ල පල්ලේබැද්ද නන්දරතන හිමියන් අද (06) සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමඟ එක්වූහ. ඒ, අද (08) නුවරඑළියේදී පැවැති ජන රැළියේදීය.Sri Lanka Latest News
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායක සහ හගුරන්කෙත සංවිධායක සුමිත් අත්තනායක, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වලපනේ සම සංවිධායක නිහාල් ලියනාරච්චි, ලලිත් වික්‍රමසිංහ, නුවරඑළිය සම සංවිධායක චම්පික ද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොත්මලේ සංවිධායක චමින්ද මහගෙද, මස්කෙලිය සංවිධායක එස් ප්‍රභාකරන්, එල් ආර් නිමල් මහත්වරු ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් එක්වූහ.










