සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි පස්වන පියවර ලෙස රුපියල් දාහතරලක්ෂ අනූපන්දහසක් වටිනා Defibrilator යන්ත්‍ර1ක්, Multi para යන්ත්‍ර 1ක්, ECG යන්ත්‍ර 1ක්, Pressure meters 2ක් යන අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට ඒ මහතා පියවර ගෙන තිබේ.
මීට පෙර ‘ජනසුවය’ ව්‍යාපෘතිය හරහා පියවර හතරක් ක්‍රියාත්මක වූ අතර සුවහසක් රෝගීන්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය උදෙසා මේවනවිට ලක්ෂ එකසිය විසිපහක වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ජනසුවය හරහා පරිත්‍යාග කර තිබේ.










