ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි පොහොට්ටුවේ මැතිඇමැතිවරු හත් දෙනෙක් ඊයේ රාත්‍රියේදී පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.Sri Lanka Latest News
කොළඹ එක්තරා විශේෂ තැනක පැවැත්වී ඇති මෙම සාකච්ඡාවේදී මෙම පොහොට්ටු මැතිඇමැතිවරුන් හත් දෙනා ආණ්ඩුව ඇතුළෙ මතුව ඇති අර්බූද පිළිබදවත්, යළිත් පොහොට්ටුව සමග එක්වී දේශපාලනය සිදුකිරීම පිළිබදවත් දීර්ඝව සාකච්ඡා කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම පිරිස යළි පොහොට්ටුව සමග එක්වීමට දෙපාර්ශවය අතර එකගතාවක් ඇතිවී තිබෙන බවද වාර්තා වේ.
මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී පොහොට්ටුවෙන් ආණ්ඩුවට එක්වූ තවත් පිරිසක් යළි පොහොට්ටුවට එක්වීමේ ලකුණු පහළ කොට ඇති බවක්ද දැනගන්නට ඇත.










