• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ මණ්ඩලේ කචල් පිට කචල්! කංචනලා හදපු ප්‍රතිපත්ති ප්‍රකාශය හිටිහැටියේ ‘සාහිත්‍ය කෘතියක්’ වෙලා! අනුරපුර වේදිකාව පිටිපස්සේ හරීන්ලා එක්ක ලොකු වලියක්! මන්ත්‍රීවරුන්ට තවම සල්ලි දීලත් නෑ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

September 1, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ ප්‍රබලයෙක්ගෙන් දිගම්බරම්ට ආ සුබ පැතුම් කෝල් එක!

මාලිමාව හොර හුළංවලින් පුම්බලා!

සජිත්ට ජන සුනාමිය හතරඅතින්ම ගලයි!

සමාජ මාධ්‍ය බොරු පිමිබිලි

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ හරියටම සති 3කි. ජනාධිපතිවරණයේ උණුසුම කෙමෙන් කෙමෙන් ඉහළ යද්දී මෙවර දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ ඇත්ත වෙනුවට නැත්ත හෙවත් යථාර්ථය වෙනුවට බොරුව විශාල වශයෙන් සමාජය වෙළාගෙන තිබීමය. බොරු කටකතා, බොරු පුවත්, බොරු ප්‍රචාර, බොරු සමීක්ෂණ ආදී විවිධ මායාවන්ගෙන් පසුගිය සතිය වනවිට මෙරට මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය, යූටියුබ් ආදිය සම්පූර්ණයෙන්ම වෙළාගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය. බොහෝ දෙනා එය හඳුන්වා දී තිබුණේ ඇත්තට එහා ගිය දැවැන්ත විකෘතියක් මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගේ ඇස් ඉදිරිපිට මවා ඇති බවය.Sri Lanka Latest News

2019දීත් මේ තත්ත්වය මේ ආකාරයෙන්ම දැකගන්නට ලැබිණි. එකලද බොරු පුවත්වලින්, බොරු සමීක්ෂණවලින් සමාජ මාධ්‍ය අවකාශය පිරී ඉතිරී ගොස් තිබිණි. එකල එක් අවස්ථාවක මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබා දුන් ජනමත විමසුමකින් කියැවුණේ ගෝඨා 51%ක් ඡන්ද ගනිද්දී අනුර 45%ක ඡන්දයක් ලබාගනු ඇතැයි කියාය. නමුත් අන්තිමේදී ගෝඨා 54%ක් ගත්තද අනුරට ලැබුණේ 4%ක ඡන්ද ප්‍රමාණයකි. මෙවරත් මේ විකෘතිය 2019ටත් වඩා වැඩි වැඩියෙන් දැකගන්නට ලැබෙන්නේ ඇතැම් යූටියුබ්කරුවන් සහ සමාජ මාධ්‍ය පිටු පවත්වාගෙන යන්නන් සිය ග්‍රාහක ප්‍රතිචාර වැඩිකර ගැනීම සඳහා විකෘති ජනමතයක් නිර්මාණය කරමින් සිටින ආකාරයක් දැකගන්නට ලැබීම නිසාය. මෙහිදී දැකගන්නට ඇති කනගාටුදායකම සිදුවීම වන්නේ යම් යම් සමාජ මාධ්‍ය ප්‍රධානීන් එක් එක් අපේක්ෂකයන්ට මඩගැසීම සඳහාත්, එක් එක් අපේක්ෂකයන් පිරිසිදු කිරීම සඳහාත් මේ මේ මුදල් ප්‍රමාණයන් අවශ්‍ය බවට දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ හට පැකේජයන් ඉදිරිපත් කරන තරමට පහත් තැනකට වැටී තිබීමය. ඒ හරහා ඔවුන් කිසිදු හිරිකිතයක් නොමැතිව නීතිරීති බල්ලාට දමමින් ඒකපාර්ශ්විකව අසත්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් සිය සමාජ මාධ්‍ය හරහා දියත් කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

මේ නිසාම 2019දීද බොහෝ දෙනා සිතුවේ ගෝඨා සහ මාලිමාව අතර විශාල තරගයක් ඇතිවනු ඇතැයි කියාය. නමුත් අප ඉහතින් අනාවරණ කළ පරිදිම එම මැතිවරණයේදී ගෝඨා දිනද්දී මාලිමාව හතරගාතේ දා බිම ඇදවැටිණි.

රන්නන් එලියත් ඒ ගොඩේ

පසුගිය සතිය වනවිට ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ප්‍රධානීන් මහා වීරයන් ලෙස පෙනීසිටිමින් අනුර 51%ක් ලබා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව කියා සිටිනු දැකගත හැකි විය. ඔවුන් මේ ප්‍රචාරය ගෙන යෑම ආරම්භ කළේ රවී රන්නන් එලිය නමැති පුද්ගලයකු විසින් මීට මාස 6කට පෙරාතුව ආරම්භ කළ මත විමසුමක් ඔස්සේය. එහිදී රන්නන් එලිය කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී අනුර 51%ක් ලබාගනු ඇති බවත්, සජිත් 30%ක පමණ ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්ය. රන්නන් එසේ කියද්දී ජවිපෙ ප්‍රධානීහු පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය පවා මේ බොරුව මහ ඉහළින් රටට ලෝකයට කියන්නට වූහ. නමුත් අප එහිදී පැහැදිලිව පෙන්වා දුන්නේ රන්නන් එලිය යනු අමු බොරුකාරයකු බවත්, කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට අනුව රන්නන් එලිය එම මත විමසුමේ ප්‍රතිඵල එළියට දමන බවත්ය.

අප කළ අනාවරණය 100%ක් තහවුරු කරමින් ඉන් පසු රන්නන් එලිය අනුරව පහතට ඇද දමමින් සජිත්ව ඉදිරියට ගෙන ඒමට පියවර ගත්තේය. ඒ අවස්ථාවේදී එදා රන්නන් එලියව කරේ තියාගෙන ගිය ජවිපෙ ප්‍රධානීන් ඔහුගේ සමීක්ෂණ අසත්‍ය බව කියමින් ප්‍රකාශ නිකුත් කරනු පවා දැකගත හැකි විය.

කෘත්‍රිම රැල්ලක්

මේ ආකාරයටම පසුගිය සති දෙක ඇතුළත සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ මාලිමාව, මාලිමාව යැයි කියමින් විශාල කෘත්‍රිම රැල්ලක් නිර්මාණය කර තිබූ ආකාරයක් බොහෝ දෙනාට දැකගන්නට ලැබිණි. මේ නිසාම ඇතැමුන් අනුර ඉදිරියට පැමිණ ඇති බව ඇත්තටම සිතා සිටින ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ අනුරට පවා සිතාගත නොහැකි ආකාරයට මේ ව්‍යාජ රැල්ල ඉහළට ගොස් තිබූ බවය. නමුත් ගැටලුව ඇත්තේ සමාජ මාධ්‍යවල නිර්මාණය කළ මේ විකෘති රැල්ල ඇත්තටම මහපොළොවේ යථාර්ථයක් ලෙස තිබෙනවාද යන්න කියාය. මන්ද යත් ජනතාව ඡන්දය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ සමාජ මාධ්‍ය දෙස බලා නොවේ. අරගලයෙන් පසු ජනතාව පෙරට වඩා දේශපාලන වශයෙන් තාර්කික සහ බුද්ධිමත් බවකින් යුක්තව කටයුතු කරන ආකාරයක් දැකගන්නට පුළුවන. එමෙන්ම දැන් ජනතාව වෙනදාට වඩා වටපිටාව සම්බන්ධයෙන් දැනුවත්ය. යාවත්කාලීනය.

මේ කෘත්‍රිම පිම්බීම පසුගිය සතියේ කෙතරම් දුරදිග ගොස් තිබුණාද කියනවා නම් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙවර ජනාධිපතිවරණයේදී අනුර 97%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවකි. තවත් සමාජ මාධ්‍යවල අනුර 90% පන්නා ඡන්ද ලබාගන්නා බවත්, තවත් සමාජ මාධ්‍යවල එය 80% ඉක්මවනු ඇති බවත් වාර්තා කොට තිබිණි. මෙහි අති හාස්‍යජනකම කාරණාව වන්නේ කොණ්ඩා රැැවුල් වවාගෙන, සමාජ මාධ්‍යයේ මහා පොරවල් ලෙස තමන්වම හඳුන්වා ගන්නා යම් යම් චරිත මේ බොරුව ඇත්ත මෙන් කියමින් රටට කියන්නට වීමය. ඔවුන් එහිදී කියා සිටියේ මාලිමාවේ රැස්වීම්වලට ඒ පළාතේ සිටින සියලු ජනතාව එක්රැස් වනවා වගේ යැයි කියාය. අනෙකුත් පක්ෂවල රැස්වීම්වලට ජනතාව එන්නේම නැතැයි කියාය.

සජිත්ට ජන සුනාමියක්

නමුත් පසුගිය සතියේ අම්පාර, වැල්ලවාය, තංගල්ල යන ප්‍රදේශවල එකම දවසේ පැවැති සජබ රැස්වීම් තුනකට මහා ජන සුනාමියක් මෙන් දසදහස් ගණනින් ජනතාව ඒකරාශී වීමත් සමග සති දෙකක් තිස්සේ සමාජ මාධ්‍ය කරේ තියාගෙන ගිය මාලිමාවේ මේ විකෘතිය එක රැයින් බිමට පාත්වී ගිය ආකාරයක් දැකගත හැකි විය. සජබයේ මෙම රැස්වීම් තුනට සමාජ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් ලැබීමත් සමග මාලිමාවේ ඉහළ නැගීම කෘත්‍රිමව නිර්මාණය කළ ව්‍යාජයක් බව බොහෝ දෙනාට පැහැදිලිව දැකගන්නට ලැබිණි. ඒ සමගම අනුරගේ මීගමුව රැස්වීමකදී සෙනග නොමැතිව අනුර හිස් පුටුවලට කතා කරන රූපරාමු පෙළක්ද මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඒ හරහාද මාලිමාවේ නැග්ම ව්‍යාජයක් බව තහවුරු විය.

කෙසේවෙතත් මාලිමාවේ නැග්මක් නොමැති බව අප කිසිසේත්ම කියන්නේ නැත. අනුරගේ රැස්වීම්වලට සෙනග නැතැයි කියා අප කිසිසේත්ම කියන්නේ නැත. සෙනග සිටින්නේ සජිත්ට පමණක් යැයිද අප කිසිසේත්ම කියන්නේ නැත. සජිත් ජයග්‍රහණය කොට අනුර පරාජයට පත්වනවා යැයි කියාද අප කියන්නේ නැත.

නමුත් ඔත්තු සේවා මගින් දිනපතා සිදුකරනු ලබන විශ්ලේෂණයන් හරහා පසුගිය සතිය වනවිට අපට කිසියම් විශ්වසනීය තොරතුරක් ලැබී තිබිණි. එහිදී ඔවුන් අවසන් වශයෙන් දක්වා තිබුණේ පසුගිය කාලසීමාවට වඩා මාලිමාව යම් ඉහළ මට්ටමකට පැමිණ ඇති නමුත් එය ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවකි. එමෙන්ම සජිත්ගේ ජනප්‍රියතාවේ කිසිදු අඩුවක් වී නොමැති බවත්, ඔහු තවමත් ඉහළින්ම සිටින බවත් එහි වාර්තා කොට තිබූ බවක් ආරංචිය. මෙහි ප්‍රතිශත අප වෙත ලැබී තිබුණද සදාචාරාත්මක හේතු මත මෙවර අප එය පළකිරීමෙන් වැළකී සිටිමු. කෙසේ වෙතත් එම ප්‍රතිඵලවලට අනුව රනිල් සහ නාමල් සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ගත නොහැකි බව වාර්තා කොට ඇති බවක් දැනගන්නට ඇත. ඊට හේතුවී ඇත්තේ නාමල් තරමක් ප්‍රමාද වී සිය ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමය. එම නිසා ජනාධිපතිවරණයේ තුන්වැනි ස්ථානය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත සඳහනක් කළ නොහැකි බවත්, ඇතැම් විට නාමල් තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමේ හැකියාවක් ගොඩනැගෙමින් පවතින බවත් එහි සඳහන්ව තිබූ බවක් ආරංචිය. සැබෑ සමීක්ෂණවල තත්ත්වය ඒ ආකාරයය.

රන්නන්ගේ අලුත්ම එක

මෙවැනි පසුබිමක් යටතේ ආචාර්ය රන්නන් එලියද සිය අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කොට තිබිණි. කෙසේ වෙතත් මෙවර රන්නන්ගේ මත විමසුමෙන් සජිත් 37%ක ප්‍රතිශතයක් ගනිද්දී අනුර 38%ක ප්‍රතිශතයක් ගන්නා බව සඳහන් කොට තිබිණි. එසේම ජනාධිපතිවරයා 22% දක්වා ඉදිරියට පැමිණ ඇති බවත් එහි සඳහන් කොට තිබිණි. ‘රාජ්‍ය රහස්’ තීරය දිගටම රන්නන් එලියගේ මෙම මත විමසුම් අසත්‍ය ඒවා බවත්, ඒවා විශ්වාස කළ නොහැකි බවත් කීවේ තොරතුරු සහිතවමය. අප එහිදි කියා සිටියේ මුල සිටම රනිල් – සජිත් එකතු කිරීමේ කොන්ත්‍රාත්තුවක් රන්නන් එලියගේ මත විමසුම් හරහා දැකගන්නට ලැබුණු බවත්, දෙදෙනා එකතු වූ විට අනුර පරාජය කළ හැකි බවට වූ මතයක් සජබය තුළට ගෙන යෑම ඔහුගේ අරමුණ වී තිබූ බවත්ය. එය නැවත නැවතත් සනාථ කරමින් මෙම මත විමසුම නිකුත් වූ වහා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රාජිත කියා සිටියේ රනිල් – සජිත් වහාම එකතු විය යුතු යැයි කියාය. කෙසේ වෙතත් මෙවරත් අප ජනතාවට කියා සිටින්නේ මෙවැනි විකෘති මත විමසුම්වලට කිසිසේත්ම නොරැවටෙන ලෙසත්, සැබෑ තොරතුරු මත පිහිටා සිය ඡන්දය භාවිත කරන ලෙසත්ය.

සමාගමකින් අමුතු කැම්පේන් එකක්

මේ සියල්ල අස්සේ පසුගිය සතියේ ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන එක්තරා ලෝක ප්‍රකට බහුජාතික සමාගමක් විසින් අමුතුම ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබිණි. සාමාන්‍යයෙන් බහුජාතික සමාගම් ප්‍රසිද්ධියේ ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට උදව් උපකාර නොකළද මේ බහුජාතික සමාගම සැලසුම් කර තිබූ ප්‍රචාරක ව්‍යාපාරයෙන් ඍජුවම රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාර කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඔවුන් සිදුකර තිබුණේ ඔවුන්ගේ නිෂ්පාදනයක් වෙළෙඳපොළට දමන මුවාවෙන් අනියම් ආකාරයන් ජනාධිපතිවරයාගේ ඡන්ද සටනට සහාය ලබාදීමකි. මේ අවස්ථාවේදී අප සදාචාරාත්මක හේතු මත මෙම බහුජාතික සමාගමේ නම හෙළි නොකළද අප වෙත ලැබී ඇති ඡායාරූප, වීඩියෝ පට ආදී සාක්ෂිවලින් ඉතා පහත් ආකාරයට ජනාධිපතිවරයාගේ ඡන්ද සටනට තල්ලුවක් දෙන ආකාරය දැකගන්නට ලැබිණි.

මීට පෙර අප මෙම තීරය ඔස්සේ හැකි සෑම අවස්ථාවකදීම මැතිවරණ කල්දැමීමට එරෙහිව කටයුතු කළ පුද්ගලයන් හට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය හැකි මහජන කොමිසමක් පත්කිරීම සඳහා ප්‍රසිද්ධියේම පෙනී සිටියෙමු. ඒ අනුව අප මෙවර කියා සිටින්නේ මේ ආකාරයේ ජනතාවගේ ඡන්ද අයිතියට අනියම් ආකාරයෙන් බලපෑම් කරන බහුජාතික සමාගම් පිළිබඳවද සොයාබැලිය යුතු බවකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කරන මෙවැනි සමාගම් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවකි. මේ සම්බන්ධයෙන් අප ඉදිරියේදී නම්ගම් සහිතව විශේෂ අනාවරණයක් සිදුකිරීමට සූදානම් බවද සඳහන් කළ යුතුව ඇත.

රනිල්ගේ ඇතුළේ මණ්ඩලේ කචල්

මේ වනවිට ජනාධිපතිවරණය ඉලක්ක කොට ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයන් එළිදක්වා අවසානය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය බදාදා දිනයේ කොළඹ ටාජ් හෝටලයේදී එළිදැක්වුණු අතර, අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේ සුපිරි මොනාක් ඉම්පීරියල් හෝටලයේදීය. නමුත් සජිත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුව පිළිගැන්වූයේ දළදා වහන්සේටත්, මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ටත්ය.

කංචනලා හදපු එක හලලා

මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ කතා කරද්දී ඒවායේ පිටුපස ඇති රසවත් කතා කිහිපයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම සකස් කිරීම භාරදී තිබුණේ පොහොට්ටුවේ සිට පැමිණි කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ආදීන්ටය. ඔවුන් දැඩි වෙහෙසක් දරා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළද අතරමැදදී ඊට වෙච්ච දේ කාටවත් හිතාගැනීමට නොහැකි විය. එසේ තිබියදී අවසන් මොහොතේ මුද්‍රණය සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලබාදී තිබිණි. ඒ අනුව මුද්‍රණ කටයුතු භාරව සිටි එක් අයකු විසින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය කංචනට සහ ෂෙහාන්ට ලබාදීමට පියවර ගෙන තිබූ අතර එය කියවා බැලූ කංචන, ෂෙහාන් ඇතුළු පොහොට්ටුවෙන් පැමිණි කණ්ඩායමට හීන් දාඩිය දමා තිබිණි. ඊට හේතු වූයේ ඔවුන් සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් සාහිත්‍ය භාෂාවක් යොදාගෙන, සාහිත්‍යයට නැඹුරු වූ ආකාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මුද්‍රණයට ලබාදී තිබූ නිසාය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කංචන ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයාට මෙහි ඇති බරපතළකම පෙන්වා දී හැකි, හැකි ආකාරයට එහි තිබූ යම් යම් කරුණු සංශෝධනය කිරීමට පියවර ගත්තේය. එහි එක්තරා තැනක ටයිටස් තොටවත්තයන්ගේ දොස්තර හොඳහිත ළමා නාට්‍යයට ලියැවුණු ‘බැහැයි කියලා බැහැයි කියලා බෑ’ යන ගීතයද ඇතුළත් කොට තිබුණු අතර, එය පසුව ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවක්ද ආරංචිය.

කෙසේ වෙතත් පසුව මෙම කණ්ඩායම තමන් යැවූ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙනුවට සාහිත්‍ය භාෂාවක් යොදාගෙන මෙම අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළේ කවුරුන්ද යන්න සොයාබැලීමක නිරත වූහ. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ රජයේ එක්තරා ආයතනයක් ඇතුළට වී සිටින අයකු විසින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කොට ඇති බවකි. තමන් ස්වාධීන පුද්ගලයකු ලෙසට පෙනී සිටීමට මෙම පුද්ගලයා උත්සාහ දැරුවත් පසුගිය කාලය පුරා මෙම පුද්ගලයා සිය ආයතනය තුළ ජනාධිපතිවරයාට පක්ෂපාතී රැස්වීම් ගණනාවක් සංවිධාන කොට ඇති බවද ඔවුන්ට දැනගන්නට ලැබී තිබිණි.

සල්ලි තවම ගෙවලා නෑ

මීට අමතරව ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයද මේ වනවිට තරමක් අඩාළ වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, ප්‍රචාරක කටයුතු සිදුකරගෙන යෑම සඳහා ආසන සංවිධායකවරුන් සහ පොහොට්ටුවෙන් පැමිණි නියෝජිතයන් හට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබාදී නොතිබීම නිසාය. මේ හේතුව නිසා බොහෝ දෙනා සිය ආසනවලට නොගොස් නිවෙස්වලට වී සිටින ආකාරයක් දැකගන්නට තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයාට සහාය දැක්වීමට පොහොට්ටුවෙන් පැමිණි සාමාජිකයන් හට මේ වනවිට ජනාධිපතිවරයාට ජයග්‍රහණය කළ නොහැකි බවට වූ සිතුවිල්ල මතු වී ඇති බවත්, එම නිසා ජනාධිපතිවරණයෙන් අනතුරුව එන මහ මැතිවරණය අලියා ලකුණෙන් තරගවැදී මන්ත්‍රීවරුන් හය හත් දෙනෙක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සිටින බවත් ඔවුන්ට දැනගන්නට ලැබී තිබේ.

පොහොට්ටුවෙන් පැමිණි කණ්ඩායමට පමණක් නොව, ශ්‍රීලනිපයේ සිට ජනාධිපතිවරයාගේ සහායට පැමිණි කණ්ඩායමටද මේ බව ඉව වැටී ඇති බවක් ආරංචිය. ඒ නිසාම ඔවුන් කල්තියාම පුටුව ලකුණෙන් මහ මැතිවරණයට තරග වැදීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට පියවර ගෙන තිබිණ. එමෙන්ම තවදුරටත් ජනාධිපතිවරයා සමග ඉදිරියට යනවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට එම ශ්‍රීලනිප කණ්ඩායම තුළ බරපතළ සාකච්ඡාවක් මතුව ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වගකීමෙන් යුතුව කියා සිටින්නේ ඉදිරියේදී තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ස්වාධීන වීමේ ඉඩකඩක් මතුවෙමින් තිබෙනවා යැයි කියාය.

10 වෙනකම් ඉවසන්න

මේ තත්ත්වය යටතේ පොහොට්ටුවේ සිට ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එක්වූ තරුණ මැති ඇමැතිවරුන් කණ්ඩායමක් පසුගිය සතියේ ජනාධිපතිවරයා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත. එහිදී පොහොට්ටු මැති ඇමැතිවරුන් මේ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසද්දී ජනාධිපතිවරයා පෙන්වා දී අත්තේ ලබන 10 වැනිදා තෙක් ඉවසා සිටින ලෙසය. ඉන් පසු මේ තත්ත්වය වෙනස් වනු ඇති බවද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවක් ආරංචිය.

ටිරාන්ගේ පක්ෂයෙන් මහඡන්දෙට

එමෙන්ම පසුගිය සතියේ මෙම පොහොට්ටු මැති ඇමැතිවරු අරලියගහ මන්දිරයේදී දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් තවත් රැස්වීමක් පැවැත්වීමට පියවර ගත්හ. එහිදී ඔවුන් දිනේෂ්ට පෙන්වා දී තිබුණේ යම් හෙයකින් ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා අලියා ලකුණෙන් තරග කිරීමට තීරණය කළහොත් තමන්ට තරගවැදීමට පක්ෂයක් හෝ නැතැයි කියාය. පවතින තත්ත්වය යටතේ තමන්ට යළි පොහොට්ටුවට හෝ ශ්‍රීලනිපයට යෑමට නොහැකි බව පෙන්වා දී ඇති එම මන්ත්‍රීවරුන් දිනේෂ්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක් බිහිකරගත යුතු බවද පෙන්වා දී තිබේ.

මෙහිදී සාකච්ඡාවේ සිටි ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එසේ නම් තමන්ගේ පක්ෂය ඒ සඳහා ලබාදිය හැකි බවකි. එහි නම සහ ලකුණ වෙනස් කොට අලුත් සන්ධානයක් ලෙස මහ මැතිවරණයට තරග කළ හැකි බවද ටිරාන් එහිදී සඳහන් කොට ඇත. කෙසේ වෙතත් මැතිවරණ නීතියට අනුව මැතිවරණයක් ආසන්නයේ තබා යම් පක්ෂයක නමක් හෝ ලකුණක් වෙනස් කිරීමේ හැකියාවක් නොමැත. ඒ අනුව එම පිරිසට ඉදිරියේදී මහ මැතිවරණයට තරග කිරීමට සිදුවන්නේ බොරුවට ගොඩනගා ගත් සන්ධාන බෝඩ් එකක් ගසා ටිරාන් අලස්ගේ පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමටය

ප්‍රබලයන් දෙන්නෙක්ගේ වලියක්

මේ අතර, ජනාධිපතිවරයාගේ මංගල රැලිය පැවැත්වුණු අනුරාධපුර වේදිකාවේ සිදුව ඇතැයි කියන තවත් බරපතළ සිදුවීමක් සම්බන්ධයෙන්ද මේ වනවිට ‘රාජ්‍ය රහස්’ තීරයට තොරතුරු ලැබී තිබේ. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එම රැස්වීමේ කථික ලැයිස්තුව මුල්කරගෙන වේදිකාව පසුපසදී කංචන සහ හරීන් අතර උණුසුම් බහින්බස් වීමක් සිදුව ඇති බවකි. මෙහිදී රැස්වීම සංවිධාන කිරීමේ කටයුතු පොහොට්ටුව පැත්තෙන් බාරවී ඇත්තේ කංචනටය. කංචන සඳහන් කොට තිබුණේ රැස්වීම අනුරාධපුරයේ පවත්වන නිසා අනුරාධපුර ප්‍රබලයන් වූ එස්.එම්.ට සහ ෂෙහාන් සේමසිංහට එහි වැඩි අවස්ථාවක් ලබාදිය යුතු යැයි කියාය. කෙසේ වෙතත් හරීන් මෙහිදී සඳහන් කොට ඇත්තේ ජනාධිපතිවරයාට කලින් තමන්ට කතා කිරීමට අවස්ථාව ලබාදිය යුතු යැයි කියාය. ඒ කතාව දුරදිග ගොස් දෙදෙනා අතර වේදිකාව පිටුපස උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබිණි. පසුව සිද්ධිය සමතයකට පත්වුවද කංචනලාට, එස්.එම්.ලාට, ෂෙහාන්ලාට අවශ්‍ය වූ දේ අනුරාධපුර වේදිකාවේ සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

කළුතර මුහුණුවල හැටි විතරක්

මේ අතර, පසුගිය සතියේ සමාජ මාධ්‍යවල අමුතුම ආකාරයේ ඡායාරූපයකට විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබූ ආකාරයක් දැකගත හැකි විය. එම ඡායාරූපයෙන් දැක්වුණේ කළුතර දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාට සහාය පළකරන මන්ත්‍රීවරුන් එක්රැස්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ආකාරයකි. එහි රෝහිත අබේගුණවර්ධන, විදුර වික්‍රමනායක, රාජිත සේනාරත්න, පියල් නිශාන්ත ඇතුළු කණ්ඩායම සිටින ආකාරය දැකගන්නට ලැබුණත් ඒ කිසිවකුගේත් මුහුණුවල කිසිදු සිනාවක ලකුණක් හෝ දැකගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන් සියලු දෙනාගේ මුහුණුවල දැකගන්නට ලැබුණේ කරකියා ගන්නට දෙයක් නැතිව අසරණ වූ පිරිසකගේ මුහුණුවල ඇති සලකුණුය.

ගිවිසුම වෙනස් වෙනවා

පසුගිය කාලය පුරා මෙම තීරය ඔස්සේ අප විසින් අවධාරණය කළ කරුණක් වූයේ සමගි ජන බලවේගයේ රජයක් පිහිටුවූ වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමේ ජනතාවට අහිතකර කොන්දේසි සංශෝධනය කිරීමට ඔවුන් තීරණය කොට ඇතැයි කියාය. අවස්ථා කිහිපයකදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත්, එහි ආර්ථික කමිටුවේ සාමාජිකයන් වන හර්ෂ, ඉරාන්, කබීර් තිදෙනාත් මේ බව ප්‍රසිද්ධියේ සඳහන් කොට තිබිණි එපමණක් නොව ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සෑම සාකච්ඡාවකදීම ඒ බව දැනුම් දීමටද පියවර ගෙන තිබිණි. නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් සෑම විටකම කියා සිටියේ කිසිදු අවස්ථාවක මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කළ නොහැකි බවත්, එසේ වෙනස් කිරීමට උත්සාහ කළහොත් ගිවිසුම බිඳවැටී රට නැවතත් බංකොලොත් වනු ඇති බවත්ය. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එසේ කියද්දී සජබය පැහැදිලිවම කියා සිටියේ නව රජයක් යටතේ පැහැදිලිව ජනතාවට අහිතකර ලෙස බලපා ඇති ආදායම් බදු සහ අනෙකුත් බදු ප්‍රතිශතයන් වෙනස් කිරීමට කටයුතු කරනවා යැයි කියාය. ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගන්නා ආකාරයද සජබය මූල්‍ය අරමුදලට පැහැදිලි කොට තිබිණි. මූල්‍ය අරමුදලද ඊට එකඟතාව පළකොට තිබූ ආකාරය පසුගිය සතියේදී අප මෙම තීරයෙන් වාර්තා කළෙමු. එසේ තිබියදීත් ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම ජනතාව බයකරමින් කියා සිටියේ මූල්‍ය අරමුදල ගිවිසුමේ කිසිදු ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කළ නොහැකි යැයි කියාය.

රනිල් රහස් කතාබහක

මේ අතර, පසුගිය සතියේ අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මෙසේ වෙනස් කළ නොහැකි යැයි කී ගිවිසුම වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයා හොර රහසේම මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කොට තිබූ ආකාරයය. විශේෂයෙන්ම ආදායම මත පනවා ඇති බදු ප්‍රතිශතය හේතුකොට ගෙන තමන්ට ජනතාවගෙන් බැණුම් ඇසීමට සිදුව ඇති බව පෙන්වා දී තිබූ ජනාධිපතිවරයා එය වෙනස් කිරීම සඳහා මූල්‍ය අරමුදලේ අවසරය ඉල්ලා ඇති බව අපි අනාවරණ කළෙමු. මෙම ඉල්ලීමට අනුව මූල්‍ය අරමුදලද මේ වනවිට එම වගන්තිය සංශෝධනය කිරීමට එකඟතාව පළකොට ඇති බවක් ආරංචිය.

මෙම එකඟතාව ලැබීමට පෙරාතුවම සජබය වෙනුවෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ කබීර් හෂීම් මහතා සජබ රජයක් යටතේ අනිවාර්යයෙන්ම ජනතාවගේ ආදායම මත පනවා ඇති බදු ප්‍රතිශතය පහළ දැමීමට පියවර ගන්නා බව අවධාරණය කොට තිබිණ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් කණ්ඩායම් හට මෙන්ම පෞද්ගලික අංශයේ සාමාන්‍ය තලයේ වැටුප් ලබන්නන්ට මෙහිදී විශාල බලපෑමක් සිදුව ඇති බව කී කබීර්, වහාම එය වෙනස් කිරීමට කටයුතු කරන බව එහිදී කියා සිටියේය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බදු ප්‍රතිශතයන් පහළ දැමීමට කටයුතු කළ බව කියමින් විශාල ප්‍රචාරයක් ගෙන යෑමට සැලසුම් කර තිබුණද සත්‍ය වශයෙන්ම එහි ලකුණු හිමිවිය යුත්තේ වෙන කාටවත් නොව මෙම ගිවිසුම වෙනස් කරන බවට මුල සිටම ජනතාවට පෙන්වා දුන් සජබයටය.

ඒ අනුව මේ හරහා පෙනීයන තවත් විශේෂ කරුණක් තිබේ. ඒ, මූල්‍ය අරමුදලට අදාළ ගිවිසුමේ කොන්දේසි රටට ගැළපෙන ලෙස සකස් කොට අස්සන් කිරීමේ හැකියාව තිබුණද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඒ කිසිවක් සම්බන්ධයෙන් සාකච්ඡා නොකොට ඇස් වසාගෙන මූල්‍ය අරමුදලේ ගිවිසුම අස්සන් කොට ඇති බවය. ජනාධිපතිවරයාගේද ඇස් ඇරී ඇත්තේද සජබය මෙම ගිවිසුම සංශෝධනය කරන බවට කළ අනාවරණයෙන් පසුව බවය.

ඔයාලා දිනුම් සුබ පතනවා

පසුගිය සතියේ ආණ්ඩුවට එක්ව සිටින පොහොට්ටුවේ ප්‍රබලයෙක්ගෙන් වතුකරයේ සජබ නායකයා වන දිගම්බරම්ට දුරකතන ඇමතුමක් ලැබී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම දුරකතන ඇමතුමේදී ආණ්ඩුවට එක්ව සිටින පොහොට්ටුවේ ප්‍රබලයා ජනාධිපතිවරණයේ පරාජය භාරගෙන අදහස් දක්වා තිබූ බවක්ද දැනගන්නට ඇත.

‘උඹලා ගත්ත තීන්දුව හරි. ජනාධිපතිවරණය අපි පරදිනවා. උඹට සුබ පතන්නයි මම මේ කතා කළේ’ යැයි කියමින් ජනාධිපතිවරයා සමීපයේ සිටින මෙම පොහොට්ටු ප්‍රබලයා දිගම්බරම්ට සුබ පැතුම් එක්කිරීමට පියවර ගෙන ඇති බවක්ද ආරංචිය.

හොර ෆයිල් එළියට ඇවිත්

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පසුගිය ආණ්ඩු සමයේදී වංචා දූෂණ සිදුකළ මැති ඇමැතිවරුන්ට නියත වශයෙන්ම නඩු පවරා දඬුවම් ලබාදෙන බව සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් මේ වනවිට ප්‍රකාශයට පත්කොට අවසානය. ඒ සඳහා අවශ්‍ය ලිපිගොනු දැනටමත් ඔවුන් සතුව ඇති බවද එම දෙපාර්ශ්වයෙන්ම මේ වනවිටත් ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් සුවිශේෂ අනාවරණයක් සිදුකිරීමට සූදානම්ය. ඒ, පසුගිය වසර දෙක තුළ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා කිහිපයකට අදාළ ලිපිගොනු මේ වනවිට සජිත්ගේ සහ අනුරගේ අතට ලැබී ඇති බවය. එහිදී එක් ප්‍රබල දේශපාලනඥයකුගේ දූෂණ ගනුදෙනුවලට අදාළ තොරතුරු පමණක් නොව, විශාල වශයෙන් මුදල් බැරවී ඇති බැංකු ගිණුමක තොරතුරුද සජිත්ටත්, අනුරටත් මේ වනවිට ලැබී අවසානය. මීට අමතරව තවත් ප්‍රබල දේශපාලනඥයකු විසින් කොළඹ හතේ අක්කර තුනක පිහිටි සුවිසල් මන්දිරයක් මිලදී ගෙන ඇති බවට වූ තොරතුරුද මේ වනවිට විපක්ෂයට ලැබී තිබේ. එක්තරා ප්‍රබල ව්‍යාපාරිකයකුගෙන් මිලදී ගෙන ඇති මෙම නිවසට දැවැන්ත මුදලක් ගෙවා ඇති බවක්ද මෙම තොරතුරුවලින් දැනගන්නට ලැබී තිබේ. මීට අමතරව මෙම දේශපාලකයාම කොළඹ 7 තවත් සුවිසල් නිවසක් වෙනත් පුද්ගලයකුගේ නමින් මිලදී ගෙන ඇති බවට තොරතුරුද විපක්ෂය වෙත ලැබී තිබේ.

බැංකු ගිණුමක්

මීට අමතරව ඉතා පිරිසිදු පවුල් පරම්පරාවකින් දේශපාලනයට පිවිස සිටින අයකුගේ හිතවතියකගේ ගිණුමකට ලැබුණු සුවිසල් මුදලකට අදාළ ලිපිගොනුවක්ද මේ වනවිට විපක්ෂය වෙත ලැබී ඇත. මින් ඇතැම් ලිපිගොනු සජිත් සහ අනුර යන දෙදෙනාගේ අත්වලටම ගොස් ඇති අතර, ඇතැම් ලිපිගොනු සජිත්ට පමණක් ලැබී ඇති බවක්ද ආරංචිය. මේ සියලු දෙනුදෙනු අවුරුදු 10-12 පරණ ඒවා නොව, පසුගිය වසර 2 ඇතුළත සිදුව ඇතැයි කියන උණු උණු සිදුවීම් බව දැනගන්නට තිබේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ජයග්‍රහණය කළද, අනුර ජයග්‍රහණය කළද අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඒ සමගම හොඳ හොඳ කෙළි එළියට ඒමට නියමිතව ඇති බවකි. එම නිසා අප මේ දෙපාර්ශ්වයටම අවධාරණය කරන්නේ බොරුවට ලිපිගොනු පෙන්න පෙන්නා තවදුරටත් ජනතාව මුළා නොකොට, එම ලිපිගොනුවල ඇති වංචා දූෂණවලට අදාළව දැඩිව ක්‍රියාත්මක වී දූෂිතයන්ට ප්‍රසිද්ධියේ දඬුවම් ලබාදෙන ලෙසය. සජිත් සහ අනුර ඊට දැඩිව ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවද අපට ආරංචිය.

සජිත්ගේ අතට මෙම ලිපිගොනු ලැබීමත් සමග පසුගිය සතියේ වහාම ක්‍රියාත්මක වූ සජිත්, සිය නීතිඥ මණ්ඩලය සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස ඔවුන්ට දනුම් දීමට පියවර ගෙන තිබිණි. එහිදී සජිත් ඔවුන්ට අවධාරණය කර තිබුණේ ජනාධිපතිවරණය ජයගත් වහා මෙම වංචනිකයන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසටය.

අනුරගේ පැත්තෙන්ද අපට ලැබෙමින් පවතින තොරතුරුවලින් කියැවෙන්නේ මෙම ලිපිගොනු සම්බන්ධයෙන් මාලිමාව ඇතුළේද දීර්ඝ සාකච්ඡාවක් සිදුව ඇති බවකි. ඒ අනුව මාලිමාව ජයග්‍රහණය කළහොත් ඒ පැත්තෙන්ද නඩුකර 10කට වඩා අධිකරණය හමුවට ඉදිරිපත් වීමේ ඉඩකඩක් ඇති බව දැනගන්නට ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පැමිණිලි නගින්න පටන්ගනී! Sri Lanka Latest News

Next Post

‘Eco Label : විශිෂ්ට පරිවර්තනීය වෙනසක් සඳහා සම්බන්ධ වන්න’ පිළිබඳ විද්වත් කතිකාව!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.