ජනාධිපතිවරණයට අදාළව පසුගිය ජූලි 03 වැනිදා සිට අගෝස්තු 27 වැනිදා දක්වා කාලය තුළදී මැතිවරණ නීති කඩකිරීමේ සිද්ධීන් 1,229ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවැසීය.
අදාළ පැමිණිලි අතරින් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 520ක්ද, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට 709ක්ද ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ නිලධාරියකු පැවැසීය.
ඒ අතර වෙනත් පැමිණිලි 53ක්ද තිබේ.
මේ අතර, පැෆ්රල් සංවිධානය වෙත ලැබෙන පැමිණිලි අතරින් වැඩි කොටසක් මැතිවරණ කොමිසමට යොමුකර තිබිණි.
ප්‍රේමලාල් විජේරත්න