කොරෝනා වයිරසය හේතුවෙන් දැනට වැඩ නවතා දමා ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වහාම ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙතට උපදෙස් දී තිබේ.
ඊයේ (11) නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවැති සාකච්ජාවකදී ජනාධීපතිවරයා මේ බව අවධාරණය කර ඇත.
ඒ අනුව රජය මගින් ඉදිකිරීම් ආරම්භ කොට තිබූ සියලු නිවාස ව්‍යාපෘති, මහාමාර්ග, වරාය ව්‍යාපෘති ආදිය වහාම වැඩ නිම කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙසේය.












