රජය විසින් ගමනාගමන සීමාවන් ඉදිරියේදී ලිහිල් කළද ගනුදෙනුකරුවන්ට ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීමට මග පාදමින් කොමර්ෂල් බැංකුව සිය අන්තර්ජාල බැංකුකරණ පද්ධතියෙන් ගනුදෙනු කිරීමට සහ බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ගිණුම විවෘත කිරීම සඳහා ලබාදුන් ස්වයං ලියාපදිංචි වීමේ අවස්ථාව නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබේ.
මේ අතර, ගනුදෙනුකරුවන් නිවෙස්වල ආරක්ෂාකාරී අයුරින් රැඳී සිටිමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසට ගෙන්වා ගැනීමේදී වට්ටම් සහ සහන ලබාදීමට බැංකුව Uber සහ PickMe යන ඇප් සේවාවන් සමගද ඒකාබද්ධ වී ඇත. මෙම අසීරු අවස්ථාවේදී බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සහ පහසුව සඳහා බැංකුව සිය සමාජ මාධ්‍ය නාලිකා, ඩිජිටල් මාධ්‍ය නාලිකා මෙන්ම ඒකාබද්ධ සන්නිවේදන මධ්‍යස්ථාන මගින් අඛණ්ඩවම සහයෝගය දක්වයි.
බැංකුව විසින් මේ වසරේ මාර්තු මාසයේදී සිය අන්තර්ජාල බැංකුකරණ පද්ධතියට ප්‍රවේශවීමටත් ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම් විවෘත කිරීමටත් අවස්ථාව ස්වයං ලියාපදිංචිය මගින් ලබාදී ඇත.










