රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපා දැමීමට කිසිසේත්ම කටයුතු නොකරන ලෙසත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි රාජ්‍ය සේවකයන් තැබූ විශ්වාසය කඩ නොකරන ලෙසත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට දැනුම් දීමක් කර තිබේ.
රාජ්‍ය වියදම් පාලනය කිරීමට අවශ්‍ය නම් මේ මොහොතේ අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි අනවශ්‍ය කරුණුවලට මුදල් වෙන් නොකර එවැනි අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙසත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට දැනුම් දී ඇත.
එමෙන්ම තවදුරටත් අවශ්‍ය නම් කඩිමුඩියේ පැවැත්වීමට සූදානම් කරන මැතිවරණය නොපවත්වා ඒ වෙනුවෙන් වැය කිරීමට සූදානම් කර ඇති මුදල්ද මේ වෙනුවෙන් යොදාගන්නා ලෙස හිටපු විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.










